• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

UNP කාරයෝ මදිද හැඬුවා ඔබ හන්දා…! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

February 3, 2024
in Exclusive, Gurudawa
Reading Time: 6 mins read
A A
UNP කාරයෝ මදිද හැඬුවා ඔබ හන්දා…! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රේමදාස ජවිපෙ මර්දනය කළාට පසු ‘හූම්’ කියන්නවත් විපක්ෂයක් තිබුණේ නැත. හැමෝම හිටියේ බයවෙලා තක්බීර් වෙලාය. ප්‍රේමදාසට එරෙහි දෝෂාභියෝගයෙන් විපක්ෂය අළු ගසා දමලා නැගිට්ටත් පාරට එන්න බය විය. එවක විපක්ෂ මන්ත්‍රී මහින්ද රාජපක්ෂ දකුණේ සිට කොළඹට පාද යාත්‍රාව පටන්ගත්තේ විපක්ෂයේ බය නැතිකරලා මිනිස්සු පාරට ගන්නටය. හැමෝම හිතුවේ ප්‍රේමදාස පාද යාත්‍රාව එක්කෝ තහනම් කරයි, නැත්නම් පාද යාත්‍රාවට ගහයි කියලාය. පාද යාත්‍රාවේ ප්‍රේමදාසට අමු තිත්ත කුණුහරුපෙන් සටන් පාඨ කිය කියා ගියත් ප්‍රේමදාස පාද යාත්‍රාවට අතවත් තිබ්බේ නැත.Sri Lanka Latest News

ඉන් පස්සේ චන්ද්‍රිකා හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධිය ඉදිරිපිට සිට ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුවට පාද යාත්‍රාවක් සංවිධාන කළාය. ප්‍රේමදාස ඒ පාද යාත්‍රාවට ගැහුවේත් නැත.
‘මට විරුද්ධව ක්‍රෝධ යාත්‍රා යනවා…’

ඔහු විපක්ෂයේ පාද යාත්‍රාවට ගැහුවේ එහෙමය. විපක්ෂය මිනිස් දම්වැල් අල්ලාගෙන ප්‍රේමදාස ආණ්ඩුවට එරෙහිව විරෝධතා පැවැත්වුවත් නළා පිඹලා විරෝධතා පැවැත්වුවත් ප්‍රේමදාස ගහන්න ගියේ නැත.

ප්‍රේමදාස ඝාතනය වී විජේතුංග ජනාධිපති වී චන්ද්‍රිකා සූරියකන්දේ මිනී කඳු හාරන්න ගියාය. ඒත් විජේතුංග ඒවා මර්දනය කරන්න ගියේ නැත.

චන්ද්‍රිකා 1994 බලයට ඇවිත් යූ.ඇන්.පී.යට කොඩියක්වත් දමන්න දුන්නේ නැත. පන්න පන්නා ගැහුවේය. 1999 වයඹ පළාත් සභා ඡන්ද මංකොල්ලයට එරෙහිව යූ.ඇන්.පී.ය කොළඹ සත්‍යග්‍රහයක් සංවිධාන කළ විට චන්ද්‍රිකා ගැහුවේ නැත. 2000දී යූ.ඇන්.පී.ය ජනතාව ඒකරාශී කොට මරදානේ ජනබල මෙහෙයුමක් පටන්ගත්තේය. ඉන් පසු නුවර සිට කොළඹට පාගමනක් පටන්ගත්තේය. චන්ද්‍රිකා ඒවාට ගැහුවේ නැත. හැබැයි 2001 චන්ද්‍රිකා පාර්ලිමේන්තුව කල්දමා ජනමත විචාරණයක් තියන්න ගිය විට යූ.ඇන්.පී.ය හතරවටින් කොළඹ වටකොට ජනබල මෙහෙයුමක් කළ විට චන්ද්‍රිකා එවක විපක්ෂ නායක රනිල්ව ඉලක්ක කොටම කඳුළු ගෑස් ගැහුවාය. යූ.ඇන්.පී. විරෝධයට පන්න පන්නා ගැහුවාය. ඝාතන දෙකක් සිදුවිය. සුජීවට වෙඩි වැදුණේය.

2001 රනිල් අගමැති වූ විට රනිල්ගේ සටන් විරාම ගිවිසුමට එරෙහිව ජවිපෙ දකුණේ සිට කොළඹට පෙළපාළියක් ආවේය. ශ්‍රීලනිප ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ ඉවසුවා ඇති කියා කොළඹ වටකොට උද්ඝෝෂණයක් පැවැත්වීය. රනිල් ගැහුවේ නැත.

