• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැමෝම No No…! ප්‍රේමදාස Yes Yes…! Sri Lanka Latest News

August 23, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
පොරොන්දු ඇත ඉටු කරන්න බෑ කියලා බැරිය මලේ…! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා‌ විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘එළඹෙන 1984 වසරේ මෙරට නිවාස සංවර්ධනයේ සිදුවන වෙනස්කම් සමගින් නිවාසලාභී ජනතාව වඩාත් නිවාසකරණයට යොමුවෙයි. ඒ අනුව වැඩි නිවාස ඉදිකිරීමකට නිවාසලාභී ජනතාව යොමුවෙයි.Sri Lanka Latest News

එවන් තත්ත්වයක් තුළදී රජයටත් අපේක්ෂිත වියදමට වැඩි මුදලක් නව නිවාස වැඩසටහන සඳහා වැය කිරීමට සිදුවේ.
අප පසුගිය පස් වසරක කාලයක් (1979 – 1983) තුළදී මෙරට ක්‍රියාත්මක කළ නිවාස ලක්ෂයේ වැඩසටහනේ සාර්ථකත්වය නිසා නිවාසලාභී ජනතාව මෙම වැඩසටහන පිළිබඳ ලොකු බලාපොරොත්තුවක් තබා තිබේ.

නමුත් රජය මුහුණපා ඇති මූල්‍ය අභියෝගය හේතුවෙන්, අප බලාපොරොත්තු වූ විලසින් ඉදිරි වසර පහක කාලයක් (1984 – 1989) තුළදී අප සැලසුම් කළ පරිදි පවුල් දසලක්ෂයකට නිවාස පහසුකම් සැපයීම ඇත්තෙන්ම රජයට අභියෝගයකි.

නමුත් කවර මූල්‍ය අභියෝග පැවැතියත් නිවාස දසලක්ෂය වැඩසටහන පිළිබඳ ජනතා අපේක්ෂාවන් අප මෙම කාලපරිච්ඡේදය තුළදී ඉටුකිරීම අනිවාර්යයෙන් සිදුකළ යුතුයි.’
අගමැති ප්‍රේමදාස මහතා මෙම අදහස පළකළේ, 1984 වසරේ ඔක්තෝබර් මාසයේ සිය අමාත්‍යාංශ නිලධාරීන්ගේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අමතමිනි.

පොරොන්දු කඩ නොකළ නායකත්වයක්
ප්‍රේමදාස මහතාගේ අපේක්ෂාව වූයේ නිවාස ලක්ෂය වැඩසටහනේ සාර්ථකත්වය තුළින් උද්‍යෝගිමත් වූ ජනතාවගේ නිවාස දසලක්ෂය වැඩසටහන් අපේක්ෂාවන් කෙලෙසකින් හෝ ඉටුකිරීමයි.

සාර්ථක වූ මෙම නිවාස ලක්ෂය වැඩසටහන පිළිබඳ විදෙස් රටවල් හා ජාත්‍යන්තර ආයතන හා විදෙස් රටවල් වඩාත් ආකර්ෂණය වීමත් ‘1987 ජාත්‍යන්තර නිවාස වසර යෝජනා’ පිළිබඳ ලෝකවාසී අවධානය යොමුවීමත් සමගින්, යෝජිත නිවාස දසලක්ෂය වැඩසටහන වඩාත් ඵලදායී නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහනක් බවට පත්කර ගැනීම ප්‍රේමදාස මහතාගේ අධිෂ්ඨානය විය.

මෙහි වැඩසටහන සැලසුම් වීම, ක්‍රියාත්මක වීම, ඒ සඳහා රාජ්‍ය අරමුදල් වඩාත් අරපිරිමැස්මෙන් භාවිත කිරීම, නිවාසලාභී ජනතාව සහ සෙසු පාර්ශ්ව මෙකී වැඩසටහන සඳහා සහාය කරගැනීම මෙහිදී වඩාත් අවධානය යොමුකළ කාර්යයි.

