• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෆීලික්ස් ඩයස්ගේ අවතාරය ඇතුළට! ඇන්.ඇම්.ලාගේ අවතාරය ඇඳ යට!

July 11, 2021
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
ෆීලික්ස් ඩයස්ගේ අවතාරය ඇතුළට! ඇන්.ඇම්.ලාගේ අවතාරය ඇඳ යට!
Share on WhatsAppShare on Facebook

-උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය-

විමල් වීරවංශ මාස තුනකට කලින් අපූරු කතාවක් කීවේය. ඒ බණ්ඩාරනායක මැතිනියව මෙහෙයවපු අදිසි හස්තය වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ගැනය. 1970-77 සමගි පෙරමුණු ආණ්ඩුව වැට්ටුවේ ෆීලික්ස් ඩයස් බවත්, සමගි පෙරමුණු ආණ්ඩුවේ සමගිය කඩා බිඳ දමා ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ වූ ලංකා සමසමාජ පක්‍ෂය සහ කොමියුනිස්ට් පක්‍ෂය ආණ්ඩුවෙන් පන්නා දැම්මේ ෆීලික්ස් ඩයස් බවත් ඔහු කීවේය. අදත් ෆීලික්ස් ඩයස්ලා ඉන්නවා යැයි ඔහු කීවේ බැසිල් රාජපක්‍ෂට ඇඟිල්ල දිගු කරමින්ය. මේ වෙන කොට විමල්ලා, උදය ගම්මන්පිලලා, වාසුලා පන්නා දමන්න යැයි බැසිල්ගේ මැති ඇමැතිවරු හඬ නඟමින් සිටිති. විමල් ගැහුවේ එතැනටය.

විමල් කිව්ව කතාව හරියටම හරි නැත. 1970-77 සමගි පෙරමුණු ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ පන්නන්න ලොකුම ගේම ගැහුවේ බණ්ඩාරනායක පවුලේ ඔටුන්න හිමි කුමාරයා අනුර බණ්ඩාරනායකය. බණ්ඩාරනායක පවුලේ ඥාති ෆීලික්ස් ඩයස් අනුරගේ සහායට ඩැනී විය. එකල එවකට මුදල් ඇමැති ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාගේ ආර්ථික ප්‍රතිපත්ති නිසා ජනතාව දැඩි පීඩනයට පත්ව සිටියහ. රට හැම තැනම හාල් පෝලිම්, පාන් පෝලිම්, රෙදි පෝලිම් විය.

දේශීය ව්‍යාපාරිකයෝ ඔළුව ඔසවමින් සිටියත් විදේශ ව්‍යාපාර සමග ගනුදෙනු කළ ලංකාවේ නොම්මර එකේ ව්‍යාපාරික පන්තිය හතරගාතෙන් වැටී සිටියහ. ලංකාවේ ප්‍රභූ ධනපති පන්තියට තමන් හුරු වී සිටි විදේශ රටවල නිෂ්පාදිත රැවුල බාන උපකරණ, සුවඳ විලවුන්වත් මිලදීගත නොහැකි විය. මේ ප්‍රභූ ධනපති පන්තිය සහ ව්‍යාපාරික පන්තිය දුක කියන්න එක්රොක් වූයේ බි්‍රතාන්‍යයේ අධ්‍යාපනය ලබා ආ නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයෙන් ආකර්ෂණයට ලක්වී සිටි අනුර වටාය. අනුර ඒ වන විට ආණ්ඩුවේ කිසිදු තනතුරක් දරපු නැති නිසා ඔහුට තිබුණු එකම බලය අගමැතිනිය වූ සිය මවගේ මොළය සේදීමේ බලයය. එහෙත් මැතිනියගේ දියණියන් දෙදෙනා වූ චන්ද්‍රිකා සහ සුනේත්‍රා ආචාර්ය එන්. එම්. පෙරේරාගේ සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති වැලඳගෙන සිටි නිසා මැතිනියගේ මොළය සේදීම ලෙහෙසි නොවීය.

