• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දූෂණය නැවැත්තුවා කියලා විතරක් රට රොකට් එකක් වගේ උඩ යන්නේ නෑ! ඒකට ලෝකයත් එක්ක යන වැඩපිළිවෙළක් ති‌යෙන්න ඕනේ! මේ දෙකම එකට වෙන්න ඕනේ! අපේ ‘බ්ලූ ප්‍රින්ට්’ එකේ තියෙන්නේ ඕකයි! හර්ෂ සජබ ආණ්ඩුවකින් දූෂණයත් නැති කරලා රටත් ගොඩ දාන හැටි පෙන්නලා දෙයි! VIDEO I Sri Lanka Latest News

December 4, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
තහනම මැද්දේ අදත් සජිත් පාර්ලිමේන්තු මුදල් කමිටුවට යන්න තීන්දු කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දූෂණය නැවැත්වූ පමණින් රට ගොඩනැංවිය නොහැකි බවත්, ලෝකය සමග ඉදිරියට යන වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් සජබ ආර්ථික විශේෂඥ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.Sri Lanka Latest News

අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා සදහන් කර සිටියේ සජබ ආර්ථික ප්‍රතිපත්තිය වූ බ්ලූ ප්‍රින්ට් එක මගින් රටට එළිදැක්වූයේ එම ප්‍රතිපත්තිය බවය.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමට සහ නිෂ්පාදන ආර්ථිකය හරහා ලෝක වෙලඳපොල තරණය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ මූලික සංකල්පය මත සමගි ජනබලවේගය කටයුතු කරන බවත් හර්ෂ ද සිල්වා මහතා කීය.

රටට ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය වන බවත් ණය ප්‍රතිව්‍යහගතකරණයෙන් තොරව රටට ගමන් කිරීමට හැකියාවක් නැති බවත් රට ගැන හිතනවනම් ණය ප්‍රතිව්‍යහගතකරණ ක්‍රියාවලිය ඉදිරියට රැගනෙ යාමට සිදුවන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.

  ‘‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලංකාවට ලබාදෙන දෙවැනි වාරිකය ලබාදීම පිළිබඳ සාකච්ඡාවක් ලබන සතියේ පැවැත්වීමට නියමිතයි. එම ණය වාරිකය ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. නමුත් ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ගැටලු මතුවීමට ඉඩකඩ තිබෙනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න පැරිස් ක්ලබ් සහ ඉන්දියාව එකඟවුණා කියලා රජය ප්‍රකාශ කරනවා. ඒ වගේම චීනයේ එක්සීන් බැංකුව සමඟ ලංකා රජය එකගවෙලා තිබෙනවා චීනයට ගෙවන්න තිබෙන ඩොලර් මිලියන 5.8 ක මුදලක් ප්‍රතිව්‍යුහගතකරණය කරන්න. ලංකාව අනෙකුත් ණය හිමියන් සමඟ ඇතිකරගෙන තිබෙන එකඟතා පිළිබඳ විනිවිදභාවයක් අවශ්‍යවන බවත් මෙම පිරිස් ප්‍රකාශ කරලා තිබෙනවා.

කුමන දේශපාලන පක්ෂයක් නියෝජනය කළත් අපට වැදගත් වන්නේ මේ රටයි. ශ්‍රේෂ්ඨාධිකරණයට අනුව රට බංකොලොත් වෙන විදිහේ තීන්දු තීරණ අරගෙන තිබෙන්නේ රාජපක්ෂ පවුල සහ ඔවුන් සමග සිටි කණ්ඩායම. 1994 දිවන්ගත ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ආරම්භ කළ අපනයන ක්ශ්‍රේත්‍රය පිළිබඳ අවධානය යොමු නොකර ආනයන ආදේශ ගෙන ඒම මගින් රටේ අපනයන ආදායම අඩුවුණා. ලංකාව වැටුණු ප්‍රපාතයෙන් ගොඩ ඒමට රජය යම් යම් එකඟතාවලට පැමිණිය යුතුයි. මේ එකගතා සියල්ල බැඳි පවතින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟයි.

රටට ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය වෙන්නේ නෑ කියලා බොහෝ දෙනෙක් කියනවා. ඔවුන් කියන්නේ චීනය ඉන්දියාව සමඟ කතාකරලා ණය ගෙවාගෙන ඉදිරියට යන එක බවයි. එකගත්වයෙන් තොරව සහ ණය ප්‍රතිව්‍යහගතකරණයෙන් තොරව රටට ගමන් කිරීමට හැකියාවක් නෑ. රට ගැන හිතනවනම් ණය ප්‍රතිව්‍යහගතකරණ ක්‍රියාවලිය ඉදිරියට රැගනෙ යන්න සිදුවෙනවා.

