ජාතික ඉන්ධන බලපත්‍රයේ කිව්.ආර්. කේතයට ඉන්ධන පිරවුම්හල් 1,060 ක් ඊයේ (30) රාත්‍රී වන විට අනුගත වී සිටි බවත් ඉන්ධන පිරවුම්හල් 746 ක් ඊයේ කිව්.ආර්. පද්ධතිය හරහා ඉන්ධන නිකුත් කළ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
එම ඉන්ධන පිරවුම්හල් 746 ට ‘සිපෙට්කෝ’ පිරවුම්හල් 621 ක් සහ අයි.ඕසී. පිරවුම්හල් 125 ක් ඇතුළත් බවත් එහිදී ඉන්ධන ලීටර ලක්ෂ 21 කට වැඩි ප්‍රමාණයක් ලබාදුන් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ වන විට ජාතික ඉන්ධන බලපත්‍රයේ වාහන ලක්ෂ 48 කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබූ බව කී අමාත්‍යවරයා යතුරුපැදි 2,784,762 ක් සහ කාර් රථ 639,361 ක් ඇති ඇතුළත්ව බව ද සඳහන් කළේය.
මෙහිදී තෙල් නිකුත් කරන සියලුම ඉන්ධන හල්වල පොලිසිය යොදවා විශේෂ වැඩපිළිවෙළක් සකස් කොට ඇති බවද ඒ මහතා කීය.










