• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

Online Business කරන අයට බැංකු ණය… අවුරුදු 3කින් රටම ඩිජිටල්…

July 11, 2021
in Exclusive
Reading Time: 8 mins read
A A
Online Business  කරන අයට බැංකු ණය… අවුරුදු 3කින් රටම ඩිජිටල්…
Share on WhatsAppShare on Facebook

සමාජ මාධ්‍ය ඇතුළු අන්තර්ජාලය ඔස්සේ ආදායම් උපදවන මෙරට  නිර්මාණකරුවන්ට ඉදිරියට යාමට අවශ්‍ය ව්‍යාපාර බැංකු ණය පහසුකම් ලබාදෙන වැඩපිළිවෙලක් සකස් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

කොළඹ ව්‍යාපාරික සංගමයේ මාර්ගගත ඩිජිටල් වෙළඳපොළ ක්‍රමය One mart App, Dizcard Businesses කාඩ්පත සහ Around.lk ඩිජිටල් නාමාවලිය හඳුන්වාදෙමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කොළඹ රාමඩා හෝටලයේ දී මේ බව සඳහන් කළේය.

ඔන්ලයින් ව්‍යාපාර කරන බවට ප්‍රකාශ කළ ද එවැන්නක් බැංකුවට පැහැදිළි කිරීම අපහසු නිසා හොඳ පරිගණකයක් එසේත් නැතිනම් හොඳ ඩිවයිස් එකක් මිල දී ගැනීමට ණයක් බලාපොරොත්තුවන පුද්ගලයන් වුව ද අසරණ වී ඇති ඇතැයි පෙන්වා දුන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා රාජ්‍ය හා පෞද්ගලික බැංකු සමඟ සාකච්ඡා කර කඩිනම් වැඩපිළිවෙලක් ඒ වෙනුවෙන් සකස් කරන බව අවධාරණය කළේය.

මඩ ගහන්න, චරිත ඝාතනය කරන්න සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා මෙන් එය ධනාත්මක පැත්තට හැරෙව්වොත් විශාල සමාජ  පෙරළියක් සමඟ දකුණු ආසියාවේ නිර්මාණාත්මක කේන්ද්‍රස්ථානය (ක්‍රියේටිව් හබ්) බවට ශ්‍රී ලංකාව පත් වෙනවා යැයි ද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විශ්වාසය පළ කළේය.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එහි දී කළ සම්පූර්ණ කතාව මෙසේය.

මම ස්තූතිවන්ත වෙනවා සංවිධානයක් විදියට ඔබේ ව්‍යාපාර විවිධාංගීකරණය කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම සම්බන්ධයෙන්. ඔබ සංවිධානයට විශාල ජාලයක් තිබෙනවා. ව්‍යාපාරික කෝණයට අමතරව සමාජ කෝණයකින් සිතන ක්‍රියාශීලී සාමාජිකයින් පිරිසක් ඉන්නවා.

වසර ගණනාවක් තිස්සේ අප ඔබ සමඟ වැඩ කටයුතු කර තිබෙනවා. විශේෂයෙන්ම රටේ සමාජයේ ගැටලු පැනනැගුණු විශේෂ අවස්ථාවලත් ඔබ සමග කටයුතු කළා.

ඒ සෑම අවස්ථාවකම අපි දැක්කා ඔබ සංවිධානයට ඉතා දක්ෂ පිරිසක් ඉන්න බව. එම පිරිස සමඟ ඉදිරියේදී මෙම සේවාවන් සපිරි ජාලය ශක්තිමත් කිරීම හැකියාව තිබෙනවා කියන විශ්වාසය අපිට තිබෙනවා.

රජයක් ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ‘‘සෞභාග්‍යයේ දැක්ම‘‘ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අද මේ රට ඩිජිටල් මාවතට රැගෙන යාමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා.

අපි අමාත්‍යංශ ලේකම්වරු සමඟ සාකච්ඡා කරන විට දකින දේ තමයි රාජ්‍ය අංශ ඩිජිටල්කරණය කරනවා කියන දේ අලුත් දෙයක් නෙවෙයි.

සමහර ආයතන ආරම්භ කරලා තිබෙන්නේ අවුරුදු 25 කට පෙර. සමහර ආයතන අවුරුදු 30 ට පෙර තම හැඳුනුම්පත ඩිජිටල් තාක්ෂණය සමඟ සම්බන්ධ කරන සංකල්පය ගෙන ආවා.

