විපක්ෂයේ පක්ෂ එකමුතුව විසින් පත්කොටගෙන ඇති විධායක සභාවේ නියෝජිතයන් අද දින පළමු වරට පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
මෙම රැස්වීම අද පෙරවරු 10.30ට ආරම්භ වීමට නියමිතය.
මෙහිදී ආණ්ඩුව විසින් ගෙනඒමට සූදානමින් සිටින මහබැංකු පනත ඇතුලු පනත් කිහිපයක් සම්බන්ධයෙන් විපක්ෂ නියෝජිතයන් සාකච්ඡා කිරීමට සැලසුම් කොට ඇති බව වාර්තා වේ.
ආණ්ඩුව ගෙනයන මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව විපක්ෂයේ සියලුම පක්ෂ ඒකාබද්ධ විය යුතු බවට සිවිල් සමාජයෙන් විශාල හඩක් පසුගිය කාලයේ නැගෙමින් පැවති අතර ඊට අනුගත වෙමින් විපක්ෂයේ පක්ෂ නියෝජිතයන්ගෙන් සමන්විත විධායක සභාවක් පත් කිරීමට එම පක්ෂ පියවර ගෙන තිබිණ.