පාර්ලිමේන්තුවෙන් පිටත ප්‍රබල දේශපාලන සන්ධානයක් පිහිටුවීම සඳහා විපක්‍ෂයේ සියලු පක්‍ෂ සංවිධාන ඒකරාශී කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
ඒ අනුව එම පක්‍ෂයේ නියෝජිතයන් මේ වන විටත් විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ නායකයන් හමුවී සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වේ.
විශේෂයෙන්ම විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, එම්. ඒ. එල්. සුමන්තිරන්, රිෂාඩ් බදුර්දීන්, මනෝ ගනේෂන්, රාවුෆ් හකීම්, පී. දිගම්බරම් යන මහත්වරුන් මුණගැසී සාකච්ඡා පැවැත්වීමට පෙරටුගාමී පක්‍ෂයේ ප්‍රධානීන් කටයුතු කොට ඇති බව වාර්තා වේ.
මේ හරහා ඔවුන්ගේ සැලැසුම වී ඇත්තේ රටේ හතරදිග් භාගයේ මෙන්ම වතුකරයේ දේශපාලන පක්‍ෂද ඒකරාශී කොට ආණ්ඩුවට එරෙහිව පුළුල් ජනබලවේගයක් නිර්මාණය කිරීමය.
එහිදී දේශපාලන පක්‍ෂවලට අමතරව ශිෂ්‍ය ව්‍යෘපාර, වෘත්තීය සමිති සහ කම්කරු ව්‍යාපාර නියෝජිතයන් හමුවී සාකච්ඡා කිරීමටද එම පක්‍ෂය සැලසුම් කර ඇත.