තලවිල සාන්ත ආනා සිද්ධස්ථාන භූමියේ, සැකකටයුතු ලෙස සැරිසැරූ පුද්ගලයින් පස්දෙනෙක් කල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.Sri Lanka Latest News
පොලිසිය සඳහන් කරන පරිදි අදාළ පුද්ගලයන්, සිද්ධස්ථානට අගෝස්තු මංගල්‍ය සදහා පැමිණි බැතිමතුන් පිරිසක් අතර මෙසේ සැකකටයුතු ලෙස සැරිසරමින් සිට ඇති අතර ඊයේ (01) රාත්‍රියේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ වයස අවුරුදු 22ක්, 23ක් හා 24ක් වන අතර ඔවුන් මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වනවා.
අදාල පුද්ගලයින් කුමන හේතුවක් මත දේවස්ථාන භූම්යට පැම්ණියාද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.
මේ වන විට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරිම් ආරම්භ කර ඇති අතර අනතුරුව පුත්තලම අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බවයි වාර්තා වෙන්නේ.










