ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත්වරුන් අතර හමුවක් පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපති කාර්යාලයේදී ඊයේ (07) සිදු වී තිබේ.Sri Lanka Latest News
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අරඹමින් ඉදිරිපත් කළ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අනතුරුව සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරයා හමු වී ඇති අතර පැයක පමණ කාලයක් දෙදෙනා සාකච්ඡා කර තිබේ. එම අවස්ථාවට වෙනත් කිසිවකු සහභාගි වී නොතිබුණු අතර සාකච්ඡා වූ කරුණු මොනවාදැයි හෙළිදරව් නොවිණි.
මීට අමතරව සමගි ජන බලවේගයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ද පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා ඊයේ හමු වී තිබේ. පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අරඹමින් ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරන අවස්ථාවේදී එය වර්ජනය කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබූ නමුත් සරත් ෆොන්සේකා මහතා ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු සභා ගර්භයේ සිට ජනපතිවරයාගේ ප්‍රකාශයට සවන් දුන්හ.
දිනමිණ