නිවාසකරණය සඳහා රාජ්‍ය අරමුදල් සීමාවීම
මෙතෙක් ක්‍රියාත්මක වූ නිවාස ලක්ෂය වැඩසටහන යටතේ නිවසක ඉදිකිරීමක් වෙනුවෙන් රජය රුපියල් 70,000ක පමණ මුදලක් වැයකළ අතර, එකී මුදල නිවාස දසලක්ෂය වැඩසටහනේදී ග්‍රාමීය නිවාස නිවාසලාභී පවුලකට රුපියල් 7,500ක් සහ නාගරික නිවාසලාභී පවුලක් වෙනුවෙන් රුපියල් 15,000ක සාමාන්‍යයක් විය.
මෙවන් රාජ්‍ය අනුග්‍රහක මූල්‍යමය වෙනස්කමක් සිදුවීමේදී නිවාස වැඩසටහනේ ක්‍රියාකාරීත්ව සමගින්වූ සියලු උපාය මාර්ගයන්හි මහත් වූ වෙනස්කම් සිදුවිය. මෙතෙක් නිවාසකරණයේදී තීරක බලවේගය වූයේ රජයයි. නමුත් නිවාස දසලක්ෂය වැඩසටහනේදී එහි වෙනස්කම් සිදුවිය. ඒ අනුව නිවාසලාභියාට සුදුසු නිවස කවර අයුරකින් ඉදිකරන්නේද යන්න පිළිබඳ එකී නිවාසලාභී විසින් තීරණ ගත් අතර, රජය විසින් සිදුකරනු ලැබුවේ අවශ්‍ය අනුග්‍රහක දායකත්වය ලබාදීම පමණකි.

නිවාස දසලක්ෂය ජාත්‍යන්තර ඇගයුමට
ඒ අනුව මෙරට පමණක් නොව, නිවාස සංවර්ධනයේ නියුතු වූ විවිධ ආයතන පවා මෙය නව අත්දැකීමක් විය. මහා බි්‍රතාන්‍යයේ ලන්ඩන් සරසවියේ සංවර්ධන සහ සැලසුම් ඒකකය, ඇමෙරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් ආයතනය, එක්සත් ජාතීන්ගේ ජනාවාස කොමිසම වැනි සංවිධාන මෙකී වැඩසටහන පිළිබඳ අධ්‍යයනයන් සිදුකරමින් එම නිවාස අත්දැකීම ලොව සෙසු රටවලට ලබාදීම සිදු කළේය.

එමෙන්ම ජාත්‍යන්තර සමුළු අවස්ථාවන්හිදී අගමැති ප්‍රේමදාස මහතා මහත් අභිමානයෙන්, නිවාස දසලක්ෂය වැඩසටහනේ නව අත්දැකීම ලොවට හඬගා ප්‍රකාශ කළේය. 1987 ජාත්‍යන්තර නිවාස වසර නිමිත්තෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ සැසිවාරය ඇමතූ ප්‍රේමදාස මහතා, ප්‍රකාශිත මෙම අදහස එය වඩාත් තහවුරු කරයි.

‘ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිවාස දසලක්ෂය වැඩසටහනේ රජයේත් ප්‍රජාවගේත් රාජකාරි හුවමාරු වී තිබෙන බව ඔබට පෙනේවි. ඒ අනුව මෙතෙක් සිදුවූ රජයේ සංවර්ධන ක්‍රියාවලියකට ජනතාව සම්බන්ධ වීම වෙනුවට ජනතාව මූලික සංවර්ධන කාර්යයක් සඳහා රජය සහාය වීමක් මෙහිදී සිදුවනවා.’

අඩු වියදම් නිවාස තාක්ෂණයට නැඹුරුවක්
එමෙන්ම මෙම නිවාස වැඩසටහනේදී රජය විසින් නිවාස ඉදිකිරීම සඳහා සීමිත මූල්‍ය අනුග්‍රහයක් ලබාදීම හේතුවෙන්, මිල අධික වූ තාක්ෂණ ඉදිකිරීම් ක්‍රම හෝ ගොඩනැගිලි ද්‍රව්‍ය අදාළ නිවාස ඉදිකිරීම් සඳහා භාවිත කිරීම නොහැකි විය. විශේෂයෙන් නිවාස දසලක්ෂය ග්‍රාමීය නිවාස වැඩසටහන යටතේ, ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජ්‍ය අනුග්‍රහක නිවාස සංවර්ධන වැඩසටහනක් වෙනුවෙන් කැටගල්, වරිච්චි, නොපිලිස්සූ ගල්, තාප්ප මැටි වැනි තාක්ෂණ ක්‍රම භාවිත කළේය.

