පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේට ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් අපරාධ සම්බන්ධයෙන් චෝදනා ගොනු කර තිබෙනවා.Sri Lanka Latest News
වයස අවුරුදු 80ක් වන ඩුටර්ටේට එරෙහිව මෙම චෝදනා එල්ල වී ඇත්තේ, ඔහුගේ ධූර කාලය තුළ ක්‍රියාත්මක වූ “මහජන මත්ද්‍රව්‍ය විරෝධී යුද්ධය” (War on Drugs) නමින් හැඳින්වූ මෙහෙයුමකදී දස දහස් ගණනක් මිනිසුන් නඩු විභාගයකින් තොරව මරා දැමීමට ඔහු සෘජුවම සම්බන්ධ බවටයි.
ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නියෝජ්‍ය අභිචෝදක මාමේ මැන්ඩියායේ නියැන්ග් පැවසුවේ, පොලිසිය ඇතුළු වෙනත් පුද්ගලයන් විසින් සිදු කළ මෙම ඝාතන සම්බන්ධයෙන් ඩුටර්ටේ “වක්‍ර සම-අපරාධකරුවෙක්” බවයි.
ඩුටර්ටේට එරෙහිව චෝදනා තුනක් ගොනු කර තිබෙනවා.