ජාල පද්ධතියකට ලංකාවේ යටිතල පහසුකම් එකතු කරන්න 1994 තමයි කාර්යාල පිහිටුවලා වැඩ කටයුතු පටන් ගත්තේ. ආණ්ඩු මාරු වෙනකොට ඒ වැඩපිළිවෙලවල් කඩා වැටෙන්න ඇති.

අපේ රටේ තරුණ පරම්පරාවට රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කරනවා කියන එක හීනයකට පමණක් සීමා වෙලා තිබුණා. අපි වගකීමෙන් කියන්නේ එය යථාර්ථයක් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල මේ වෙනකොට ක්‍රියාත්මක කරමින් සිටින්නේ.

නොවැම්බර් මාසේ 18 වෙනිදා වෙනකොට දත්ත පද්ධතිය එක්රැස් කිරීමේ වැඩසටහන ආරම්භ කරනවා. දත්ත පද්ධතිය එක්රැස් කරනවා කියන කාර්යයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ රටේ ඩිජිටල් ජාතික හැදුනුම්පත නිර්මාණය කිරීමේ මූලික අදියර ලෙසයි.

වසරක් ඇතුළත මේ වැඩකටයුතු නිම කරන්න අපි කටයුතු කරනවා. ඒ සදහා අවශ්‍ය අණ පනත්, නීති කෙටුම්පත් සියල්ල මේ වෙනකොට සම්පාදනය කරමින් තිබෙනවා.

අපි විශ්වාස කරනවා ඉතා කඩිනමින් ඩේටා ප්‍රොටෙක්ෂන් ඇක්ට් එක පාර්ලිමේන්තුවේ සම්මත කරලා එජන්සිය පිහිටුවන්න අවකාශය ලැබෙයි කියලා.

ලබන වසරේ ප්‍රාදේශීය සභා කාර්යාල 100 ක් ඩිජිටල්කරණය කර වරිපනම් බදු ගෙවීමේ සිට සෑම සේවා සැපයීමක්ම ආරම්භ කරනවා. අවුරුදු 3 ක් 4 කින් සියලුම ප්‍රාදේශීය සභා ඩිජිටල්කරණය කිරීමේ හැකියාව අපිට තිබෙනවා.

අනෙකුත් රාජ්‍ය ආයතන සියල්ල මීළග අවුරුදු 03 ඇතුළත ඩිජිටල් ෆ්ලැට්ෆෝම් එක තුළට ගෙන එන්න කටයුතු කරනවා.

ඔබ ආයතනයේ මේ ඇප් එක හරහා නිෂ්පාදකයා, වෙළඳ ව්‍යාපාරිකයා, පාරිභෝගිකයා තුන් ගොල්ලන්ව සම්බන්ධීකරණය කරනවා වගේම ඔබේ සාමාජිකයින්ව මේ අපේ ඩිජිටල්කරණය කරන වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමට එකතු කර ගන්නවා.

ඩිජිටල්කරණය තුළ අපිට ලැබෙන්නේ කුමක්ද කියන දේ අපි උගතුන්, බුද්ධිමතුන් මෙන්ම ගම් මට්ටමේ සිටින සියලුම දෙනාවත් දැනුම්වත් කිරීම නොබෝ දිනකින් ආරම්භ කරනවා.

සමහරු හිතන්නේ ඩිජිටල්කරණය කියන්නේ ෆෙස්බුක් එකට ගිහින් තව කෙනෙකුට මැසේජ් එකක් දාන එක කියලා. සමහරු හිතනවා ඒක අපේ අයිතිවාසිකමක් කියලා. සමහරු ඒක වරප්‍රසාදයක් විධියටත් දකිනවා.

අපි අපේ අයිතිය, වරප්‍රසාදය භුක්ති විදිනකොට තවත් කෙනෙක්ගේ පෞද්ගලිකත්වයට හානියක් වෙනවා නම් ඒක වැරදියි. ඒ වෙනුවෙන් අපි අණපනත්, කෙටුම්පත් සම්පාදනය කරන්න අවශ්‍යයයි.

අපි අණපනත් සම්පාදනය කරන්නේ කෙනෙක්ගේ අයිතිය යටපත් කරන්න නෙවේ. තවත් කෙනෙක්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න. ඒ වගකීම අපිට තිබෙන්නේ.

අපි දකින දේ තමයි සමාජ ජාලා තුළ ඩිජිටල්කරණය කරා යනවා කියන්නේ සමාජ ජාලා ඇප් තවත් ව්‍යාප්ත කරනවා කියන එක. ඒකම නෙවේ ඩිජිටල්කරණය කරනවා කියන්නේ.

