නොබෙල් තෑග්ග කියලා කියන්නේ මොකක්ද? නොබෙල් තෑග්ග කියලා කියන්නේ, ලෝක සම්මතයේ තියෙන ඉතාම විශිෂ්ට පිරිනැමීමක්. නොබෙල් තෑග්ග පිරිනමන්නේ කාටද? නොබෙල් තෑග්ග පිරිනමන්නේ මොන වගේ වෙලාවටද? නොබෙල් තෑග්ග කියන්නේ, ඇල්ෆ්‍රඩ් නොබෙල් කියන ප්‍රකට ව්‍යාපාරිකයා, මියයද්දී ඔහුගේ අවසන් කැමැත්ත විදිහට සඳහන් කරපු දෙයක් එක්ක බැඳුණු දෙයක්. ඔහු කියනවා, ඔහු විසින් උපයපු ධනය ඉදිරි කාලවලදී මේ රටට, ලෝකෙට සේවය කරන විශිෂ්ට මිනිස්සු වෙනුවෙන් පුදකරන්න කියලා. ඒ සඳහා ඔවුන් සම්මානයක් සකස් කරනවා. ඒ සම්මානය තමයි නොබෙල් තෑග්ග කියලා කියන්නේ. මේ අනුව 1901 වසරේ තමයි නොබෙල්, නොබෙල් තෑග්ග පිරිනැමීම ආරම්භ වෙන්නේ.Sri Lanka Latest News
මේ වෙලාවේ ඇයි අපි මේ නොබෙල් තෑග්ග ගැන කතා කරන්නේ? ලංකාවේ තේ සම්බන්ධව නොබෙල් තෑග්ගක් ලබාගත්තාය කියලා සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා කොහේදෝ තැනකදී කියලා තිබුණා. ඇත්තටම මේ සම්බන්ධව එතුමන් කියලා තිබුණේ එතුමන්ගේ නොදැනුවත්කමක් නිසා බව ඉතාම පැහැදිලියි. ශ්‍රී ලංකාවේ තේවල ගෝලීය කීර්තිය තවත් ඉහළ නංවමින් ජපානයේ පැවැති වෙන්දේසියකදී නිව් විතානකන්ද සිලෝන් කළු තේ, ලොව මෙතෙක් අලෙවි වූ ඉහළම මිල සහිත තේ ලෙස ගිනස් ලෝක වාර්තා අතරට එක් වෙච්ච එකයි එතුමා මෙහෙම කියලා තිබුණේ.
මේක සමරන්න ඕන අවස්ථාවක් තමයි ඇමැතිතුමා. අපි ඒකට සතුටුයි. මේක හරි වැදගත් අවස්ථාවක්. මොකද, මේ වගේ තත්ත්වයකදී, අපිට තේ සම්බන්ධයෙන් ලෝකේ ගිනස් වාර්තාවක් හිමිවෙනවා කියන එක හොඳ දෙයක්. මොකද මුළු ලෝකෙම අවධානය අපේ තේවලට ලැබෙනවා. අපිට තේවලින් විශාල මුදලක් හොයන්න පුළුවන් වෙනවා. අපි තේ අලෙවියෙන් පොඩ්ඩක් වැටිලා හිටියේ. අපේ රටට අර පහුගිය කාලේ පොහොර ප්‍රශ්නෙත් එක්ක තේ හරියට දීගන්න බැරුව ගියා. ලෝකේ දැන් ටැක්ස් සම්බන්ධව සාකච්ඡා වෙමින් තියෙන අවස්ථාවක්. ඒ ඔක්කොම හරි. හැබැයි මේක මෙහෙම කිව්වට තරහ වෙන්න එපා ඇමැතිතුමා. අපි දන්නවනේ ලංකාවේ මෙතෙක් දේශපාලනය කළේ මරිමෝඩයෝ කියලා අපිත් හිතන් හිටියේ. ඒක එහෙම තමයි. මෙතෙක් දේශපාලනය කළේ, ගම්වල හිටපු ව්‍යාපාරිකයෝ, කසිප්පු වෙළෙන්දෝ, හොරු, මංකොල්ලකාරයෝ, තක්කඩි, අපරාධකාරයෝ, කොහොම හරි කරලා සල්ලි හොයාගත්ත මිනිස්සු. ඒ නිසා ඒ මිනිස්සුන්ට දැනුමක් තිබුණේ නැහැ, මොළයක් තිබුණේ නැහැ. ඒ නිසා සමහර මිනිස්සුන්ට අපි බූරුවන්ට උපමා කළා. සමහර මිනිස්සුන්ට අපි අපහාස කළා. එහෙම කරලා සමහර මිනිස්සු පන්නලා දැම්මා. දැන් අපි පාර්ලිමේන්තුවට තෝරලා දාගෙන තියෙන්නේ මොළේ තියෙන මිනිස්සු කියලා අපි හිතන් ඉන්නේ. දැනුමක් තියෙන, අධ්‍යාපනයක් තියෙන, සමාජ පරිචයක් තියෙන මිනිස්සු කියලා අපි හිතන් ඉන්නේ. කොහොමත් ජනතා විමුක්ති පෙරමුණ කිව්වාම, අතීතයේ ඉඳලම කාගෙත් ඔළුවේ තිබුණේ බලය නැතත්, රට කරන්න අවස්ථාවක් නොලැබුණත්, ඔවුන් බුද්ධිමතුන්, උගතුන්, යම් දැනුමක් තියෙන අය කියලා.
