ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු විසින් වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩා කරන තරුණ ක්‍රීඩකයකුට මහල් නිවාසයක් විකුණා රුපියල් කෝටි 2 ඉක්මවා යන අයුතු ලාභයක් ලබාගෙන ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
මෙම හිටපු සුපිරි ක්‍රිකට් නායකයා රුපියල් කෝටි තුනහමාරක් වටිනා මහල් නිවාසයක් මිලදී ගෙන ඇති අතර, පසුව එම මහල් නිවාසය තමන් යටතේ පුහුණුව ලැබූ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයකුට රුපියල් කෝටි පහමාරකට විකුණා ඇති බවක් දැනගන්නට ඇත.
පසුව ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමග මෙම තරුණ ක්‍රිකට් ක්‍රීඩකයා හිටපු ක්‍රිකට් නායකයා හමුවී දැඩි අප්‍රසාදය පළකොට ඇති බවක්ද දැනගන්නට තිබේ.
කෙසේ වෙතත් මේ සිදුවීම හේතුවෙන් කෝපයට පත්ව ඇති හිටපු සුපිරි ක්‍රිකට් නායකයා මෙම තරුණ ක්‍රිකට් ක්‍රීඩකයාව පුහුණු සැසිවලින් ඉවත් කිරීමට කටයුතු කොට ඇති බවක්ද දැනගන්නට ඇත.