ආචාර්ය මොන්ටෙක් සිං අලුවාලියා මහතා ලංකාවට පසුගියදා පැමිණියා. ඔහු තමයි 1991 දී ඉන්දියාවේ ආර්ථිකය බිංදුවට වැටුණ වෙලාවේ ඉන්දියාවේ ආර්ථිකය ප්‍රතිව්‍යහගතකරණය කරන්න වැඩකරපු පුද්ගලයා. දේශපාලන හේතුන් මත ආණ්ඩු මාරු වුණාට ඉන්දියාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල දිගටම අරගෙන ගිහින් තිබෙනවා. ඒ නිසා ඉන්දියාව සීඝ්‍රයෙන් දියුණුවෙන රටක් බවට පත්වෙලා තිබෙන්නේ.

ලංකාව ගොඩ ගන්න ආනයන ආදේශවලින් සිදුකරන්න බෑ. අපිට අවශ්‍ය වන්නේ රට ලෝකයට එකතු කරන්න. ඒ සඳහා අපනයන පිළිබඳව දැඩි අවදානය යොමු කළ යුතුයි. අපේ මතය වන්නේ ලෝකයට සම්බන්ධ වී ලෝක වෙළද පොල තරතය කරන්න ලෝකයේ රටවල් සමඟ සබඳතා ඇති කරගැනීමයි. මේය කරන්න දැවැන්ත ආර්ථික ප්‍රතිසංස්කරණ කළ යුතුව තිබෙනවා. නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන්න අවශ්‍යයි ඒ නිෂ්පාදන ආර්ථිකය හරහා ලෝක වෙලඳපොල තරණය කළ යුතුයි මේ මූලික සංකල්පය මත සමගි ජනබලවේගය කටයුතු කරන්නේ.

ලංකාවේ තිබෙන බරපතලම ප්‍රශ්නයක් තමයි ඉතිරිකිරිම් අඩුවීම. ඉතිරි කිරීම අඩුයි කියන්නේ ආයෝජනය කරන්න මුදල් නෑ කියන කාරණය. ලංකාවට ව්‍යවසායකත්වය තිබෙනවා. නමුත් ව්‍යවසායකයන්ට ගොඩ එන්න අවශ්‍ය ප්‍රග් ධනය නෑ. ප්‍රාග්ධනය ලබාදෙන්න විදෙස් ආයෝජන ලබාගන්න සිදුවෙනවා. ලංකාවට විදෙස් ආයෝජන ලබාගන්න විදෙස් ආයෝජකයන්ගේ මූල්‍ය වෙළඳපොලවල් පිළිබඳ තිබෙන විශ්වාසය ගොඩනැගෙන්න ඕන. දැනටමත් ඒ විශ්වාසය බිඳවැටිලා තිබෙනවා. ඒ හරහා නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන්න බෑ. නිෂ්පාදන ආර්ථිකය ගොඩ අරගෙන ඒ හරහා ආයෝජකයෝ බලාපොරොත්තු වෙන්නේ ජාත්‍යන්තර වෙළදපළේ කොටසක් පමණක් අල්ලා ගන්න නෙවෙයි. නිෂ්පාදන ආර්ථිකය හරහා ලෝක වෙලඳපොල තරණය කරලා රටේ සාමාන්‍ය පුද්ගලයින්ට හොද වැටුපක් ලැබෙන හොද රැකියාවක් කරන්න පුලුවන් අවස්ථා නිර්මාණය කරන්න තමයි අපි උත්සහ කරන්නේ.

වෙළඳපොල හරියාකාරව නියාමනය කරගෙන බදු සාධාරණ ආකාරයට පනවලා රට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩගන්නේ කොහොමද කියලා තමයි බැලිය යුත්තේ. සමාජ වෙළඳපොල ආර්ථිකයක් නිර්මාණය කිරිම තමයි සමගි ජනබලවේගයේ අරමුණ වෙන්නේ. යහපාලන ආණ්ඩුව සමයේ ආරම්භ කළ ‘ශක්ති සහල් ව්‍යාපාරය‘ හරහා අපිට හැකිවුණා කුඩා සහල් මෝල් හිමියන් සහ ගොවියන් එකතු කරගෙන කිව්ආර් කෝඩ් එකක් ගහලා වෙළඳ සන්නාමය හරහා වෙළඳපොල අල්ලා ගැනීමට හැකිවුණා. වර්තාමන පාලකයන් ඒක වෙනස් කරලා දැම්මා. ‘‘

=======================================

සමගි ජනබලවේග ආණ්ඩුවක් තුළින් බදු ප්‍රතිපත්තිය සංශෝධනය කරලා ජනතාවට සහනයක් දෙන්න පුලුවන් කියනා ඔබතුමාලා හිතනවද?