එවන් ඉදිකිරීම් ක්‍රම පිළිබඳ මනා පළපුරුද්දකින් හෙබි ගමේ බාස් උන්නැහේට එමගින් නැවත සමාජ පිළිගැනීමක් ඇතිවිය. ගම තුළ සෙසු සංවර්ධන කාර්යයන්හිදී මෙන්ම නිවාස සංවර්ධනයේදී ගමේ නිවාස අවශ්‍යතාව හා එය සපුරාලීම පිළිබඳ වඩාත් නිවැරදි අවබෝධය පැවැතියේ ග්‍රාමීය නායකත්වයෙන් යුතු සංවිධානයි.

නිවාස ඉදිකිරීමේ ශිල්පීන් පුහුණුවට ලෝක බැංකු ආධාර
ග්‍රාමීය ශ්‍රමිකයන් සඳහා ඇතිවූ මෙම නව ඉල්ලුමත් සමගින් විශේෂයෙන් ගම තුළ වඩු හා මේසන් ශිල්පය සඳහා තරුණ පිරිස් වඩ වඩාත් යොමුවිය. ඔවුන් නිවාසකරණය සඳහා යොමුකිරීමේදී මනා ශිල්පීය දැනුමක් හා පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාව වඩාත් නිවැරදිව වටහාගත් රජය, මෙකී තරුණ පිරිස සඳහා පිළිගත් ශිල්පීය පුහුණුවක් ඉදිකිරීම් ශිල්පීය පුහුණු ආයතනය තුළින් ලබාදෙන ලදී.

වසර පහක් තුළදී ඉදිකිරීම් ශිල්පීන් 50,000ක් මෙම වැඩසටහන යටතේ පුහුණු කිරීම ඉලක්කගත වූ අතර, වෘත්තීය මට්ටමින් මෙකී පුහුණු වැඩසටහන සඳහා ලෝක බැංකු අනුග්‍රහය හිමිවූ අතර, මෙරට නිවාස ඉදිකිරීමේ ශිල්පීය පුහුණු වැඩසටහනක් සඳහා ලෝක බැංකු අනුග්‍රහය හිමිවූ මුල්ම අවස්ථාව මෙය වේ.

නිවාස සංවර්ධනය සඳහා දායකවූ ග්‍රාමෝදය මණ්ඩලය
නිවාස දසලක්ෂය වැඩසටහන ගම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමේදී ග්‍රාමීය නායකයන් හා ක්‍රියාකාරීන්ගෙන් සමන්විත ‘ග්‍රාමෝදය මණ්ඩල’ ස්ථාපිත කිරීම සිදුවූ අතර, ගමේ සියලු සංවර්ධන කාර්යයන්ට සමගාමීව නිවාස සංවර්ධනය පිළිබඳ නිර්දේශපාලනිකව තීරණ ගනු ලැබුවේ ග්‍රාමෝදය මණ්ඩලය විසිනි. ගම තුළ පැවැති ඉපැරැණි අන්‍යොන්‍ය විශ්වසනීය වැඩ කිරීමේ සම්ප්‍රදාය ග්‍රාමෝදය මණ්ඩල වැඩසටහන හේතුවෙන් නැවත නිල පිළිගැනීමකට ලක්විය. ඉපැරැණි ගම තුළ පැවැති සාම්ප්‍රදායික නිවාස ඉදිකිරීම් රටාවද මෙමගින් පණගැන්විණි.
මෙම නිවාස සංවර්ධන වැඩසටහන තුළ රාජ්‍ය මූල්‍ය අනුග්‍රහය වඩාත් සීමාවීම හේතුවෙන්, අඩු වියදම් වූ මෙම නිවාසකරණය සඳහා වඩාත් සීඝ්‍ර නැඹුරුවකට ග්‍රාමීය ජනතාව යොමුවිය.

නිවාස දසලක්ෂය වැඩසටහන සවිමත් කළ අඩු වියදම් නිවාස තරගය
එය වඩාත් තීව්‍ර වූයේ නිවාස දසලක්ෂය වැඩසටහනට සමගාමීව එවක රජය විසින් දීපව්‍යාප්තව ක්‍රියාවට නැංවූ ‘අඩු වියදම් නිවාස තරගය’යි. අවට පරිසරයෙන් පහසුවෙන් සොයාගත හැකි ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිතයෙන් ගමේ මේසන් හා වඩු කාර්මික ශිල්පය සහායෙන් ඉදිවූ මෙම නිවාස ඉදිකිරීම් අත්උදවු නිරන්තරයෙන් ලබාදෙනු ලැබුවේ, අදාළ නිවාසලාභී පවුලේ සාමාජිකයන් විසිනි. ඒ හේතුවෙන් තම නිවහන සිය පවුලේ ශ්‍රමදායකත්වයෙන් වඩාත් අඩු වියදමකින් ඉදිකිරීමේ අභිමානය ගම්වැසි නිවාසලාභියාට ඇතිවිය.