දැන් දැනුමක් තියෙනවා කියලා කිව්වාම අපි දන්නවා හැම ක්ෂේත්‍රයක් ගැනම දැනුම තියෙන මිනිස්සු මේ ලෝකේ නැහැ. හැම දෙයක්ම දන්න මිනිස්සුත් නැහැ. බිග් කුච්චන් කිව්ව එක සම්බන්ධව අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද හැමෝටම ඉංග්‍රීසි බෑනේ. අපි කලිනුත් ඒ ලිපිය ලියද්දිත් ලිව්වා. ඉංග්‍රීසි බැරිවෙන එක නෙමෙයි ප්‍රශ්නේ. ඉංග්‍රීසි බැරි නම් බෑ කියලා, ඉංග්‍රීසි දන්න කෙනෙක් අරන් ගිහිල්ලා, ඉංග්‍රීසි කතාකරන්න ගිහිල්ලා කොරවෙන එකෙන් නවතින එකයි වැදගත්. ඉංග්‍රීසි නොදැන ගත්තා කියලා කාටවත් අවමානයක් වෙන්නේ නැහැ. මොකද ලෝකේ ගොඩක් රටවල ඉන්න නායකයෝ කතා කරන්නේ ඉංග්‍රීසියෙන් නෙමෙයි. ඒගොල්ලෝ කතා කරන්නේ ඒගොල්ලන්ගේ රටේ භාෂාවෙන්. අපි සිංහලෙන් කතා කරලා පරිවර්තකයෙක් අරන් ගිහිල්ලා ඒක තේරුම් කරලා දුන්නා කියලා අපිට ලැජ්ජ වෙන්න දෙයක් නෙමෙයි.
මේ ඇමැතිවරු, මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ඉන්නේ හරි පොඩි ගානක්. මන්ත්‍රීවරු සම්පූර්ණ ප්‍රමාණය 225යි ලංකාවේ මිලියන 23ක් ජනගහනය ඉන්නකොට. එතකොට දැන් මේ තත්ත්වය යටතේ රටකට ඇයි මෙහෙම වෙන්නේ? මේක බරපතළ තත්ත්වයක්. රටේ ඉන්න ප්‍රධානතම දේශපාලකයෝ විකාර කියනවා තැන් තැන්වල. ඒ නිසා මේ මැති ඇමැතිවරුවත් චුට්ටක් මොළේ පාවිච්චි කරලා කතා කරන්න ඕනේ මීට වඩා. තමන් දන්න දේ, නොදන්න දේ පටලව ගන්නේ නැතුව, බහුබූත කියන්නේ නැතුව, වැදගත් විදිහට දේවල් කියලා. අනිත් එක මිනිස්සුන්ව රවට්ටන එක නතර කරලා, බොරු කියන එක චුට්ටක් අඩු කරලා, තමන්ගේ දැනුමෙන්, තමන්ගේ බුද්ධියෙන්, තමන්ගේ පරිචයෙන් මේ රටට වැඩක් කරන වටිනා මිනිස්සු ටිකක් විදිහට, තමන්ගේ තත්ත්වය පවත්වාගෙන යන්න ලංකාවේ දේශපාලකයෝ මීට වඩා හිතන්න ඕනේ කියලයි අපි හිතන්නේ.
අපි මේ හඳුන්නෙත්ති මන්ත්‍රීතුමාට ඍජුව ඉලක්ක කරලා කියනවා නෙමෙයි. හැබැයි එතුමා කියපු මේ කතාව සමාජ මාධ්‍ය තුළ බරපතළ විදිහට හාස්‍යයට ලක් වෙනවා. සමාජ මාධ්‍ය තුළ හාස්‍යයට ලක්වෙන එක අපිට නවත්තන්න බැහැ. සමාජ මාධ්‍ය තුළ හාස්‍යයට ලක්කරන එක හරි කියලා අපි කියනවා නෙමෙයි. හැබැයි සමාජ මාධ්‍ය තුළ දේශපාලකයෙන් හාස්‍යයට ලක්වෙන්න ගත්තම, රටේ වැදගත් මැති ඇමැතිවරු මේ විදිහට හාස්‍යයට ලක්වෙන්න ගත්තම ඒක ඒ මිනිස්සුන්ට හොඳ නැහැ. ඒ අයගේ බලයට හොඳ නැහැ. ඒ අය හදන නීතිරීතිවලට හොඳ නැහැ. ඒ අයත් එක දවසකින් රටේ විහිළුකාරයන් බවට පත්වුණාම, ඒක මේ රටටම හොඳ නැහැ. ඒගොල්ලෝ ජාත්‍යන්තරයට ගිහිල්ලා විහිළු සපයන්න ගියාම ඒක මුළු ලෝකෙටම හොඳ නැහැ. ඒක මුළු ලෝකයක් ඉදිරියේ අපිට හොඳ නැහැ. ඒ නිසා ඇමැතිතුමා මීට වඩා කල්පනා කරලා, මීට වඩා දේවල් හොයලා, තමන් දේශපාලකයෙක්, තමන් කතාකරන එක මුළු ලෝකෙම අහගෙන ඉන්නවා. තමන් කතා කරන්නේ මුළු ලෝකෙටම ඇහෙන්න, තමන්ට දැන් ඉස්සර වගේ පාර තොටේදී යාළුවොත් එක්ක හම්බවෙලා කතා කළා වගේ, විපක්ෂයේ ඉඳන් දේවල් විවේචනය කරා වගේ වගකීමකින් තොරව කතාකරන්න බැහැ. ඒ ගැන සැලකිලිමත් වෙලා කතාකරනවා නම් ඔබතුමාලාට මීට වඩා හොඳ වෙයි කියලයි අපේ විශ්වාසය.

ජීවන පහන් තිළිණ










