• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හංසනී උඩ තට්ටුවෙන් වැටුණා! චාමික බස් එකෙන් වැටුණා! පණ නම් තණ අග පිණි බිඳු වැන්නේ! පින නම් නොපමාවම කරගන්නේ! Sri Lanka Latest News

October 19, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

දරුවෝ ඉපදුණු දවසේ ඉඳලා දුක් මහන්සි වෙලා ලොකුමහත් කරපු තමන්ගේ දරුවන්ට විපතක් සිදුවුණාම අසරණ වන්නේ, ජීවිත කාලෙම හදවතින් මැරි මැරී ඉපදෙන්නේ අම්මලා තාත්තලායි. ඒ වගේ කම්පනයක් මවුපියන්ට උරුම කරමින් ආදරණීය දියණියක් මෙලොවින් සමුගත්ත සිදුවීමක් පසුගිය දවසක අපට අසන්න ලබුණේ බත්තරමුල්ලේ සම්පත් පෙදෙසේ නිවෙසකින්. ඇයගේ නම හංසනී භාග්‍යා ජයතිලක. පදිංචි වෙලා හිටියේ නිවිතිගල ගාල්ලගේ මණ්ඩිය ප්‍රදේශයේ. නමුත් උපන් ගම වූ රත්නපුර නිවිතිගල ප්‍රදේශයේ සිට ඇය රැකියාව කළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උදේ සවස යෑමට ඒමට නොහැකි නිසා ඇය බත්තරමුල්ලේ සම්පත් පෙදෙසේ බෝඩිමක නවාතැන් ගැනීමටයි කටයුතු කර තිබුණේ. හංසනී සහ මිතුරියක් වසර 2කට පෙර ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සේවය කර ඇති අතර, හංසනී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවයට ගොස් තිබුණේ මෑතකදී බවයි වාර්තා වුණේ. බෝඩිම පිහිටි නිවෙස අඩක් වැඩ නිමකළ දෙමහල් නිවසක් වූ අතර එහි උඩුමහලේ කාමරයක ඇය සහ එම මිතුරිය සමග නවාතැන් ගෙන සිටියා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළමනාකාර සහකාරවරියක් ලෙස සේවය කළ හංසනී පසුගිය 11 වැනිදා සේවය නිමවා නවාතැනට පැමිණ තිබුණේ රාත්‍රී ආහාරය පිළියෙල කිරීමට අවශ්‍ය කළමනාද රැගෙනයි. ඒ සවස 6.40ට පමණය. හංසනී බෝඩිමට පැමිණීමට පෙර දුරකතන ඇමතුමක් දී මිතුරියට පවසා තිබුණේ රාත්‍රී ආහාරය සැකසීමට ඉස්සන්ද රැගෙන එන බවයි. (Sri Lanka Latest News)

එලෙස පැමිණි හංසනී තම මිතුරිය නාන කාමරයේ සිටින අතරතුර රාත්‍රී කෑම පිළියෙල කිරීම සඳහා රැගෙන ආ ඉස්සන් පාර්සලය ගෙන සුද්ද කරන්නට වුණා. මේ අතර නාන කාමරයේ සිටි මිතුරියට විශාල ශබ්දයක් සමග කෑගැසීමක් ඇසී අති අතර, ඒ සමගම වහාම ඇය නාන කාමරයෙන් පිටතට පැමිණ අත්තේ ඒ පිළිබඳ විපරම් කිරීමටයි. එලෙස පිටතට පැමිණි මිතුරියට දැකගැනීමට ලැබී ඇත්තේ කිසිවෙක් උඩු මහලේ සිට පහළට ඇද වැටී ඇති බවයි. ඇය කඩිනමින් පහත මහලට දිවගොස් බලන විට දැකගන්නට ලැබී තිබුණේ ඇස් අදහාගැනීමට බැරි සිදුවීමකි. තමන් සමග එකම කාමරයේ වසර ගණනක් ජීවත්වුණු මිතුරිය උඩුමහලෙන් බිමට ඇදවැටී සිටි අයුරු දැකීමෙන් ඇය කම්පනයට පත්ව තිබුණා. හංසනී ඒ අවස්ථාවේ ආහාර පිසීමට සූදානම් කරමින් සිටි ඉස්සන්ද ඒ අවට විසිරී තිබී ඇත. පසුව මිතුරිය නිවෙසේ හිමිකරුට මෙම සිදුවීම පවසා ඇති අතර, ඒ අනුව ඔවුන් සුවසැරිය ගිලන් රථයක් ගෙන්වාගෙන ඇයව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත රැගෙන යෑමට කටයුතු කර තිබුණා.

රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර දින දෙකකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලැබූ හංසනී පසුගිය 13 වැනිදා ඇගේ මවුපියන්ගේ සියලු සිහින බලාපොරොත්තු බොඳකරමින් අවසන් හුස්ම හෙළා තිබිණි.

මෙම සිදුවීම සැලවීත් සමග හංසනීගේ මව හඬා වැලපුණේ දරාගත නොහැකි වේදනාවකිනි.

‘අනේ කවදා හරි දවසක මගේ දුවට වෙච්ච විපත මේ බෝඩිමට එන තවත් දරුවෙකුට වෙන්න ඉඩ තියන්න එපා…’ ඒ හංසනීගේ මවගේ වචනය.
හංසනීගේ වියෝවෙන් කම්පාවට පත් ඇගේ මිතුරු මිතුරියන් ඔවුන්ගේ සංවේගය ෆේස්බුක් පිටුවක් මත සටහන් කර තිබුණේ මෙලෙසයි.

‘අපේ ප්‍රාර්ථනාවල් එයාගේ ජීවිතේ රැකගන්න තරම් ප්‍රමාණවත් වෙලා තිබුණේ නැහැ… අද උදේ එයා අපිව දාලා යන්නම ගිහින්. හිතාගන්න බෑ සුද්දී ඔයා අපිව දාලා මෙච්චර ඉක්මනට ගියා කියලා… ඔයා ඉක්මනට සනීප වෙලා එනකල් අපි ඔක්කොම බලාගෙන හිටියේ. ලස්සන රෝස මලක් වගේ ඉන්න ඔයාට නිවන් සුව ලැබේවා කියලා කියන්නේ කොහොමද? කිසිම ආත්මයක ඔයාට මෙවන් අකල් මරණයක් සිදු නොවේවා…’

බෝඩිමේ ඇය බිමට ඇදවැටුණු ස්ථානයේ ආරක්ෂිත වැටක්වත් සවිකර තිබී නැති අතර, එහි දියසෙවෙල බැඳී තිබීම හේතුවෙන් ඇය අනපේක්ෂිත ලෙස පය ලිස්සා ඇද වැටෙන්නට ඇති බවටයි පොලිසිය සැක පළකරන්නේ. කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධව තලංගම පොලිසිය පරීක්ෂණ සිදුකරනු ලබනවා.
මෙවැනි තවත් කනගාටුදායක සිදුවීමක් සමාජ මාධ්‍යයෙන් පසුගියදා අපට දැකගන්නට ලැබුණා. හදවත කම්පනයට පත්කරනු ලැබූ එම සිදුවීමේ ඇතැම් දර්ශන දුටු බොහෝ දෙනෙක් එය උපහාසයට ලක්කර ඇති ආකාරයද දැකගන්නට ලැබුණා. ඒ එම සිදුවීම පිටුපස ඇති සත්‍යය නොදන්නා නිසයි.

ආනමඩුව මහඋස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි චාමික ප්‍රභාත් ප්‍රනාන්දු මෝටර් රථ තාක්ෂණ ශිල්පය හදාරමින් සිටි සිසුවෙක්. කාර්මික විද්‍යාලයේදී ඔහු බස් රථයක් අලුත්වැඩියා කළේ තමන් හදාරන මෝටර් රථ තාක්ෂණ ශිල්පීය දැනුම වැඩිදියුණු කරගැනීමේ අදහස ඇතිවයි. එහිදී එම බස් රථය වෙනත් ස්ථානයකට රැගෙන යෑම සඳහා රියැදුරු කටයුතු කර තිබූ අතර ඊට ගොඩවෙන්නට දුවගෙන ආ අවස්ථාවේ චාමිකගේ පය ලිස්සා ඔහු ඇදවැටී තිබුණා. ධාවනය වෙමින් තිබූ බස් රථයට යටවී බරපතළ තුවාල ලබා සිටි චාමිකව වහාම ආනමඩුව රෝහල වෙත රැගෙන යන්නට කටයුතු කර තිබුණද ඒ වනවිටත් ඔහු අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ගොස් තිබුණා.

චාමික මහඋස්වැව රතනපාල ජාතික පාසලෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදී, කාර්මික විද්‍යාලයේ මාස 06ක මෝටර් රථ කාර්මික පුහුණු පාඨමාලාවක් හදාරමින් සිට තිබුණා. එම සය මාසික පාඨමාලාව අවසන් වීමට ඉතිරිව තිබී ඇත්තේ තවත් කෙටි කාලයකි. නමුත් දෛවය චාමිකගේ ජීවිතය අකාරුණික ලෙස බිලිගත්තා.