සියක් ලක්ෂයක් රුක් සෙවණේ දසලක්ෂයක් නිවහන්
මෙවන් ආකාරයට පරිසරහිතකාමී ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිතය නිවාස දසලක්ෂය වැඩසටහනේදී වඩාත් ජනප්‍රිය විය. එමෙන්ම නිවහන ඇසුරේ ගහකොළ වගාකිරීමේ සම්ප්‍රදාය වඩාත් තීව්‍ර කිරීම මෙමගින් සිදුවිය. ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් ගෙනෙනු ලැබූ රාජ්‍ය යෝජනාවකට අනුව නිවාස දසලක්ෂය වැඩසටහන යටතේ ඉදිවූ සෑම නිවසක් ආශ්‍රිතව ගස් දහයක් රෝපණය කිරීම රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙසින් ප්‍රකාශයට පත්විය. මෙකී වැඩසටහන නිවාසලාභීන් අතර වඩාත් ජනප්‍රිය වූයේ ‘සියක් ලක්ෂයක් රුක් සෙවණේ දසලක්ෂයක් නිවහන්’ ලෙසිනි.

උදාකළ ගම්මාන උදාව
නිවාස සංවර්ධනය සඳහා මුල් තැනක් දුන් උදාගම් ව්‍යාපාරය යටතේ ක්‍රියාත්මක වූ නිවාස ලක්ෂය වැඩසටහන (1978 – 1983) යටතේ උදා වූ ආදර්ශ ගම්මාන රාජ්‍ය දායකත්වයෙන් උදාවීම හේතුවෙන් ‘උදාගම්මාන’ ලෙසින් හඳුන්වාදෙනු ලැබීය. නමුත් එයට වෙනස්වූ නිවාසලාභී ජනතා සහභාගිත්ව ක්‍රියාවලියක් නිවාස දසලක්ෂය වැඩසටහන (1984 – 1989) යටතේ සිදුවිය. ජනතාවගේ පූර්ණ දායකත්වයෙන් මෙම නිවාස ඉදිවීම හේතුවෙන්, එකී ජනාවාස ‘උදාකළ ගම්මාන’ ලෙසින් හඳුන්වා දෙනු ලැබීය.
උදාකළ ගම්මාන වැඩසටහන යටතේ බිහි වූ ප්‍රථම ආදර්ශ ගම්මානය අනුරාධපුර හොරොව්පොතාන ප්‍රදේශයේ උදාවිය. නිවාසලාභී ශ්‍රමයෙන් උදාවූ ‘කන්හිඳිගම’ නමින් නම් වූ මෙම සංවර්ධිත ගම් ප්‍රදේශය 1984 ජුනි මස 20 දින අගමැති ප්‍රේමදාස මහතා විසින් ජනතා අයිතියට පත්කරන ලදී. නිවාස දසලක්ෂය වැඩසටහන ක්‍රියාත්මක වූ වසර පහක කාලය තුළදී දිවයින පුරා මෙවන් උදාකළ ගම්මාන 475ක් ජනතා අයිතියට පත්විය.

නිවාස දසලක්ෂය වැඩසටහනේ සාර්ථක මූලධර්ම භාවිතයෙන් දිවයිනේ සෙසු ප්‍රදේශවලද නිවාස හා ජනාවාස සංවර්ධන කාර්යයන් සිදුවිය. විශේෂයෙන් නාගරික දුප්පතුන් හා අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ජනාවාස ගැටලුව සඳහා විසඳුම් සෙවීම වෙනුවෙන් නිවාස දසලක්ෂය වැඩසටහන වඩාත් සාර්ථකව උපයෝගී කරගනු ලැබීය.

