දැනට වැට් බද්දෙන් නිදහස් කර තිබෙන භාණ්ඩ හා සේවා රැසක් මත 18% ක් දක්වා වැඩි කර තිබෙන වැට් බද්ද පැනවීමට රජය තීරණය කර තිබේ.Sri Lanka Latest News
ඒ අනුව, පුවත්පත්, සගරා සහ පුස්තකාල සේවා මත ද වැට් බද්ද පැනවෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
ඊට අමතරව, දැනට වැට් බද්දෙන් නිදහස් කර තිබෙන, පළතුරු බීජ, දියමන්ති, මුතු, ස්වර්ණාභරණ, සම් භාණ්ඩ නිෂ්පාදනය සදහා යොදා ගන්නා උපකරණ, කුලී රථ මීටර්, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ යන සියල්ල මත ද වැට් බද්ද පැනවීමට නියමිත ය.
සෞඛ්‍ය, අධ්‍යාපනය සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හැර අනෙකුත් සියළුම භාණ්ඩ හා සේවා මත වැට් බදු අයකිරීමට රජය කටයුතු කරන බව, සිය අයවැය කතාවේ දී ජනාධිපතිවරයා පවසා සිටියේ ය.