2004 චන්ද්‍රිකා යළිත් ආණ්ඩුව ගත්තාට පසු සිරගත කළ එස්.බී. නිදහස් කරගන්න යූ.ඇන්.පී.ය හඟුරන්කෙත සිට පෙළපාළියක් ආවේය. 2005 ජනාධිපතිවරණය පවත්වන්න දකුණේ සිට කොළඹට ජනබල මෙහෙයුමක් දියත් කළේය. චන්ද්‍රිකා ගැහුවේ නැත.

මහින්ද ජනාධිපති වී 2010 සිරගත කළ ෆොන්සේකා නිදහස් කරගන්න විපක්ෂය සංවිධාන කළ රථ පෙරහැරට මැරයන් යොදා පහර දුන්නේය. කොළඹ 2013 මරදානේ රනිල් පවත්වපු උද්ඝෝෂණයට ගැහුවේ නැත.

2015 මෛත්‍රී ජනාධිපති වී රනිල් අගමැති වී මහින්දගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්ෂය කොළඹට පෙළපාළි ආවේය. උද්ඝෝෂණ කළේය. ගෝල්ෆේස් රැලි සංවිධාන කළේය. ඒත් මෛත්‍රී හෝ රනිල් ඒවාට පහර දුන්නේ නැත.

2019 ජනාධිපති වූ ගෝඨාභයට එරෙහිව පළමු විරෝධතා පෙළපාළිය සංවිධාන කළේ සමගි ජන බලවේගයය. පළමු වරට ජනාධිපති කාර්යාලයට අතේ දුරින් විශාල ජනතාවක් ඒකරාශි කළ අතර දෙවැනුව ජනාධිපති ලේකම් කාර්යාලයටම ගොස් ජනාධිපති කාර්යාලය වටකොට පෙළපාළියෙන් ඇවිත් උද්ඝෝෂණය කළේය. අරගලයට අඩිතාලම වැටුණේ ඒ විරෝධතාවයෙන්ය. පසුව නුවර සිට කොළඹට පාගමනින් ඇවිත් දැවැන්ත උද්ඝෝෂණයක් කළහ. ඒත් ගෝඨාභය ගලක්වත් ගැහුවේ නැත.

රනිල් ජනාධිපති වූයේ 2022 ජූලි මාසයේය. රනිල්ට වසරකට වැඩි කාලයක් නිදහසේ ආණ්ඩු කරන්න ඉඩදී සමගි ජන බලවේගය රනිල්ට එරෙහි පළමු විරෝධතාව කොළඹ පැවැත්වීය. රනිල්ට එරෙහි සමගි ජන බලවේගයේ පළමු විරෝධතා රැලියට රනිල්ගේ ආණ්ඩුව ගැහුවේ විපක්ෂ නායක සජිත්ව ඉලක්ක කොට ගෙනය. ඒ, 2001 චන්ද්‍රිකා රනිල්ව ඉලක්ක කොට ගැහුවා වගේය.

රනිල් ලංකාවේත්, ලෝකයේත් ප්‍රකටව සිටින්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියෙක් ලෙසය. ඔහු ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සංගමයේ දකුණු ආසියාවේ ප්‍රධානියෙකි.

‘එහෙව් රනිල් තමාව ජනාධිපති කරන්න අගමැති කරන්න උද්ඝෝෂණ කරපු, විරෝධතා කරපු, පෝස්ටර් ගහපු, ගෙවල් පුච්චගත්ත, රස්සා නැති කරගත්ත, සමගි ජන බලවේගයට එක්වූ යූ.ඇන්.පී.කාරයන්ට ගැහුවේ ඇයි?’

2015 ජනාධිපති වූ මෛත්‍රිපාල තමාට එරෙහිව මහින්දලා කොළඹට ශ්‍රීලනිප පාක්ෂිකයන් එක්රැස් කරද්දී ගෝල්ෆේස්හි යකා නටද්දී අතවත් තිබ්බේ නැත්තේ ඔවුන් තමා සමග සිටි අහිංසක ශ්‍රීලනිප පාක්ෂිකයන් බව දැනගෙනය.

‘ඇයි රනිල්ට එහෙම හිතුණේ නැත්තේ…?’

