ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය පැනවීමත් සමග ජාත්‍යන්තරයේ රටවල් රැසක් ආණ්ඩුව සමග විරසකව ඇති බවත්, ඒ හේතුවෙන් තවදුරටත් ජාත්‍යන්තර ආධාර නොලැබී යාමේ අවදානමක් මතුව ඇති බවත් ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මේ වනවිටත් අමෙරිකාව, කැනඩාව, යුරෝපා කොමිසම, ස්විට්සර්ලන්තය, නෝර්වේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුලු සංවිධාන රැසක්ද ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපය දැඩිව විවේචනය කොට ඇත.
මේ හේතුවෙන් දැනට කල් දමා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ජාද තවදුරටත් කල් යනු ඇති බවත්, එමගින් ලැබිය යුතු මූූල්‍ය ආධාර නොලැබී යාමේ අවදානමක් මතුව ඇති බවත් ඔව්හු පෙන්වා දෙති.










