වැඩි මිලට අලෙවි කිරීමේ අරමුණින් ගෑස් වෙළෙන්දන් ගෑස් සඟවා ඇතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නගති. (Sri Lanka Latest News)
ගෑස් මිල ඉහළ යන බවට ගෑස් සමාගමක් විසින් ප්‍රකාශ කිරීමත් සමඟම වෙළෙන්දන් ගෑස් අලෙවි නොකර සැගවීම ආරම්භ කර ඇති බව වෙළෙද පොළ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
වෙළෙදපොළේ ගෑස් නොමැතිවීම සම්බන්ධයෙන් පාරිභෝගිකයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියටද පැමිණිලි කර ඇති අතර, ගෑස් අලෙවි නොකර සඟවා ගෙන සිටින වෙළෙදුන් සෙවීමේ වැටලීම් ආරම්භ කර ඇතැයි පාරිභෝගික අධිකාරිය පවසයි.
lankadeepa










