දිවයින හරහා නිරිත දිගින් හමා එන සුළං ප්‍රවාහය සක්‍රීය වීමත් සමග අද (28) සිට ඉදිරි දින කිහිපය පුරාම නිරිතදිග ප්‍රදේශවලට බලපා ඇති වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා පවසනවා. (Sri Lanka Latest News)
ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ යන පළාත්වලත්, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවය හැකි බවයි ඒ මහතා සඳහන් කළේ.
Voice Tube