දැන් ටෙක්නෝ පාර්ක් 05 ක් ලංකාව පුරා හැදෙනවා. ගාල්ලෙන් අපි ආරම්භ කළා. මීළගට කුරුණැගල. මහනුවර, නුවරඑළිය සහ නැගෙනහිර පළාතේත් ක්‍රියාත්මක කරනවා.

පනත් සම්මත වුණාට  පස්සේ මේ ටෙක්නෝ පාර්ක් වලට එන ආයෝජකයින්ට පුලුවන් ලංකාවේ ඕනෑම තැනක සිට තම ව්‍යාපාර ආරම්භ කරන්න.

අපි දකිනවා මේ සමාජ මාධ්‍ය ඔස්සේ, අන්තර්ජාලය ඔස්සේ බොහෝ පිරිසක් ව්‍යාපාර කරනවා. මේ ව්‍යාපාර කරන අයට තිබෙන විශාල ගැටලුව තමයි බැංකුවකට ගියාම ණයක් ගන්න විදියක් නැහැ. ව්‍යාපාරයක් හෝ ස්ථානයක් නැහැ පෙන්නන්න. මේක ඔන්ලයින් ව්‍යාපාරයක් කියලා බැංකුවට පැහැදිලි කරන්න අමාරුයි.

ඊයේ මට හමුවුණා තරුණයෙක්. පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රයේ. පුත්තලමේ ජීවත් වෙන්නේ. මාසෙකට අමෙරිකානු ඩොලර් 6000 ක් හොයනවා.

හැබැයි ඒ ළමයාට අද වෙනකල් බැංකුවෙන් ණයක් ගන්න පුලුවන් කමක් නැහැ. මම මේ රටේ බැංකු පද්ධතියෙන් ඉල්ලීමක් කරන්නේ මේ  දරුවන්ට තමන්ගේ ව්‍යාපාර දියුණු කරගන්න අවශ්‍ය ණය ලබා දෙන්න කියලා.

සමහර අය තමන්ගේ හැකියාවන් මත කන්ටෙන්ට් හදලා විදේශ සමාගම් වලට අලෙවි කරනවා. තමන්ගේම ජිවිකාව සාර්ථක කර ගන්න ඔවුන් මුදල් හම්බකරනවා.

ඒ අය ණයක් බලාපොරොත්තු වෙන්නේ හොඳ ඩිවයිස් එකක් ගන්න. පරිගණකයක් ගන්න. මේ සියලු දේ සඳහා අපි ඉදිරියේදී රාජ්‍ය බැංකු, පෞද්ගලික බැංකු සමඟ සාකච්ඡා කරලා වැඩපිළිවෙලක් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා.

සමෘද්ධිලාභී පවුල්වල දරුවන් බොහෝ පිරිසක් ඉන්නවා මේ ෆිල්ඩ් එකේ. ඒ ක්‍රියේටිවිටි එක පොසිටිවු විධියට ගෙනාවොත් අපි දකුණු ආසියාවේ ක්‍රියේටිව් හබ් එක බවට පත් වෙනවා. අපි යායුතු වන්නේ ඒ තැනටයි.

මඩ ගහන්න, චරිත ඝාතනය කරන්න සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා වගේම එය ධනාත්මක පැත්තට හැරෙව්වොත් මම හිතන්නේ අපි සමාජයේ ලොකු පෙරළියක් සමග දකුණු ආසියාවේ ක්‍රියේටිව් හබ් එක බවට පත් වෙනවා.

ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාගන්න අවශ්‍ය වපසරිය අපි ඉදිරියේ දී හදනවා. අපිට ඒ නිර්මාණාත්මක තරුණ පරම්පරාව එකතුකරගෙන හොඳ ගමනක් යා හැකියි.

අපි ඒ අයගේ කන්ටෙන්ට් ඩිවලොප් කළ යුතුයි. වෙළදපොළ සකස් කරලා දිය යුතුයි. මේ සියල්ල ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශය ලෙස ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා යැයි අමාත්‍යතුමා පැවසීය.

SendShareShare
Previous Post

ෆීලික්ස් ඩයස්ගේ අවතාරය ඇතුළට! ඇන්.ඇම්.ලාගේ අවතාරය ඇඳ යට!

Next Post

රසායනික පොහොර ගේන කතා බොරු.. කිංග්ස්ලි කියයි…

MORE NEWS

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

Load More
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

දැනට විමර්ශනය කෙරෙමින් පවතින ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අතිශය වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අල්ලස්...

Read more
නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.