• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශපාලන ගේම්-ඩීල් දැන් මුලු රටම ප්‍රතික්ෂේප කරනවා! ඉදිරියේදී මේ චෞර වළල්ලම එකට තියා පරද්දනවා! ගෝඨා-රනිල් ආණ්ඩුවේ තනතුරු නොගන්නා හේතුව හර්ෂ පැහැදිලි කරයි!

May 12, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
දේශපාලන ගේම්-ඩීල් දැන් මුලු රටම ප්‍රතික්ෂේප කරනවා! ඉදිරියේදී මේ චෞර වළල්ලම එකට තියා පරද්දනවා! ගෝඨා-රනිල් ආණ්ඩුවේ තනතුරු නොගන්නා හේතුව හර්ෂ පැහැදිලි කරයි!
Share on WhatsAppShare on Facebook

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අලුත් ආණ්ඩුවේ තමන් තනතුරු නොගන්නා හේතුව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දී ඇත.

එම සටහන මෙසේය.

මා ජනතා මතයෙන් පිට හදන අලුත් පාලනයට එක් නොවන්නේ ඇයි?

ජනමතයට විරුද්ධව හැදීමට යන අලුත් පාලනයට මා එක් නොවන්නේ ඇයිදැයි බොහෝ දෙනෙකු ප්‍රශ්න කරන නිසා මෙම පැහැදිලි කිරීම කරමි.

මෙහිදී, වර්තමාන ආර්ථික සහ දේශපාලන අර්බුදය ඇතිවූයේ කෙසේදැයි කෙටියෙන් සඳහන් කළ යුතුය.

මෙම අර්බුදයට ප්‍රධානතම හේතුවක් වන්නේ මෙරට තිබෙන ජරාජීර්ණ වූ දේශපාලන සංස්කෘතිය සහ වත්මන් ගෝඨා ආණ්ඩුවේ අමනෝඥ තීරණ සහ උද්ධච්ඡ කමයි.

රට ගැන හිතනවාට වඩා, ආර්ථික වැඩපිළිවෙළක් සහ ප්‍රතිපත්තියක් ගැන හිතනවාට වඩා බලයට කෑදරකමින් බලය සහ වරප්‍රසාද ඩැහැගන්නා ගේම් දේශපාලනය දැන් මෙරට දේශපාලන සංස්කෘතියයි.

මොවුන් තට්ටු මාරු ක්‍රමයට මේ බලය විවිධ සරුවපිත්තල කතා කියමින් ඩැහැගන්නවා විනා කරන දෙයක් නොමැත.

මා දේශපාලනඥයෙකු වූයේ රැකියාවක් නැති නිසා නොවේ. ශ්‍රී ලංකාව කෙදිනක හෝ ලෝකයේ බබලන රටක් බවට පත්කිරීමට මාගේ උපරිම දායකත්වය ලබාදීම මාගේ අරමුණයි. ඒ වෙනුවෙන් අන්කවරදාකටත් වඩා ස්වර්ණමය අවස්ථාවක් උදාවී ඇතැයි මා සිතමි.

තරුණ පරම්පරාව ගතානුගතික දේශපාලන වහල් බැමි බිඳ දමා නැගී සිටිමින් ඇත. ඔවුන් ඉල්ලා සිටින්නේ වංකත්වයෙන්, වංචා දූෂණ වලින් දේශපාලන ඩීල් වලින් තොර සැබෑ ලෙස රටට ආදරය කරන දේශපාලන සංස්කෘතියකුයි. එය අප සමාජ ක්‍රමයේ විප්ලවීය හැරවුමකි. ඒ තුළින් මේ රට නැවුම් මාවතකට හරවා රට දිනවිය හැකියැයි මා තරයේ විශ්වාස කරමි.

මේ නිසා, හෘද සාක්ෂියට එකඟව මේ ජන රැල්ල මට පාවාදිය නොහැකිය.

මට මුදල් අමාත්‍යවරයා වන්නැයි බොහෝ ඉල්ලීම් පැමිණියද මා එයට අවනත නොවුණෙමි.

ජනතාව ඉල්ලන්නේ මෙවැනි දේශපාලන ගේමක් නොවේ. පවුලක බලය රැක දීමට, ඔවුන්ගේ අනාගතය සුරැකීමට, බලයට කෑදර වුන් පිනවීමට හදන ආණ්ඩුවක තනතුරු ලබාගැනීමට වඩා ගෙදර යන එක මට සැපයකි.

ජනාධිපතිවරයා කළ යුතුව තිබෙන්නේ සැබෑ ලෙස රට ගොඩගත හැකි ජනතාව පතන වෙනසට අවස්ථාව ලබාදීමයි.

ඒ සඳහා අපි සාකච්ඡා කළ අතර ඒවාට ජනාධිපතිවරයා එකඟවූයේ නැත.

ජනතාව ප්‍රතික්ෂේප කළ බල කඳවුරු ආරක්ෂා කිරීමට වඩා කළ යුත්තේ ඒවා පුපුරවා දැමීම යැයි මා තරයේ සිතමි.

කිසිදු වැඩපිළිවෙළක් නැති, කිසිදු ආර්ථික දැක්මක් නැති, කුඩා කණ්ඩායමක බලය රැක ගැනීමට හැදූ ඇහින්දාස් ආණ්ඩුවක තනතුරු ප්‍රතික්ෂේප කරමින් මා ජනතාවගේ පැත්තේ සිට ගන්නේ ඒ නිසාවෙනි.

මා කිසිදිනෙක පුද්ගලික වාසිය සඳහා ප්‍රතිපත්ති පාවා දීමට සූදානම් නැත.

මුළු රටේම ජනතාව පක්ෂ පාට, ජාති, ආගම් බේදයකින් තොරව ඉල්ලා සිටින්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉවත්වන ලෙස වන අතර එම අරගල මේ දේශපාලන ඩීල් වලින් යට ගැසිය නොහැක.

ඉදිරියේදී මේ චෞර වලල්ල එකට තබා පරදවන මහා ජන රැල්ලේ කොටස් කරුවෙකු වීමට මා ඉදිරියට පැමිණෙමි.

දේශපාලන ගේම් වලින් රට මුදාගෙන යහපත් රටක් හදමු.

SendShareShare
Previous Post

රනිල්ගෙ පත්වීමත් සමග අරගල භූමිය උණුසුම් වෙයි! පළමු විරෝධතාව! පා ගමනක් අරඹයි! (VIDEO)

Next Post

රනිල් කලින් හිටපු එක්කෙනාවම ලේකම් කරයි!

MORE NEWS

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

Load More
පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News
Heart

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

මේ දවස්වල ජනප්‍රිය ටෙලි සහ සිනමා නිළි නෙත්මි රොෂෙල් ගැන හැමෝම වගේ කතාබහ කරනවා. ඒ සුවිශේෂ කතාබහට හේතුපාඨ වෙලා තියෙන...

Read more
ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.