• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් අනුරගේ නිදහස් දිනේට ගියේ ඇයි? Sri Lanka Latest News

February 8, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
ලොකු ලොකු කොම්පැනිකාරයෝ දිගට හරහට දේශපාලඥයෝ සල්ලිවලට අරන් උන්ගේ කටවල් වහලා තියෙද්දී විපක්ෂනායක නොකඩවා.. නොනවත්වා පොඩි ව්‍යාපාරිකයෝ බේරගන්නා සටනේ! ජරාව කාලා ඉන්න ඔස්තාර්ලාට නම් මේවා විහිලු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රනිල්ගෙ නිදහස් දිනේට නොගිය සජිත් අනුරගේ නිදහස් දිනේට ගිහින් මාර පාවා දීමක් කරලා…! මේක ඇත්තද? සාධාරණ විග්‍රහයක් කරමුද? Sri Lanka Latest News

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස නිදහස් දිනය සැමරීමට සූදානම් වනවිට එවක විපක්ෂය ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කළ සජබ සහ ජවිපෙ දෙකම සහ පාර්ලිමේන්තුවෙන් පිටත සිටි පෙරටුගාමීන් සහ අරගලකරුවන් දැරූ මතය වූයේ රට බංකොලොත් වී ඇති තත්ත්වයක් තුළ නිදහස් දිනයක් සැමරීම වෙනුවෙන් මුදල් වියදම් කළ යුතු නැති බවය.
එම මතය නිර්මාණය වීමට ප්‍රභලම සාධකය වූයේ විපක්ෂයේ ඉල්ලීම වූ මැතිවරණයක් පැවත්වීමට මුදල් නොමැති බව රජය ප්‍රකාශ කිරීමය. එසේම ආර්ථිකය බංකොලොත් වීමට වගකිව යුතු පොහොට්ටුව ඒ වනවිටත් ආණ්ඩු බලය හෙබවීමද එම මතය වඩාත් උත්සන්න වීමට හේතුවිය.

එම විරෝධය කෙතරම් ප්‍රබල වුණිද යත් එවක රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යමණ්ඩලයේ සිටි අප පවා නිදහස් දින සැමරුමක් කළ යුතුද යන්න පිළිබඳ දෙගිඩියාවකට පත්විය. මේ පිළිබද ජනාධිපතිවරයා සමග කතාකිරීමට ඔහුගේ කාර්යාලයට මා ගිය විට සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේ,
‘ඕක කතා කරන්න ගිහිල්ල මම බැණුම් අහල ඉන්නෙ, ඔයාලත් ඕනෙ නම් බැණුම් අහන්න…’ යනුවෙනි.

රට වැටී ඇති විට, අපි යළි නැගිටින බව ලෝකයටත් රටටත් ප්‍රකාශ කළ යුතු බවත්, ඒ සඳහා නිදහස් දිනය උත්කර්ෂවත්ව කිරීම අත්‍යාවශ්‍ය බවත් අපගේ අදහසට ප්‍රතිපක්ෂව රනිල් වික්‍රමසිංහ මහතා දැරූ අදහසයි.

ජනාධිපතිවරයා ලෙස ඔහු දරූ ස්ථාවරය නිවැරදි බව එම පැහැදිලි කිරීම සමග අපටද පසක් විය. විපක්ෂයේ පීඩනය හමුවේ එය සාර්ථක කිරීමට අපද හැකි පමණ දායක විය.
අවංකවම සිතුවොත් මැතිවරණ නොපැවැත්වූයේ මුදල් නොමැතිකම නිසා නොව, මැතිවරණයක් පැවැත්වූවා නම් ලැබෙන ප්‍රතිඵලය විය හැකි වූයේ විපක්ෂය විශාල ජයක් ලැබීම නිසාය.

විපක්ෂ නායක සජිත් නිදහස් දිනය වර්ජනය කරන්නේ තනිව නොව, සජබ ඇතුළු බහුතර විපක්ෂ අදහස එය වූ බැවිනි. එය එම මොහොතේ විපක්ෂ දේශපාලනය අර්ථයෙන් ගත්කල නිවැරදිය. යම් විදිහකින් එය වැරදි නම් එහි වගකීම් පුද්ගලිකව සජිත්ගේ වගකීමක් නොව එය විපක්ෂය දැරූ මතයයි.

මෙවර නිදහස් දිනය පැවැත්විය යුතු නැතැයි කිසිවකු ප්‍රකාශ කළේ නැත. හැම කෙනෙක්ගේම අදහස වූයේ නිදහස් දිනය අභිමානවත්ව පැවැත්විය යුතු බවය. නිදහස් දිනයට එදිරිව කළු කොඩි එසවූයේ උතුරේ කණ්ඩායම් කීපයක් පමණි. විරෝධයක් පැවතුණේ දමිළ ඩයස්පෝරාවේ කීපදෙනකු තුළ පමණි.

ආණ්ඩුවට විරුද්ධ සියලු දෙනා හඬ නැගුවේ, ආණ්ඩුව හරියට නිදහස සමරන්නේ නැතුව, බල්ලා නාවන්න ගෙන යනවා මෙන් නිදහස් දිනය සැමරීමට කටයුතු කිරීම පිළිබඳවය.
‘ණයට ගත් අවි පෙන්වා නිදහස් දින සැමරිය යුතු නැතැ’යි ආණ්ඩුව කියන විට ආණ්ඩුවේ නිදහස් දින සැමරීමේ අකැමැත්ත හොඳින් ප්‍රදර්ශනය විය.

විපක්ෂයේ මතය වූයේ එම අකැමැත්තට උඩගෙඩි දීම නොව, එයට එරෙහිව නිදහස් දිනය සැමරීමේ වැදගත්කම අවධාරණය කිරීමය.
විපක්ෂ නායකවරයා නිදහස් දිනයට සහභාගි වන්නේ නිදහස් දිනය අභිමානයෙන් සැමරිය යුතුය යන මතය නියෝජනය කරමිනි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගි වූයේ අනුර දිසානායකගේ නිදහස් දිනයට නොව, අනුර අකැමැති, රටේ නිදහස් දිනයටය.

ඔබ සිතන්නේ සජිත් රටේ නිදහස් දින නිල උත්සවය වර්ජනය කළ යුතුයි කියාද?

වරුණ රාජපක්ෂ

SendShareShare
Previous Post

අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගේන්න සියල්ල ලෑස්තියි! සිංගප්පූරු ගිය කණ්ඩායම එක වැඩක් ගොඩදාගෙන! අනෙක් වැඩේ ෆේල්! I Sri Lanka Latest News

Next Post

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සම්ප්‍රදායේ පසුගාමීත්වය සහ එහි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිවිපාක! Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.