මේ වනවිට ආණ්ඩුවට මන්ත්‍රීවරුන් 113කගේ බහුතර සහාය අහිමි වී ගොස් ඇති බව තහවුරු වී ඇති බව දැනගන්නට ඇත.
අද දින පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වනවිට ආණ්ඩුවට මන්ත්‍රීවරුන්ගේ 117ක සහාය හිමිව තිබිණ
නමුත් ආණ්ඩුවේ තවත් මන්ත්‍රීවරුන් 5කගේ සහාය නිශ්චිතවම ආණ්ඩුවට නොලැබෙන බව අද දිනයේදී ආණ්ඩුවේ ප්‍රධානීන් හට තහවුරුව ඇත.
විශේෂයෙන්ම එම මන්ත්‍රීවරුන් පස් දෙනා අතර ඩලස් අලහප්පෙරුම, චරිත හේරත් වැනි මන්ත්‍රීවරුන්ද සිටින බව ආණ්ඩුවේ ප්‍රධානීන්ට තහවුරු වී ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව මේ වනවිට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණය 112 දක්වා පහත වැටී ඇති බව වාර්තා වේ.










