• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හකීම්-රිෂාඩ්-මනෝ-දිගම්බරම් රනිල් එක්ක රහස් සාකච්ඡාවක! සජිත් ගැන රනිල්ගෙන් අලුත් යෝජනාවක්! සාකච්ඡාව ලෑස්ති කළ අයගේ නම්ගම් සියල්ල එළියට ඇවිත්! I Sri Lanka Latest News

January 7, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
හකීම්-රිෂාඩ්-මනෝ-දිගම්බරම් රනිල් එක්ක රහස් සාකච්ඡාවක! සජිත් ගැන රනිල්ගෙන් අලුත් යෝජනාවක්! සාකච්ඡාව ලෑස්ති කළ අයගේ නම්ගම් සියල්ල එළියට ඇවිත්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් සජබ සන්ධානය කැඩීමට මාන බලාගෙන සිටින පිල්ලි පිළිබඳ තවත් අලුත් හෙළිදරව්වක් කිරීමටද සූදානම්ය. ඒ, සජබය සමග සිටින සුළු පක්ෂවල නායකයන් වූ රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මනෝ ගනේෂන් සහ පලනි දිගම්බරම් සජබ සන්ධානයෙන් ගලවා ජනාධිපතිවරයා සමග එකතු කිරීමට මේ පිල්ලි විසින් දියත් කළ මෙහෙයුමක් පිළිබඳවය. ඔවුන් කිහිප දෙනා මෙම මෙහෙයුම දියත් කර තිබුණේ අලුත් අවුරුදු උදාවට දින කිහිපයක් තබාය. එහිදී මේ පිල්ලි කිහිපය හකීම්ට, රිෂාඩ්ට, මනෝට, දිගම්බරම්ට කියා සිටියේ ජනාධිපතිවරයා ඉදිරියේදී සජිත් අගමැති බවට පත්කිරීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බවටය. ඒ හරහා ඔවුන්ගේ සැලසුම වී තිබුණේ සජිත් දුර්වල කොට දැනට ගොඩනැගෙමින් පවතින සජබ සන්ධානය කඩාකප්පල් කිරීමය. එහිදී එක් ප්‍රධාන පිල්ලියක් කෙළින්ම සජබ ඇතැම් මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබුණේ එළියේ සන්ධාන ගොඩනැගීමට ප්‍රථම රනිල් සමග සන්ධානයකට යෑමට සජිත්ට නොහැකි මන්ද යැයි කියාය. ඒ අනුව මෙම පිල්ලි කිහිපය ජනාධිපතිවරයා හා හකීම් ඇතුළු සුළු පක්ෂ නායකයන් සමග සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඔවුන් අතර හමුවක් සංවිධාන කිරීමට කටයුතු කොට තිබිණි. මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු ‘රාජ්‍ය රහස්’ තීරය සතුව ඇති අතර, ඉදිරියේදී අප නිසි වේලාවට එම තොරතුරු රටට අනාවරණ කිරීමට සූදානම්ය. Sri Lanka Latest News

කවුද ගේම ගැහුවේ!

මෙම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයා මීට දින කිහිපයකට ඉහතදී අතිශය රහසිගත සාකච්ඡාවක් සඳහා රිෂාඩ්, මනෝ, දිගම්බරම්, හකීම් කැඳවීමට පියවර ගත්තේය. ඉතා රහසිගතව මෙම සාකච්ඡාව සංවිධාන කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබුණද, අදාළ සාකච්ඡාවට යෑමට ප්‍රථම මොවුන් හතර දෙනාම සජිත් හමුවී මේ සම්බන්ධයෙන් ඔහුව දැනුවත් කිරීමට පියවර ගත්හ. මෙම සාකච්ඡාව සඳහා පදනම වැටුණේ කෙසේද, ඒ සඳහා තමන් සමග සාකච්ඡා කළේ කවුරුන්ද, අදාළ සාකච්ඡාව සම්බන්ධීකරණය කළේ කවුරුන්ද යනාදී සියලු තොරතුරු සජිත්ට දැනුම් දීමට මෙම පිරිස පියවර ගත්හ. එහිදී සජිත්ද කියා සිටියේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට යෑම සම්බන්ධයෙන් තමාගේ කිසිදු ගැටලුවක් නැති බවත්, එහිදී ජනාධිපතිවරයා කියන්නේ කුමක්ද යන්න අසා සිටින ලෙසත්ය.

