ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72වන සම්මේලන රැස්වීම ඊයේ පැවැති අතර ඊට ආරාධනා කොට තිබියදීත් විපක්ෂයේ කිසිදු පක්ෂ නායකයකු සහභාගී නොවීම විශේෂ සිදුවීමක් විය.Sri Lanka Latest News
එම සම්මේලනයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, වීරසුමන වීරසිංහ, තිස්ස විතාරණ යන මහත්ම මහත්මීන්ට ආරාධනා කර තිබුණද ඊට කිසිවකුත් සහභාගී නොවුණු අතර ඊට හේතුව ලෙස සදහන් වන්නේ ආණ්ඩුවේ ඇමැති ධූර දරන නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර ඇතුලු ඇමැති ධූර දරන පිරිස් සහභාගී වී සිටීම බව වාර්තා වේ.
කෙසේවෙතත් කොමියුනිස්ට් පක්ෂයේ ජී. වීරසිංහ මහතා පමණක් ඊට සහභාගී වී සිටි අතර ඔහු ඊට සහභාගී වි ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පවතින පෞද්ගලික හිතවත්කමක් නිසා බව දැනගන්නට තිබේ.
ශ්‍රීලනිප නායකයන්ට අමතරව ඊට සහභාගී වී සිටියේ ආණ්ඩුව සමග සිටින නිමල් ලන්සා කණ්ඩායම නියෝජනය කරන අනුර ප්‍රියදර්ශන සහ ජෝන් සෙනෙවිරත්න යන මන්ත්‍රීවරුන්ය.











