ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු අධිකරණය මඟින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය.Sri Lanka Latest News
සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවි සංකීර්ණයෙන් පිටතට පැමිණි ධනුෂ්ක ගුණතිලක මුල්වරට කියූ කතාව පහතින්,
“මට තවත් කිවයුතු වැඩි දෙයක් නැහැ. විනිසුරුවරිගේ තීන්දුවෙන් සියලුදේ කියවුණා කියා මා හිතනවා. මගේ මේ දුෂ්කර කාලයේදි මට සහයෝග දැක්වු සියලුදෙනාට මේ අවස්ථාවේ ස්තූති කරන්න කැමතියි. පසුගිය මාස 11 ක පමණ කාලය මට අතිශයින්ම දුෂ්කර කාලයක් වුණා. විශේෂයෙන් මගේ නීතිඥයින්ට ඇත්තෙන්ම නීතිඥ මුරුගන් තංගරාජ් අද මෙහි පැමිණ නැතත් ඔහු සහ අනෙකුත් නීතිඥයින්ට බොහොම ස්තූතියි. මගේ කළමනාකරු, එලීන් සහ මගේ දෙමාපියන් සහ ශ්‍රී ලංකාවේ තවත් කිහිපදෙනෙක් , ඔවුන් සියල්ලන් මාව විශ්වාස කළා. එය මට ලොකු ධෛර්යක් වුණා. ඉතිං අවසානයේ විනිසුරුවරිය නිවැරදි තීරණයකට පැමිණියා. මා කිව් පරිදි ඒ තීන්දුවෙන් සියල්ල කියවෙනවා.මගේ ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වීම ගැන මම ඇත්තෙන්ම සතුටුයි. මට නැවතත් ආපසු ගොස් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන තුරු නොඉවසිල්ලෙන් ඉන්නේ.”










