ශ්‍රී ලංකාවේ ‘තේ සඳහා නොබෙල් ත්‍යාගය’ හිමි වූ බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසා ඇත්තේ “ගිනස් ලෝක වාර්තාව” සම්බන්ධයෙන් බවත් අමාත්‍යවරයාට වැරදීමකින් එය ප්‍රකාශකර ඇති බවත් අමාත්‍යවරයාගේ කාර්යාලය පවසනවා.Sri Lanka Latest News
අමාත්‍යවරයාගේ කාර්යාලය පැවසුවේ, ශ්‍රී ලංකාව විසින් මෙතෙක් අලෙවි වූ වඩාත්ම මිල අධික තේ සඳහා නිල වශයෙන් ගිනස් වාර්තා සහතිකය ලැබීම ගැන ඇමතිවරයා මෙහිදී අදහස් දක්වමින් සිටි බවයි.
නොබෙල් ත්‍යාගය පිළිබඳ ඔහුගේ සඳහන කතාව අතරතුර සිදු වූ වැරදීමක් බවයි එම අමාත්‍යාංශය පවසන්නේ.
සුවිශේෂී තේ වර්ගයක් මෙතෙක් වාර්තා වූ ඉහළම මිලකට අලෙවි කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා තේ විසින් මෑතකදී ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවනු ලැබුවා.