රනිල් එක්ක සාකච්ඡා!

ඒ අනුව ජනාධිපතිවරයා සමග පැවැති මෙම සාකච්ඡාවට සජබ සන්ධානයේ සිටින සුළු පක්ෂ නායකයන් හතර දෙනාම සහභාගි වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. මෙහිදී පළමුව ජනාධිපතිවරයා හකීම් සහ රිෂාඩ් ඉලක්ක කරමින් නැගෙනහිර සංවර්ධනයට මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන්කොට ඇති බව දැනුම් දී සිටියේය. ඒ හරහා හකීම්ට සහ රිෂාඩ්ට නැගෙනහිර විශාල වැඩ කොටසක් කළ හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ඉන් අනතුරුව දිගම්බරම් ඉලක්ක කරගනිමින් වතුකරයේ ප්‍රශ්න ගැන කතා කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. මෙහිදී දිගම්බරම් පෙන්වා දුන්නේ මෙතෙක් ආණ්ඩුව වතුකරයේ ජනතාවට දුන් පොරොන්දු කිසිවක් ඉටුකර නොමැති බවය. විශේෂයෙන්ම වතුකරයේ ජනතාවට පර්චස් 10ක ඉඩම් කැබැල්ලක හිමිකම ලබාදෙන බවට ආණ්ඩුව පොරොන්දු වුවද මෙතෙක් එම පොරොන්දුව හෝ ඉටුකර නොමැති බව දිගම්බරම් ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේය. නමුත් එහිදී ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් කියැවුණේ එසේ කිරීමට අවශ්‍ය හිස් ඉඩම් වතුකරයේ නොමැති බවත්, බොහෝ ඉඩම් වතු හිමියන් සතුව ඇති නිසා ඔවුන් එම ඉඩම් මුදාහැරීමට අකැමැති බවත්ය. ඒ අනුව එම මාතෘකාවද අවසන් තීන්දුවකින් තොරව නිමා වූ ආකාරයක් දැකගන්නට ලැබිණි.

රනිල්ගේ යෝජනාව!

කෙසේ වෙතත් ඉන් අනතුරුව මාතෘකාවට පිවිසෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ තමන් ඉදිරියේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බවකි. එය සිදුවන්නේ කෙසේද යනුවෙන් මන්ත්‍රීවරු විමසද්දී ජනාධිපතිවරයා නොනිල වශයෙන් ඉඟි කරමින් කියා සිටියේ සජිත් සමග එක්ව සන්ධානයක් ගොඩනැගීමට තමන් සූදානම් බවත්, ඒ හරහා අගමැති ධුරය සජිත්ට ලබාදීමට සූදානම් බවත්ය.
ඒ අනුව සාකච්ඡාව අවසන් වූ වහාම මේ සුළු පක්ෂ නායකයන් සියලු දෙනා සජිත් හමුවී සාකච්ඡාවේ සිදුවූ සියලු තොරතුරු ඔහුට දැනුම් දීමට පියවර ගත්හ. එහිදී සන්ධානයක් ගොඩනැගීමට ජනාධිපතිවරයාගේ ඇති කැමැත්තත්, අගමැති ධුරය සජිත්ට ලබාදීමට ජනාධිපතිවරයාගේ ඇති කැමැත්තත් සජිත්ට දැනුම් දී සිටීමට මෙම පක්ෂ නායකයෝ කටයුතු කළහ. එහිදී සජිත්ගෙන් ලැබුණේ වෙනදා ලැබුණු පිළිතුරමය. ඒ, තමන් කිසිසේත්ම රනිල් සමග එකතුවී ආණ්ඩු පිහිටුවීමට හෝ අගමැති ධුරය ලබාගැනීමට සූදානම් නැතැයි යන්නය.

සජිත්ගේ ප්‍රතිචාරය!

