හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන්නේද, එසේත් නැත්නම් විපක්ෂය නියෝජනය කරන්නේද යන්න අද දහවල් වනවිට නිශ්චිතවම හදුනාගත හැකි බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.
ඊට හේතු වී ඇත්තේ අද සවස පැවැත්වීමට නියමිත බලශක්ති අර්බූදය පිළිබද වූ විවාදයේදී හිටපු බලශක්ති අමාත්‍යවරයා වශයෙන් උදය ගම්මන්පිල මහතාද තමන්ට කතාවක් කිරීම සදහා වෙලාව ලබා දෙන ලෙස ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා තිබීමය.
කෙසේවෙතත් පසුගිය දින කිහිපය පුරා ගම්මන්පිල මහතා ආණ්ඩු පක්ෂය දැඩිව විවේචනය කිරීමට පියවර ගෙන තිබීමත්, විශේෂයෙන්ම පසුගිය දිනෙක දෙරණ 360 වැඩසටහනට පැමිණ ආණ්ඩුවට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමත් හේතු කොට ගෙන බොහෝදුරට ආණ්ඩු පක්ෂයෙන් ගම්මන්පිල මහතාට වෙලාව ලබානොදෙනු ඇති බව වාර්තා වේ.
එසේ වුවහොත් තමන් විපක්ෂයේ වෙලාව ගෙන හෝ සිය කතාව සිදු කරන බවට දැනටමත් ගම්මන්පිල මහතා ආණ්ඩු පක්ෂ නියෝජිතයන්ට පණිවුඩ යවා ඇති බව දැනගන්නට ඇත.










