ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට “සත්දිනෙක සක්වල” හරහා ලක්ෂ 46ක් බස් රථයක් ලබාදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් යටතේ ක්‍රියාත්මක වන සක්වල වැඩසටහනෙහි තවත් අදියරකි.
මේ පරිත්‍යාගයේ අර්ථය ශ්‍රීමත් සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන සංකල්පය, තවදුරටත් ජාත්‍යන්තර කාන්තා දිනයේ ශක්තිමත් කිරීම බවත්, නිදහස් අධ්‍යාපනයේ දෙවන අරගලය ලොව දිනන දරු පරපුරක්, දැවැන්ත අධ්‍යාපන විප්ලවයක් ක්‍රියාත්මක කිරීම බවත් ඒ මහතා පැවසීය. ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපොළේ ඕනෑම තරාතිරමක, ඕනෑම වෘතියක තරගකාරිත්වය තුළින් ඒ රැකියා අවස්ථා ලබා ගත හැකි ශක්ති සම්පන්න දරු පරපුරක් නිර්මාණය කිරීම වගකීමක් බව කී ඒ මහතා රටට දූ දරුවන්ට ලබා දෙන උතුම්ම දායාදය අධ්‍යාපනය බවත් සිය දැක්ම අපේ මාතෘභූමිය සරුබිමක්, ක්ෂේම භූමියක් බවට පත් කිරීම බවත් ඒ මහතා පැවසීය.
එම අවස්ථාවට යුනිසෙෆ් ශ්‍රී ලංකා නියෝජ්‍ය නියෝජිත එමා බ්‍රිග්හැම් මහත්මිය ද එක්ව සිටියාය.













