හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කාලයකට පසු යළිත් වතාවක් මාධ්‍ය හමුවක් පවත්වමින් රටේ ආර්ථික තත්ත්වය පිළිබදව විග්‍රහයක් සිදු කළේය.Sri Lanka Latest News
එහිදී හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ 2028 සිට යළි ණය ගෙවිමට නම් මේ වසරේ විදේශ සංචිත ඩොලර් බිලියන 8ක් දක්වා ඉහළ ගොස් තිබිය යුතු බවකි.
ඉකුත් සමයේ රනිල් වික්‍රමසිංහ මහතාට බැදුම්කර වංචාව සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල කළ බන්දුල ගුණවර්ධන මහතා පසුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා බවට පත්කිරීමට ඡන්දය ප්‍රකාශ කළ අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක් දැරීමටද කටයුතු කළේය.










