තමන් ජාත්‍යන්තර රටවල් රැසකට ආධාර ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් ඒ සෑම රටක්ම ලංකාවේ පිළිගතහැකි ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසු ආධාර ලබා දිය හැකි බව තමන්ට කියා සිටි බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.
ඒ මහතා කියා සිටියේ තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ඇමෙරිකාව, ජපානය, ඉන්දියාව වැනි රටවල නියෝජිතයන් සමග සාකච්ඡා කළ බවත් එහිදී ඒ සියලු දෙනාම මෙම කරුණ අවධාරණය කර සිටි බවත්ය.
එමෙන්ම රාජපක්‍ෂවරු බලයේ තබාගෙන රට හැදීමට යෑම විහිළුවක් බව කියා සිටි ඒ මහතා අද රටම පවසන්නේ ජනාධිපතිවරයා එම තනතුරෙන් ඉවත් වීම බවද කියා සිටියේය.
‘සිරස’ රූපවාහිනියේ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.










