මැයි 9 වැනිදා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් සම්බන්ධයෙන් ‘ගෝඨාගෝ හෝම්’ විරෝධතා ව්‍යාපාරයට සහය පළ කරමින් ප්‍රංශයේ පෙළපාලි සංවිධානය කළ පුද්ගලයෙකු නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රංශයේ පදිංචි අර්ජුන අමදෝරු නැමැත්තා සෙනසුරාදා නිට්ටඹුව පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන් විසින් ශ්‍රී ලංකාවේ සිටින සිය පවුලේ අය බැලීමට පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ප්‍රංශයේ පැවති විරෝධතාවයට සම්බන්ධ බැවින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා පළවුවද, මෙම වසරේ මැයි 9 වැනිදා නිට්ටඹුව ප්‍රදේශයේ සිදුවූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසියේ නිලධාරියෙකු පැවසීය.
ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවන අවස්ථාවේදී සැකකරු ශ්‍රී ලංකාවේ සිටි බවත් ඔහු ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇති බවත් පොලිසිය පවසයි.
සෙනසුරාදා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.