නාගරික නිවාස ගැටලුව සඳහා නිවාස දසලක්ෂය විසඳුම්
විශේෂයෙන් කොළඹ නගරය ඇතුළු නාගරික ප්‍රදේශ ආශ්‍රිතව අනවසරයෙන් දීර්ඝකාලීනව ජීවත්වූ ජනතාව වෙත ජීවත්වීම සඳහා වඩාත් සුදුසු බිම් කොටසක අයිතිය ලබාදීම මෙම වැඩසටහන තුළින් සිදුවිය. මෙම වැඩසටහන යටතේ මුල්ම සාර්ථක නිවාස ව්‍යාපෘතිය කැලණි පාලම ඇසුරේ වගුරු බිම් ආශ්‍රිතව පැල්පත්වාසී ජනතාව මුල්කොට ආරම්භ කෙරිණි. ඔවුන් එවකට ජීවත් වූ වගුරු බිම තුළ ඔවුන් සඳහා ස්ථීර නිවාස ඉදිකිරීම ගැටලුවක් විය. එමෙන්ම ඔවුන්ගේ ආර්ථික සමාජ අවශ්‍යතාවට අනුකූලව ඔවුන් දීර්ඝකාලීනව ජීවත් වූ භූමි ප්‍රදේශයෙන් ඉවත්වීමටද මෙම ජනතාව කැමැත්තක් නොදැක්වීය.

‘කැලණි පාලම’ නාටකය සහ නවගම්පුර
නාට්‍යවේදී ආර්.ආර්. සමරකෝන් විසින් එවක නිෂ්පාදිත ‘කැලණි පාලම’ නාටකය තුළින් කැලණි ගංතීරයේ ජීවත්වූ පැල්පත්වාසී ජනතාවගේ සැබෑ ජීවන අරගලය නාට්‍යානුසාරයෙන් දුටු අගමැති ප්‍රේමදාස මහතා, සැබෑ ලෙසින්ම මෙම ජනකොටසේ නිවාස ගැටලුව සඳහා විසඳුම් සෙවීම සඳහා තීරණය කරන ලදී. ඒ අනුව ඔවුන් ජීවත්වූ කැලණි ගං ඉවුර ඇසුරේ බේස්ලයින් පාරේ වගුරු බිමක් සංවර්ධනය කොට, නිවාස දසලක්ෂය වැඩසටහනේ ප්‍රථම නාගරික නිවාස ව්‍යාපෘතිය, ‘නවගම්පුර’ නමින් සංවර්ධනය කොට එදා කැලණි පාලම කීර කොටුවේ ජීවත්වූ ජනතාව වෙත ප්‍රදානය කරන ලදී. 1986 වසරේ මාර්තු මාසයේ එක්තරා දිනකදී අගමැති ප්‍රේමදාස මහතා විසින් මෙම ජනාවාසය ජනතා අයිතියට පත්කිරීම සිදුකරන ලදී.

එහි දෙවැනි අදියර ලෙසින් කෝට්ටේ ජයවර්ධනපුර ‘බණ්ඩාරනායකපුර’ ජීවත්වූ තාවකාලික නිවාසලාභීන් සඳහා ස්ථිර නිවාස හිමිකමක් ලැබීමක් ලෙසින් හඳුන්වා දියහැකි වේ.

දිවයින පුරා නාගරික පුරවර 127ක්
මෙලෙසින් දිවයින පුරා නාගරික ප්‍රදේශ ඇසුරේ, ‘පුරවර ජනාවාස’ 127ක් නිවාස දසලක්ෂය වැඩසටහන යටතේ උදාවිය. එවක පැවැති ජාතික නිවාස දත්තවලට අනුකූලව රාජ්‍ය අනුග්‍රහයෙන් නව නිවාස ලක්ෂයක් සමගින් තවත් නිවාස 1,50,000ක, ජීවත්වීමට සුදුසු අයුරින් අත්‍යාවශ්‍ය අංග එක්කළ යුතු විය.
නිවාස දසලක්ෂය වැඩසටහන යටතේ ග්‍රාමීය නිවසක් ඉදිකිරීම සඳහා රුපියල් 7,500ක මුදලක් ප්‍රදානය කළ අතර, එය නාගරික නිවසක් ඉදිකිරීමේදී එක් නිවසක් වෙනුවෙන් රුපියල් 15,000ක් විය.