බදු ප්‍රතිපත්තියේ සමාජ සාධාරණත්වයක් තිබිය යුතුයි. උපයන විට ගෙවන බද්ද වෙනස් කරන්නේ කොහොමද කියලා ඉදිරිපත් කළේ සමගි ජනබලවේගය. රුපියල් බිලියන 100 ක් උපයන විට ගෙවන බද්ද හරහා හොයාගන්න සියයට 36 ක බද්දක් අය කළ යුතු නැති බවත් සියයට 24 ක බද්දත් අයකළත් ඒ අදායම රජයට හොයා ගන්න පුලුවන්. සියයට 36 ක උපයන විට ගෙවන බද්ද හරහා ආණ්ඩුය මේ වසරේදී බිලියන 150 ක් එකතු කර ගන්නවා. මේ බද්ධ අය කරන්නේ රටේ වැඩකරන මැද පන්තියේ සේවකයින්ගෙන්. බදු ප්‍රතිපත්තිය සංශෝධනය කළ යුතු විකල්ප අපි ඉදිරිපත් කරලා තිබෙනවා. අපිට පුලුවන් බදු ප්‍රතිපත්තියේ සංශෝධනය කරලා සාධාරනත්වයක් ගොඩනගා ගන්න.

ප්‍රශ්නය – රජයේ සේවයන්ට ලබාදෙනවා කිව්ව 5000 ක මුදල රජයට දෙන්න පුලුවන් වෙයිද?

පිළිතුර – ඒක රජයට කරන්න පුලුවන්. රජය සතුව තිබෙන අරමුදලකින් බිලියන 133 ක් වෙන් කරලා තිබුණා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න. ඒක ජනාධිපතිවරයා අයවැයේදී අලුත් දෙයක් ලෙස පෙන්වන්න ඕන නිසා තමයි කලින් වැටුප් වලට එකතු කළේ නැත්තේ. ඒක ඕනම ආණ්ඩුවක් සිදුකරන වැඩක්. වැටුප් වැඩිකළාට ඒක ජනතාවට දැනෙන්නේ නෑ. එදා සාමාන්‍ය පවුලකට ජීවත් වෙන්න ගියේ රුපියල් 90,000 ක්. අද සාමාන්‍ය පවුලකට ජීවත් වෙන්න රුපියල් 175,000 ක් යනවා. ජීවන වියදම දෙගුණයක් වෙලා තිබෙනවා. අද සහ එදා තිබෙන ආර්ථික සමතුලිතතාවයේ විශාල වෙනසක් තිබෙනවා. ලක්ෂ 30 ක් දුප්පත් ප්‍රජාව ලක්ෂ 70 දක්වා වැඩිවෙලා. ගෝඨාභය අවුරුදු 9 කින් රට පස්සට ගෙනිච්චා. රට ගොඩගන්න අවුරුදු 9 ක් ඉස්සරට එන්න ඕන. ජාත්‍යන්තරය සමඟ තරඟකළ හැකි කාර්යක්ෂමතාව තිබෙන තරඟකාරී ආර්ථිකයක් නිර්මාණය කළ යුතුයි. එහෙම කරන්නේ නැතිව අපිට දිනන්න බෑ.

SendShareShare
Previous Post

බුද්ධි අංශයෙන් විශේෂ වාර්තාවක්! ශානි අබේසේකරව හප්පා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්! නීතිපති අධිකරණයට දැනුම් දෙයි! ආරක්ෂාව දෙන්න කියලා කරපු නියෝගයවත් ගණන් අරන් නෑ! I Sri Lanka Latest News

Next Post

ක්‍රිකට් හදන වැඩපිළිවෙළ හරීන් පාර්ලිමේන්තුවේදී එළියට දමයි! අලුතින් තනතුරුවලට පත් කළ නියෝජිතයන් ගැනත් කියයි! ‌ෂම්මිට වුවමනා කෙනෙක්ද ඇමැති වුණේ? චෝදනාවලට උත්තරත් දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.