මේ නිසා අනුර සහායට ඩැනී ලෙස තෝරා ගත්තේ ආණ්ඩුවේ ප්‍රබලතම ඇමැති වූ තම ඥාති ෆීලික්ස් ඩයස්වය. ෆීලික්ස් ඩයස් මුදල් ඇමැති ධුරයට ඇන්දේය. ඇන්. ඇම්.ගෙන් ආර්ථිකයත්, ආණ්ඩුවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් බේරා ගන්න වැඩේට දෙන්නාම අත ගැසූහ. ඇන්. ඇම්.ලා, කොල්වින්ලා වීසි විය. කොමියුනිස්ට් පක්‍ෂයත් වීසි විය. ෆීලික්ස් ඩයස් මුදල් ඇමැති විය. ආණ්ඩුව 1977 අන්ත පරාජයකට ලක් විය. විමල් ෆීලික්ස් ඩයස් ගැන කියද්දී අනුරගේ නම නොකීවේ රාජපක්‍ෂ පවුලේ ඔටුන්න හිමි කුමාරයා නාමල් රාජපක්‍ෂට වදියි කියා හිතාගෙන විය යුතුය. බැසිල්ට ගහද්දී නාමල්ව පටලවා ගන්න ඔහු අකැමැති වූවා විය හැකිය.

කොහොම වෙතත් බැසිල්ට විමල්ගේ කතාව බොක්කටම වදින්න ඇත. බැසිල් හිටි හැටියේ විදේශගත වූයේ ඉන් පසුවය. හැමෝම හිතුවේ බැසිල් ඉවර යැයි කියාය. මේ වෙන කොටත් විමල්, උදය, වාසු පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් වූ නිමල් සිරිපාලත්, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට ඇතුළු වීමට ඉඩ නොදිය යුතු යැයි තදින් කීහ. රාජපක්‍ෂවරු බලයට ගෙන ආ හාමුදුරුවරුද අත-පය දිගහැර බැසිල්ට නෙළන්න පටන්ගෙන තිබුණි.
2021 මාර්තු 29 නුවරදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නිවේදනය කළේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට ඇතුළු වීමට ඉඩ නොදිය යුතු බවය.

‘ද්විත්ව පුරවැසියන් ලංකාවේ දේශපාලනයට එන්න පෙර වෙන රටක පුරවැසියකම දරනවා නම් එය ඉවත් කරගත යුතුයි…’
‘නිමල් සිරිපාල’
අද-දෙරණ, 30.03.2021

‘ද්විත්ව පුරවැසියන් මේ රටේ දේශපාලනයට ඇවිත් මැති ඇමැති ධුරවල සිටිමින් අපරාධයක් කොට තමන්ට පුරවැසියකම හිමි රටට පැන ගන්න පුළුවන්. මතකනේ අර්ජුන් මහේන්ද්‍රන් කළ දේ. ඉතින් අපි පැහැදිලිවම ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට ඇතුළු වෙන්න ඉඩ නොදෙන බවට එකඟතාවයකට ආවා…’
මේ උදය ගම්මන්පිල 2021 පෙබරවාරි 15 විමල්, වාසු ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ සමග සාකච්ඡාවකින් පසු මාධ්‍යයට කළ ප්‍රකාශයය.

මීට පෙර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරද්දී විමල් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා කීවේ මන්ත්‍රිවරයකු වීම සඳහා ද්විත්ව පුරවැසිභාවය නමැති බාධකය ඉවත් කිරීමේ වගන්තියට පක්‍ෂව ඡන්ද දෙන ලෙස ජනාධිපතිවරයා තමන්ගෙන් ඉල්ලීමක් කළ බවත්, නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදද්දී එම බාධකය යළි පනවන බවට තමන්ට පොරොන්දු වූ බවත්, විශ්වාස කළ හැකි ජනාධිපතිවරයෙක් කළ ඉල්ලීම තමන් පිළිගත් බවත්ය. එවිට මාධ්‍යවේදියෙක් ඇසුවේ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට පෙර කාලය තුළදී ද්විත්ව පුරවැසියෙක් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රයෝජනයට ගෙන පාර්ලිමේන්තුවට ආවොත් මොකද කරන්නේ කියාය. එයට විමල් දුන් උත්තරය පහත පරිදිය.