2001 අගමැති වී රනිල් දේශද්‍රෝහියෙක් කියා කොළඹට ආ ශ්‍රීලනිප පාක්ෂිකයන්ට අත නොතියපු රනිල්, 2015-2019 මෛත්‍රී-රනිල් ආණ්ඩුවට ගහන්න කොළඹ ආ ශ්‍රීලනිප පාක්ෂිකයන්ට ගලක්වත් නොගහපු රනිල්, ඔහුව ජනාධිපති කරන්න අගමැති කරන්න පොළොවේ පස් කාපු යූ.ඇන්.පී.කාරයන්ට කඳුළු ගෑස් ගැහීම ඛේදවාචකයකි.

චන්ද්‍රිකාගේ ආණ්ඩුව රනිල්ට කඳුළු ගෑස් ගහන විට ඊට එරෙහිව බය නැතුව යළිත් කොළඹට ආවේ මේ අහිංසක යූ.ඇන්.පී.කාරයන්ය.

2004 චන්ද්‍රිකා රනිල්ගේ ආණ්ඩුවේ ඇමැතිකම් ගත්ත විට ඇමෙරිකාවේ සිට ආ රනිල්ගේ අගමැතිකම බේරාදෙන්න රනිල් කොළඹට එන්න කී විට දුවගෙන ආවේ මේ අහිංසක යූ.ඇන්.පී.කාරයන්ය. ඒ වෙලාවේ රනිල් චන්ද්‍රිකාගේ ගෙය වටලමු කිව්වා නම් ඔවුහු ඒකටත් ලෑස්ති පිට ආහ.

2018 මෛත්‍රීපාල රනිල්ව අගමැතිකමෙන් ඉවත් කළ විට රනිල් වෙනුවෙන් කොළඹට දුවගෙන ආවේත් මේ අහිංසක යූ.ඇන්.පී.කාරයන්ය.

රනිල් ඡන්ද එක පිට එක පරදිද්දීත් ඔවුන් රනිල්ව අතහැර ගියේ නැත. ඔවුන් රනිල්ව අතහැරියේ රනිල්ට මහින්ද එක්ක ඩීල් එකක් ඇති බව සජිත්ගේ ජනාධිපතිවරණයේදී තේරුම් ගියාට පසුවය. රනිල් සමගි ජන බලවේගයට ගිය යූ.ඇන්.පී. පාක්ෂිකයන්ගේ විරෝධතාවට කඳුළු ගෑස් ගහන්න කලින් ලොහාන් රත්වත්තේට රාජ්‍ය ඇමැති ධුරයක් දුන්නේය. ලොහාන් 2001 රනිල්ව අගමැති කරන්න ජීවිතය පූජා කළ නුවර උඩතලවින්න දස පුද්ගල ඝාතනයට චෝදනා ලබපු අයෙකි.

සමගි ජන බලවේගයේ විරෝධතාවට කඳුළු ගෑස් ගහලා ඔහු ශෂීන්ද්‍ර රාජපක්ෂට තවත් රාජ්‍ය ඇමැතිකමක් දුන්නේය.

‘යූ.ඇන්.පී.කාරයන් මට ආයේ ඡන්දේ දෙන්නේ නැහැ. ජනාධිපතිවරණය දිනන්න පොහොට්ටුකාරයන්ව චූන් කරන්න ඕනා…’

රනිල් හිතන්නේ එහෙමද කියන්න දන්නේ නැත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අපි රාජපක්ෂලා විතරක් නෙමෙයි රටේ සමස්ත ජනතාවම රකිනවා! චන්ද්‍රිකාලා-මෛත්‍රීපාලලා-විමල්ලා-ඩලස්ලා-චම්පිකලා-රොෂාන්ලා හදන හැම සන්ධානයක්ම නවතින්නේ ‌රනිල් ළග! ඔක්තෝබරයේ රනිල් දිනන්නේ ඡන්ද ලක්ෂ 100ක් අරන්! එජාපයේ අනුරාධපුර සමුලුවේ කියපු කතා! VIDEO I Sri Lanka Latest News

Next Post

දරුවන්ට පරිගණක දැනුම දෙන සජිත්ගේ සක්වල වැඩසටහනට පොලොන්නරුවේ විදුහල්පතිවරයෙකුයි ගුරුවරු කීප දෙනෙකුයි බාල්දියක් පෙරළයි! පාසලේ දරුවන්ට ‌සජිත්ගේ කොම්පියුටර් එපා කියලා! අම්මලා තාත්තලාට යකා නැගලා විදුහල්පතිගේ ගෙදර ඉදිරිපිට උද්ඝෝෂණයක් කරන්න ලෑස්ති වෙයි! පස්සේ මව්පියන්ම සක්වල උත්සවය සංවිධාන කරලා සජිත්ගෙන් දරුවන්ට පරිගණක-ස්මාර්ට් බෝඩ් අරන් දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.