• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘සමාජ මාධ්‍ය පාව්චිචි කිරීමේ නිදහස සීමාවේවි!’ ඔන්ලයින් පනත ගැන දැනුවත් 56%ක් සිය මතය ප්‍රකාශ කරයි! පනත ගැන දන්නෙත් 34%යි! වෙරිටේ රිසර්ච් අලුත්ම සමීක්ෂණ ප්‍රතිපලය මෙන්න! Sri Lanka Latest News

November 27, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වෙරිටේ රිසර්ච් සිදුකරන ලද සමීක්ෂණයක දී, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පණත ගැන තමන් දන්නා බව පැවසූ 56% දෙනෙක්, එම පණත නිසා සමාජ මාධ්‍ය භාවිතා කිරීමේ නිදහස සීමා වනු ඇති බවත් කියා ඇත.Sri Lanka Latest News

මෙම පණත සම්බන්ධයෙන් ඇසූ ‘සමාජ මාධ්‍ය තුළ හැසිරීම නියාමනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. ඔබ ඒ ගැන දන්නවාද?’ යන පැනයට සමීක්ෂණයට සහභාගීවූවන්ගෙන් තුනෙන් එකක් (34%) ‘ඔව්’ යැයි පිළිතුරු දී, තිබේ.

එසේ ‘ඔව්’ යැයි පිළිතුරු ලබාදුන් අයගෙන් 56%ක් ‘සමාජ මාධ්‍ය භාවිතයට ඇති නිදහසත් ඉන් අඩුවෙයි’ යැයි කියා ඇත.

‘එයින් වැඩි වෙනසක් සිදුනොවේ’ යැයි 25%ක් කියා ඇත. 19% දෙනෙක් කියා ඇත්තේ ‘සමාජ මාධ්‍ය අවභාවිතා වීම ඉන් අඩුවනු’ ඇති බවය.

පණත ගැන

ගෙවුණු සැප්තැම්බර් මස 18 වෙනිදා ගැසට් කෙරුණු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පණත, පසුගිය ඔක්තෝබර් මස 3 වැනිදා පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සිදුවිය. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාවක් පිහිටුවීම මින් අරමුණු කෙරෙන අතර, එයට සුවිශේෂී බලතල සහ කර්තව්‍යයන් පණතින් හිමිකර දී, ඇත.

පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් පණත සම්මත කරගැනීමට එහි සඳහන් වගන්ති 31ක් සංශෝධනය විය යුතුයැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. පණත දැනට පවත්නා තත්ත්වයෙන්ම සම්මත කරගැනීමට නම් එයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයක අනුමැතිය අවැසි ය.

සමීක්ෂණ ක්‍රමවේදය

ඉහත දක්වා ඇති සොයාගැනීම් දීප ව්‍යාප්ත, ජාතික වශයෙන් නියෝජනය වන ශ්‍රී ලංකා වැඩිහිටි පුරවැසියන් 1029 දෙනෙකුගේ ප්‍රතිචාර මත පදනම් වේ. 2023 ඔක්තෝබර් මාසයේ සිදුකර ඇති මෙම සමීක්ෂණයේ නියැදිය සහ ක්‍රමවේදය සැළසුම් කර ඇත්තේ 95% විශ්වාසනීය මට්ටමක් සහ උපරිම වැරදි ආභිතය ±3% මට්ටමක පැවතෙන පරිදි ය.

මෙම සමීක්ෂණය වෙරිටේ රිසර්ච් සහ ජනමත විමසුමට දත්ත එකතු කිරීමට සහාය ලබාදෙන වෑන්ගාර්ඩ් සර්වේ (පෞද්ගලික) ආයතනය එක්ව සිදුකරන syndicated surveys නම් දීප ව්‍යාප්ත ජනමත විමසුම් සිදුකිරීම් වැඩසටහනේ කොටසක් වේ.

syndicated surveys හරහා විවිධ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුරවැසියන්ගේ මතය විමසා බැලීමට වෙනත් සංවිධානවලට ද, අවස්ථාව ඇත.

SendShareShare
Previous Post

පොලොන්නරුවෙන් අල්ලපු කෝටි ගණනක් වටිනා හොර ජිප් එක ඇමැති රොෂාන් රණසිංහගේද? මෙන්න මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කරපු චෝදනාව! පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දීපු උත්තරේත් මෙන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

‘ඔක්කොම කඩලා කුඩු කරනවා හරිද දැනගනියව්..’! ගුවන් යානා ප්‍රමාදයකින් කටුනායක ගුවන් තොට උණුසුම් වෙයි! ‘උදේ ඉඳන් පැය ගාණක් කාලත් නෑ බොල අපි..!’ VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Load More
ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

අපි කවුරුත් දන්න දෙයක් තමයි සුනාමියක් එන්නේ මුහුදු පතුලේ සිදුවන භූමිකම්පාවකින් කියලා. ඒත් පසුගිය දවසක මම ලොස් ඇලමොස් (ඛදි ්ක්පදි)...

Read more
හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.