මැඩගස්කර ජනරජයේ ජනාධිපති ඇන්ඩ්‍රි රාජොලීනා (Andry Rajoelina) විසින් තම රජය විසුරුවා හරින බව ප්‍රකාශ කර තිබෙනවා.Sri Lanka Latest News
මෙය, දිගුකාලීන ජල හා විදුලි කප්පාදුවලට එරෙහිව තරුණ කණ්ඩායම් විසින් දින ගණනාවක් තිස්සේ මෙහෙයවූ විරෝධතා හේතුවෙන් ගත් තීරණයක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් රාජොලීනා කියා සිටියේ, “රජයේ සාමාජිකයින්ට පවරන ලද කාර්යයන් ඉටු කිරීමට නොහැකි වූයේ නම්, අපි එය පිළිගෙන සමාව අයදිනවා” යනුවෙන්.
විවධ සටන් පාඨය යටතේ, “Gen Z” විරෝධතාකරුවන් පසුගිය බ්‍රහස්පතින්දා සිට මැඩගස්කරයේ නගර පුරා වීදි බැස තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා, නොසන්සුන්තාව මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක අංශ විසින් භාවිතා කළ “අනවශ්‍ය බලය” හෙළා දකිමින් කියා සිටියේ, අවම වශයෙන් පුද්ගලයන් 22 දෙනෙකු මියගොස්, 100 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.
කෙසේ වෙතත්, මැඩගස්කරයේ විදේශ අමාත්‍යාංශය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙම සංඛ්‍යා ප්‍රතික්ෂේප කරමින්, දත්ත “කටකතා හෝ වැරදි තොරතුරු මත පදනම් වූ” ඒවා බවට චෝදනා කර තිබෙනවා.
මුලින් අගනුවර වන ඇන්ටනානාරිවෝ (Antananarivo) හි ආරම්භ වූ විරෝධතා, මේ වන විට රට පුරා නගර අටක් දක්වා ව්‍යාප්ත වී තිබෙනවා.
ප්‍රචණ්ඩත්වය සහ කොල්ලකෑම් පිළිබඳ වාර්තා වීමත් සමග ඇන්ටනානාරිවෝ හි සන්ධ්‍යාවේ සිට අලුයම දක්වා ඇඳිරි නීතිය පනවන ලද අතර, පොලීසිය රබර් උණ්ඩ සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් පිරිස් විසුරුවා හැර තිබුණා.










