ස්වාධීනව කටයුතු කළ යුතු බව දැක්වෙන නමුත් ආණ්ඩුකාරවරු කිහිප දෙනෙක්ම මේ වනවිට ප්‍රසිද්ධියේ ජනාධිපතිවරයා වෙනුවෙන් දේශපාලන කටයුතුවල නිරත වන ආකාරයක් දැකගන්නට තිබේ.Sri Lanka Latest News
ඒ අනුව වයඹ ආණ්ඩුකාර නසීර් අහමඩ්, දකුණේ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා,මධ්‍යම ආණ්ඩුකාර ලලිත් ගමගේ, සබරගමු ආණ්ඩුකාර නවීන් දිසානායක, නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් සහ උතුරුමැද ආණ්ඩුකාර මහීපාල හේරත් ප්‍රසිද්ධියේම ජනාධිපතිවරයා වෙනුවෙන් ජනතාව රැස්කිරීම් සහ මැතිවරණ ප්රචාරක කටයුතු සිදුකිරීම් කරන ආකාරයක් දැකගැනීමට පුලුවන.