ජනතා විමුක්ති පෙරමුණ සහ ඉන් වෙන් වී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂය නැවත එකට එක් වීමේ සූදානමක් පිළිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා මුල් වරට අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සංවාදයක් අතරතුර හෙළිකර ඇත.
ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනතා අරගලය වෙනුවෙන් එකට එක්වනු දැකීම සමාජය තුළ ප්‍රගතිශීලී වෙනසක් බලාපොරොත්තු වන ජනතාවගේ පැතුම සහ ඉල්ලීම වී ඇති බවද ඔහු මෙහිදී පවසා තිබෙනවා.
දේශපාලන බලය අත් කරගැනීම සඳහා යොදා ගන්නා උපක්‍රම සම්බන්ධයෙන් පක්ෂ දෙක අතර මත ගැටුමක් පවතින බව පෙන්වා දී ඇති ගුණරත්නම් මහතා තම පක්ෂය රටේ වර්තමානයේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගොස් ජනතා අරගලයක් හරහා බලය ලබාගැනීම පිළිබඳ විශ්වාසයෙන් පසුවන බවද මෙහිදී සඳහන් කර තිබෙනවා.
ගෝල්ෆේස් අරගලය සහ 05/09 ප්‍රහාර මාලාව පිළිබඳව ද අදහස් රැසක් දක්වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා එම ප්‍රහාර මාලාව ආණ්ඩුවේ අනුදැනුම මත ක්‍රියාත්මක වී ඇති අයුරුද මෙම සාකච්ඡාවේදී පැහැදිලි කර තිබීම විශේෂත්වයක්.
මේ අතර පසුගිය දා අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාව අතරතුර අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ විශ්වවිද්‍යාලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා පලකල අදහස් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කුමාර් ගුණරත්නම් මහතා පවසන්නේ අන්තර් විශ්ව විද්‍යාලයිය ශිෂ්‍ය බල මණ්ඩලය පෙරටුගාමී සමාජවාදී පක්ෂය යටතේ ක්‍රියාත්මක නොවන සංවිධානයක් බවයි.