‘මමවත් සජබයවත් කිසිසේත්ම රනිල් එක්ක එකතු වෙන්නේ නෑ. ඒක ස්ථිරයි. මොකද, දැන් රනිල් සම්පූර්ණයෙන්ම රාජපක්ෂලා එක්ක නිල වශයෙන් එකතු වෙලා ඉවරයි. ඒ කට්ටිය එක්ක අපිට කීයටවත් එකතු වෙන්නවත් ආණ්ඩු කරන්නවත් බෑ. හැබැයි එතැනට යන්න කැමැති කෙනෙක් ඉන්නවා නම් මම ඒ කිසිම කෙනෙක් නවත්තන්නේ නෑ. මගෙත් එක්ක ඉතුරු වෙන්නේ 10 දෙනාද, ඒ 10 දෙනත් එක්ක මම ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වෙනවා, මහ ඡන්දෙටත් ඉදිරිපත් වෙනවා.’ යන්න එහිදී සජිත් ඍජුවම ඔවුන්ට දැනුම්දී සිටි පිළිතුර විය.

සන්ධානයට කැමැත්ත දෙයි!

සජිත්ගේ මේ ස්ථිරසාර පිළිතුරත් සමග හකීම්, රිෂාඩ්, මනෝ, දිගම්බරම්ද පැහැදිලිවම කියා සිටියේ සජිත්ගේ ස්ථාවරය එය නම්, තමන්ද කිසිසේත්ම සජබය අත්හැර නොයන බවකි. ඉදිරියේදී සජිත්ගේ ප්‍රධානත්වයෙන් ගොඩනැගෙන සජබ සන්ධානය සමග තම පක්ෂද ඒකාබද්ධව කටයුතු කරන බවටද මෙහිදී මෙම පක්ෂ නායකයෝ හතර දෙනා සජිත්ට පොරොන්දුවක් දුන්හ.
එමෙන්ම ඉදිරියේදී ගොඩනගන සන්ධානයේදී තනතුරු සම්බන්ධයෙන්ද මෙහිදී පිරිස අතර කිසියම් සාකච්ඡාවක් ඇතිවිය. එහිදී සජිත් කියා සිටියේ තමාගේ නායකත්වයෙන් ගොඩනගන මෙම සන්ධානයේ තනි තනි නායකයන් නොමැති බවත්, සියලු පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් නායකත්ව මණ්ඩලයක් ගොඩනැගෙන බවත්ය. ඉදිරියේදී සියලු තීන්දු තීරණ ගන්නේ එම නායකත්ව මණ්ඩලය හරහා බවද සජිත් එහිදී පැහැදිලිවම සියලු දෙනාට දැනුම් දී සිටීමට පියවර ගත්තේය.

ඩිනර් එකක්!

මෙම සිදුවීමෙන් පසු සජිත් මෙතෙක් සමගි ජන බලවේගය සමග අත්වැල් බැඳගෙන සිටින සියලු පක්ෂ නායකයන් හට විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබාදීමට පියවර ගත්තේය. මෙම රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුරදී නව සන්ධානය ගොඩනැගීම සම්බන්ධයෙන් දීර්ඝව පක්ෂ නායකයන් හා අදහස් හුවමාරු කරගැනීමටද සජිත් පියවර ගත්තේය. ඒ අනුව නව සන්ධානය පිහිටුවීම කඩාකප්පල් කොට සන්ධානය තුළ සිටින සුළු පක්ෂ නායකයන් ජනාධිපතිවරයාට පූට්ටු කිරීමට සජබය ඇතුළේ සිටින පිල්ලි ගැසූ ඒ ගේමද හබක් විය.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

කාටත් හොරෙන් ශාන් සජබයට ගන්න සජිත් දියත් කළ තිරය පිටුපස මෙහෙයුම! දිගම්බරම් වැඩේට අත ගැහුවේ කොහොමද? බන්දුලාල්ව බැලන්ස් කළේ කවුද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

Next Post

2023 ඩොලර් මිලියන 326ක එළවලු පලතුරු රටින් ගෙන්වලා! 2022ට වඩා ඩොලර් මිලියන 297ක වැඩිවීමක්! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරන ලෙස බල කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ උදෙසා වූ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ මහජන...

Read more
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.