‘මම හිතනවා ලැජ්ජාවක්, බයක් තියෙන කිසිදු ද්විත්ව පුරවැසියෙක් මේ කෙටි කාලය තුළ පාර්ලිමේන්තුවට රිංගන්න උත්සාහයක් ගන්න එකක් නැහැ කියලා. ලැජ්ජා, බය දශමයක්වත් තියෙන ද්විත්ව පුරවැසියෙක් මේ ඇරිච්ච දොරෙන් ඔළුව දමන්න හදන එකක් නැහැ කියල මම හිතනවා…’

බැසිල් විදේශගත වූයේ ඔවුන්ගේ මේ ප්‍රකාශවලට පසුවය. බැසිල් යළි ලංකාවට එන්නේ තෙල් ඇමැති ලෙස උදය ගම්මන්පිල තෙල් වැඩි කරන බවට ප්‍රකාශ කිරීමෙන් පසුවය. මේ වෙන කොට උදයට එරෙහිව පොදුජන පෙරමුණු ලේකම් සාගර ඇතුළු බැසිල්වාදී ඇමැතිවරු, මන්ත්‍රිවරු උදයට පන්න පන්නා ගහන්නේ තෙල් මිල වැඩි නොවන බවත් කියමින්ය. විද්දෙ පඳුරට, වැදුණේ හාවාට මෙන් උදයට ගහපු ගැහිල්ල වැදුණේ ජනාධිපති ගෝඨාභයට සහ මුදල් ඇමැති මහින්දටය.

මේ වෙන කොටත් ගෝඨා සහ ආණ්ඩුව තෙල් යන සටන් පාඨය විපක්‍ෂය ජනතාවට කාවද්දා තිබුණු අතර, ආර්ථිකය හදන්න බැසිල්ව ඕනෑ කියමින් බැසිල්වාදී මැති ඇමැතිවරු, මන්ත්‍රිවරු, ගෝඨාත්, ආණ්ඩුවත් ෆේල් යන විපක්‍ෂයේ සටන් පාඨය හරි බව ඔප්පු කරමින් සිටියහ. ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව එය කළේ බැසිල්ට පාර්ලිමේන්තු ඒමට බාධාවක් වූ විමල්ලාගේ, උදයලාගේ, වාසුලාගේ හාමුදුරුවරුන්ගේ කටවල් වහන්නටය.

2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසු මහින්දව යළි දේශපාලනයට ගෙන එන්න විමල්ලා, වාසුලා, උදයලා ගෙන ගිය මහින්ද සුළඟ කැම්පේන් එකත් මෙවැනිම කැම්පේන් එකකි. බැසිල්වාදීන් මහින්ද සුළඟ කොපි කොට බැසිල් සුළඟක් ආණ්ඩුව තුළ නිර්මාණය කළේය. බැසිල් ද්විත්ව පුරවැසිභාවය සහිතව යළි පාර්ලිමේන්තු ආවේ ජනාධිපති ගෝඨාභයට පසු වත්මන් ආණ්ඩුවේ සිටින ප්‍රබලතම ඇමැතිවරයා ලෙසය.

‘ෆීලික්ස් ඩයස්ගේ අවතාරය ඇතුළට…
ඇන්. ඇම්.ලාගේ අවතාර ඇඳ යට…’

බැසිල් පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන අවස්ථාව බලලා 70-77 සමගි පෙරමුණු ආණ්ඩුවේ මුදල් අමාත්‍යාංශය ආවරණය කළ පැරැණි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් කීවේ එහෙමය.

‘තව ටික දවසකින් විමල්ලා, උදයලා, වාසුලා එකතුවෙලා විපක්‍ෂය එක්ක බැසිල් ෆේල් කියල කියයිද..?’

ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි හැමෝටම තියෙන ප්‍රශ්නය බැසිල් ඇමෙරිකානු පුරවැසිකම ඉවත් කර ගත්තේ නැත්තේ ඇයිද කියන එකය. ඔහු එය නොකළේ තමාට ජනාධිපති අපේක්‍ෂකත්වය ලැබෙනු ඇතැයි ෂුවර් නැති නිසාද? එහෙමත් නැතිනම් මේ ආණ්ඩුව කොයි තරම් දුර යයිද කියල බැසිල්ටත් ෂුවර් නැති නිසා දැයි කියන්න දන්නේ නැත. එහෙමත් නැතිනම් 2024 ජනාධිපතිවරණය කට ළඟ තිබියදී ද්විත්ව පුරවැසිකම අතහැර ගෝඨා ආවා වගේ එන්නද දන්නේත් නැත.

– උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

15 හැවිදිරි බාල වයස්කාර දැරිය දූෂණය කරන්න අම්මා අනියම් සැමියාට අනුබල දීලා… දෙන්නම පොලිස් දැලේ…

Next Post

Online Business කරන අයට බැංකු ණය… අවුරුදු 3කින් රටම ඩිජිටල්…

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.