පදියතලාව ප්‍රාදේශීය සභාවේ අයවැය ජාතික ජන බලවේගය පරාජයට පත්ව තිබේ.Sri Lanka Latest News
ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර රාජපක්ෂ මහතා විසින් අයවැය ලේඛනය ඉදිරිපත් කළ අතර, එහිදී අයවැය ලේඛනයට පක්ෂව ඡන්ද 08 සහ විපක්ෂව ඡන්ද 12ක් හිමිවුණි.
පදියතලාව ප්‍රාදේශීය සභාවේ සම්පූර්ණ සභික සංඛ්‍යාව 20 කි.
මේ අතර, තණමල්විල ප්‍රාදේශීය සභාවේ අයවැයට පක්ෂව ඡන්ද 17ක් සහ විපක්ෂව 17ක් හිමිවුණි.
පසුව සභාපතිවරයාගේ ඡන්දය ද ලබාගැනීමට සිදුවුයේ ඡන්ද ප්‍රකාශ කිරීම සමවීම හේතුවෙනි.
ඒ අනුව සභාපතිවරයාගේ ඡන්දය හිමිවීමෙන් පසු ජාතික ජන බලවේගය තණමල්විල ප්‍රාදේශීය සභා අයවැය ජයග්‍රහණය කළේය.