නිවාසකරණය සඳහා මූල්‍ය අනුග්‍රහක ‘මනාප මාලාවක්’
මෙම නිවාස අවශ්‍යතාවට අනුකූලව සැලසුම් වූ නිවාස දසලක්ෂය වැඩසටහන විවිධ නිවාස මනාප මාලාවකින් සමන්විත විය. ඒ අනුව,
● ග්‍රාමීය නව නිවසක් ඉදිකිරීම සඳහා රුපියල් 7,500ක්
● නාගරික නිවසක් ඉදිකිරීම සඳහා රුපියල් 15,000ක්
● නිවසක වැඩිදියුණුව සඳහා රුපියල් 5000ක්
● නිවසක වැඩිදියුණුව සමගින් වැසිකිළිය සහ වෙනත් යටිතල පහසුකම් සඳහා රුපියල් 12,000ක් ලෙස වෙන්කෙරිණි.

මෙලෙසින් නිවාසලාභීන්ගේ අවශ්‍යතාව වඩාත් නිවැරදිව හඳුනාගෙන නිවාස මනාප මාලාවක් සැකසුණු මුල්ම අවස්ථාව මෙය වේ.
මෙලෙසින් පවුල් දසලක්ෂයක් සඳහා වසර පහක් වැනි නිශ්චිත කාලපරිච්ඡේදයක් තුළදී නිවාස පහසුකම් සැපයීම සඳහා ක්‍රියාත්මක වූ නිවාස දසලක්ෂය වැඩසටහන සැබෑ ලෙසින්ම නිවාසලාභීන්ගේ පූර්ණ දායකත්වයෙන් රාජ්‍ය ආයතනික සහායෙන් මෙරට ක්‍රියාත්මක වූ එකම සංවර්ධන වැඩසටහනයි.
එහි සැබෑ සාර්ථකත්වය හේතුවෙන් ලොව විවිධ රටවල් එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ නොමඳව අත්දැකීම් ලැබීය.

ලක්විජය සාගර පලන්සූරිය.

SendShareShare
Previous Post

උසස් පෙළ නොවැම්බර් 10 පටන් ගන්නවා! Sri Lanka Latest News

Next Post

ප්‍රබුද්ධයෝ එකතු වෙලා ජෝතිවයි කරුවයි කපපු හැටි! කරුගේ පුතා පළමු වරට හෙළිකරයි! Sri Lanka Latest News

MORE NEWS

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News
Exclusive

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News
Exclusive

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Exclusive

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

Exclusive

පොදු අපේක්ෂකයෝ අතුරුදන් වෙයි! Sri Lanka Latest News

Load More
2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News
Exclusive

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

2014 ඔක්තෝබර් මාසයේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ හමුවීමට ගොස් ඔහුට ලංකාවේ සංචාරයක් සඳහා ආරාධනා කළේය. ඊට පෙර 2013දී...

Read more
ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

ව්‍යවස්ථා නිර්මාතෘ අම්බෙඩ්කාර් දර්ශනය යළි එළියට! මෝදිගෙන් පසු භාරතය බෞද්ධ අභිජීත් භාරගනීද? Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

UNPය සහ SJBය අනුරට පින් දිය යුත්තේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

1999 පරාදයි! 2005 පරාදයි! 2024 තුන්වැනියා! වයස 80දි රනිල් ආයෙත් ජනාධිපති සටනට! Sri Lanka Latest News

රේගුවෙන් නිදහස් කරපු කන්ටේනර් 323 ගැන හොයන්න අනුර පත්කරපු කමිටුවේ වාර්තාව ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! හංගගෙන හිටපු ඒ කමිටු වාර්තාව අද මුජිබර් පාර්ලිමේන්තුවට දැම්මා! රතු ලේබලයේ අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු කන්ටේනර් 37ක් කිසිම පරීක්ෂාවක් කරලා නෑ! වැඩේ නීති විරෝධී බව කමිටු වාර්තාව තහවුරු කරලා! කන්ටේනර් 103ක් ස්කෑන් කරලත් නෑ! ආණ්ඩුව සද්ද නෑ! මේක නම් අහන්නම වටින කතාවක්! VIDEO I Sri Lanka Latest News

දින 90ට තිබ්බ අපනයනකරුවන්ට ඩොලර් රුපියල් කිරීම දින 30ට අඩු කළේ ඇයි? අනුර මොකද රිවස් වුණේ? වෙළෙඳපොළේ විශ්වාසය බිඳ වැටිලා! මේක ඉතාම භයානකයි! ආර්ථිකය ලොකු අර්බූදයකට යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.