චාමිකගේ මව රෝගී තත්ත්වයකින් පසුවන කාන්තාවක්. මේ නිසාම කාර්මික විද්‍යාලයට යාමට පෙර නිවෙසේ ආහාර පිසීම පවා සිදුකර තිබුණේ ඔහු විසිනුයි. චාමිකට සිටියේ තවත් බාල සහෝදරයකු පමණයි. ඔහුවද රැකබලා ගත්තේ චාමික විසිනුයි. චාමිකගේ පියා ධීවර රැකියාවක නිරත වූ අතර, ඔවුන්ට ස්ථිර නිවෙසක්ද තිබී නැහැ.

කෙසේ වෙතත්, චාමික කාර්මික විෂයට සුවිශේෂ දක්ෂතා දැක්වූ ශිෂ්‍යයෙක් බවත් ඒ නිසාම මෙම පාඨමාලාව අවසන් වීමෙන් පසු ඔහුට කාර්මික විද්‍යාලයේම රැකියාවක් ලබාදීමට ගුරුවරුන් එකඟවී තිබූ බවත් දැනගන්නට ලැබුණා.

කාර්මික විද්‍යාලයේ සිටි චාමිකගේ මිතුරන්ගේ හදවත් ඔහුගේ වියෝවෙන් කම්පාවට පත්වුණා. රියැදුරු විසින් වගකීමෙන් තොරව බස්රථය පැදවීම මෙම අනතුරට හේතුව වන්නට ඇතැයි බොහෝ දෙනෙකු පවසා සිටියා. සිද්ධිය සම්බන්ධයෙන් බස් රථ රියැදුරුව අත්අඩංගුවට ගෙන තිබුණා. රියැදුරුට මොන දඬුවම දුන්නත් වටිනා තරුණ ජීවිතයක් රටට අහිමි වී අවසානයි.

චාමික සහ හංසනී කියන මේ තරුණ දරුවන් දෙදෙනාගේ ජීවිත අහිමි වීම්වලින් අපි ඉගෙනගත යුතු පාඩම වන්නේ සෑම මොහොතකම කල්පනාකාරීව, මනා සිහියෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත්කමයි. හංසනී ජීවත් වූ බෝඩිමේ අයිතිකරු එම කාමරය කුලියට දීමට පෙර ආරක්ෂිත වැටක් ඉදිකිරීමට කටයුතු කළා නම් අදත් හංසනී ජීවතුන් අතර සිටින්නට තිබුණා. මාසිකව ලැබෙන කුලිය ගැන පමණක් නොසිතා බෝඩිමේ ජීවත්වන්නන්ගේ ආරක්ෂාව ගැන මීට වඩා ඔවුන් සැලකිලිමත් වුණා නම් මෙවැනි කනගාටුදායක සිදුවීමක් සිදු නොවනු ඇත.

ජීවිතවල වටිනාකම මිල කරන්නට බැහැ. ජීවිතයක් නැතිවුණාම ආපහු ලබාගන්න බැහැ. අනාරක්ෂිතව කටයුතු කිරීම නිසා ජීවිතයක් අකාලයේ අහිමි වන්නට එක තත්පරයක් වුණත් ඇති.

අද අපි හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ තරගයක. දවසේ පැය 24 අපේ තරගකාරී ජීවිතයට මදි. ඒ නිසාම අපි කටයුතු කරන්නේ තරගකාරීත්වයට මුල් තැනක් දෙමිනුයි. අපි බොහෝ වෙලාවට බස් රථයක් දුටුවාම එය මඟහැරේ යැයි සිතා එය පසුපස ලුහුබඳිනවා. දුම්රිය මගහැරෙයි කියලා රේල් පාර දිගේ අනාරක්ෂිත ලෙස දිව යනවා. තමන්ගේ ජීවිතය ගැනවත් හතින්නේ නැහැ. ජීවිතයේ වටිනාකම අවබෝධ කරගන්නේ නැහැ. හංසනීටත් චාමිකටත් ඔවුන්ගේ ජීවිත ගමනේ තවත් බොහෝ දුර යන්නට තිබුණා. අනෙකාගේ ජීවිතයට වටිනාකමක් නොදීම නිසාම මෙම වටිනා තරුණ ජීවිත දෙකම අද අපිට අහිමි වෙලා. උපදින මතු භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා කියලා හංසනීටත් චාමිකටත් ‘මව්රට’ වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

මිනිස්සු ආයෙමත් රැවටුණා! පඩි වැඩිවෙන්නෙ නෑ! කෝ නාඩු? මේ ආණ්ඩුවත් ගන්න ණයවලට මොකද වෙන්නේ? හොරකම් කරනවාද? VIDEO I Sri Lanka Latest News

Next Post

රටම කතාකරන මාලිමා ජාතික ලැයිස්තුවේ ඉන්න දෘශ්‍යාබාධිත උපාධිධාරියා එසේ මෙසේ කෙනෙක් නෙවෙයි! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.