• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගේන්න සියල්ල ලෑස්තියි! සිංගප්පූරු ගිය කණ්ඩායම එක වැඩක් ගොඩදාගෙන! අනෙක් වැඩේ ෆේල්! I Sri Lanka Latest News

February 8, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
බැඳුම්කර වංචා නඩුවෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුලු 10 දෙනෙක් නිදොස් කොට නිදහස් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් ආණ්ඩුව බලයට පත්වෙද්දී ජනාධිපතිවරණයේදීත්, මහමැතිවරණයේදීත් රටට දුන් ප්‍රධානම පොරොන්දු දෙකෙන් එකක් වූයේ බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් දෙනවා යැයි කියාය. එහි මහමොළකාරයා වූ අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට බෙල්ලෙන් අල්ලාගෙන එනවා යැයි කියාය. අනෙක් පොරොන්දුව වූයේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන්ට උපරිම දඬුවම් දෙනවා යැයි කියාය. මෙහිදී පාස්කු මහමොළකරුවන් සම්බන්ධයෙන් කෙසේ වෙතත් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නම් මෙවර ‘රාජ්‍ය රහස්’ තීරයේ අප විශේෂ තොරතුරක් හෙළිදරව් කීරීමට සූදානම්ය. ඒ, යම් පරීක්ෂණ කණ්ඩායමක් බැඳුම්කර කොල්ලයේ මහමොළකරු වශයෙන් සැලකෙන අර්ජුන මහේන්ද්‍රන් සමග යම් ගනුදෙනුවක් ආරම්භ කර ඇති බවය. මීට පෙරාතුවද ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප වරක් තොරතුරු අනාවරණ කරමින් කියා සිටියේ එක්තරා විමර්ශන කණ්ඩායමක් අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සිංගප්පූරුවට ගොස් තිබූ බවකි.Sri Lanka Latest News

කෙසේ වෙතත් මෙවර මෙම විමර්ශන කණ්ඩායම සිංගප්පූරුව බලා ගොස් තිබුණේ ප්‍රධාන කරුණු දෙකක් මුල්කරගෙනය. මින් පළමු කරුණ වූයේ අර්ජුන මහේන්ද්‍රන් මුණගැසී බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු කටයුතුවලට ඔහුගේ සහාය ලබාගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කරගැනීමය. අපට ඇති තොරතුරු අනුව මෙම විමර්ශන කණ්ඩායම සහ අර්ජුන මහේන්ද්‍රන් අතර සිංගප්පූරුවේදී රහස් හමුවක් සිදුව තිබේ.

දෙවැනි කරුණ වී තිබුණේ සිංගප්පූරුවේ ක්‍රියාත්මක වන ප්‍රබල දේශපාලනඥයන් කිහිප දෙනකුගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් නිල වශයෙන් හෝ නොනිල වශයෙන් තොරතුරු ලබාගැනීමය. නමුත් මෙම මෙහෙයුම අසාර්ථක වී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. මන්ද යත් සිංගප්පූරු නීතියට අනුව එවැනි තොරතුරු ලබාදීමක් සිදුකරන්නේ නම් ඊට අදාළ නීතිමය ක්‍රමවේදයක් පැවැතීමය. එසේ නොමැතිව කිසිදු අවස්ථාවක සිංගප්පූරු නීතියට අනුව එරට බැංකු ගිණුම් පවත්වාගෙන යන පුද්ගලයන්ගේ තොරතුරු හෙළිදරව් කිරීම නීති විරෝධීය. ඒ අනුව එම මෙහෙයුම අසාර්ථක වී ඇති බවක් දැනගන්නට ඇත.

කෙසේ වෙතත් පළමු මෙහෙයුම සාර්ථක වූ නිසාදෝ පසුගිය සතියේ අර්ජුන් මහේන්ද්‍රන් යළිත් වතාවක් ප්‍රසිද්ධියේ සමාජ මාධ්‍ය හමුවේ පෙනී සිටීමට පියවර ගත්තේය. මීට පෙර අර්ජුන මෙසේ සිංගප්පූරුවේ සිට පළමු වරට එළියට පැමිණියේ ලන්ඩනයේ සිටින මාධ්‍යවේදියකු වන උවිඳු කුරුකුලසූරියගේ ෆේස්බුක් ගිණුම හරහාය. එහිදී උවිඳු අර්ජුන සමග සංවාදයක නිරත වන ඡායාරූපයක් පළමු වරට හෙළිදරව් කිරීමට පියවර ගත්තේය. ඉන් අනතුරුව ජනවාරි 01 වැනි දින අර්ජුන මහේන්ද්‍රන් සිය බිරිය සමග අලුත් අවුැද්දට සුබ පතමින් ඡායාරූපයක් ප්‍රසිද්ධියට පත්කිරීමටද පියවර ගත්තේය. ඒ අනුව අර්ජුන සිය ඡායාරූපයක් ප්‍රසිද්ධියට පත්කළ තුන්වැනි අවස්ථාව මෙයය. එමෙන්ම සිය ෆේස්බුක් ගිණුම කලකට පසු යාවත්කාලීන කරමින් සිය හිතවතුන් සමග සිටින විශේෂ ඡායාරූපයක්ද පසුගියදා අර්ජුන ප්‍රසිද්ධියට පත් කළේ හෙට අනිද්දා ඔහු නැවත වතාවක් ප්‍රවෘත්ති මවන්නකු බවට පත්වීමේ ඉඩකඩක් ඇති නිසාදැයි කියන්න දන්නේ නැත.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

නිදහස් සටනේ කවුරුත් නොදත් කාටත් අමතක වීරයෝ ! Sri Lanka Latest News

Next Post

සජිත් අනුරගේ නිදහස් දිනේට ගියේ ඇයි? Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.