“පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසලක විවිධ දේශපාලන මත දරණ විදුහල්පතිවරයා සහ ගුරුවරු කිහිප දෙනකු සක්වල වැඩසටහන ප්‍රතික්ෂේප කළත් දෙමාපියන්ගේ විරෝධය මත එම සක්වල වැඩසටහන ක්‍රියාත්මක කරන්න වුණා. මම කාරුණිකව ඉල්ලා සිටින්නේ තමන්ගේ දේශපාලනය පාසල ඇතුළට ගෙන එන්න එපා. මේ උපකරණ සමගි ජන බලවේගයේ සාමාජිකත්වය දරණ දෙමාපියන්ගේ දූදරුවන්ට පමණක් භාවිත කිරීමේ නීතියක් නැහැ. ඕනෑම දරුවකුට මෙම උපකරණ භාවිත කර ඉගෙන ගැනීමේ හැකියාව පවතිනවා.”Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා