• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බුද්ධි අංශයෙන් විශේෂ වාර්තාවක්! ශානි අබේසේකරව හප්පා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්! නීතිපති අධිකරණයට දැනුම් දෙයි! ආරක්ෂාව දෙන්න කියලා කරපු නියෝගයවත් ගණන් අරන් නෑ! I Sri Lanka Latest News

December 4, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ශානිගේ වාහනයට වෙඩි තියයි! හොයාගෙන තියෙන්නේ මාර විදිහකට! ආයෙමත් ජීවිත තර්ජනයක්ද?
Share on WhatsAppShare on Facebook

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ [CID] හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ගමන් ගන්නා අවස්ථාවකදී රිය අනතුරකට ලක් කොට ඔහු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට බුද්ධි අංශ මගින් තොරතුරු අනාවරණය කර ඇතැයි නීතිපතිවරයා විසින් අද (දෙසැම්බර් 04 වැනිදා) අභියාචනාධිකරණය හමුවේ දැනුම් දෙනු ලැබීය.Sri Lanka Latest News

ජීවිත තර්ජනයකට මුහුණපා සිටින තමන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශානි අබේසේකර විසින් ගොනුකළ රිට් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මෙම දැනුම කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබුණි.

ශානි අබේසේකරට එල්ල වී තිබෙන තර්ජනවල ස්වභාවය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය මීට පෙර වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වෙත නියෝගයක් නිකුත් කර තිබුණි.

ශානි අබේසේකරට බරපතළ තර්ජනයක්

අදාළ පෙත්සම අධිකරණය හමුවේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කාර ශානි අබේසේකරට එල්ල වී තිබෙන තර්ජනවල ස්වභාවය දැක්වෙන වාර්තාවක් වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ බුද්ධි අංශය විසින් ඒවා ඇති බව සඳහන් කළේය.

එම වාර්තාවට අනුව පෙත්සම්කාර ශානි අබේසේකරට බරපතළ තර්ජනයක් පවතින බව අනාවරණය කර ඇති බවත් ඔහු ගමන් ගන්නා අවස්ථාවකදී රිය අනතුරකට ලක් කොට ඔහු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව එම බුද්ධි අංශ වාර්තාවේ සඳහන් කර ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.

මෙහිදී පෙත්සම්කාර ශානි අබේසේකර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට ලබාදී ඇති ආරක්ෂාව පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව කියා සිටියේය.

පැරණි යතුරුපැදියක් හා පොලිස් නිලධාරීන් තුන් දෙනෙකු පමණක් ඔහුගේ ආරක්ෂාවට යොදවා ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය පෙත්සම්කරුට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය විසින් පොලිස්පති වෙත නියෝගයක් නිකුත් කර තිබුණත් එය මේ දක්වා ඉටුවී නොමැති බවටත් චෝදනා කළේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සම සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කිරීම සඳහා එය ලබන 14 වැනිදා කැඳවන ලෙසත් නියෝග කරනු ලැබීය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන්, වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය ඇතුළු පිරිසක් නම් කර ඇත.

BBC සිංහල

SendShareShare
Previous Post

පට්ටපල් බොරුවක් සජිත් ගැන එකම විදිහට ඉරිදා පත්තර දෙකක පළ කරපු ‘අතේ රෝලක්’ සජබ මහලේකම් ලිපියකින් දැනුම් දෙයි! බොරු ප්‍රවෘත්තියට දුන්න ප්‍රසිද්ධියම මේ නිවේදනයටත් ලබා දෙන්න! මද්දුමබණ්ඩාර ඉල්ලයි! I Sri Lanka Latest News

Next Post

දූෂණය නැවැත්තුවා කියලා විතරක් රට රොකට් එකක් වගේ උඩ යන්නේ නෑ! ඒකට ලෝකයත් එක්ක යන වැඩපිළිවෙළක් ති‌යෙන්න ඕනේ! මේ දෙකම එකට වෙන්න ඕනේ! අපේ ‘බ්ලූ ප්‍රින්ට්’ එකේ තියෙන්නේ ඕකයි! හර්ෂ සජබ ආණ්ඩුවකින් දූෂණයත් නැති කරලා රටත් ගොඩ දාන හැටි පෙන්නලා දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.