• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රබුද්ධයෝ එකතු වෙලා ජෝතිවයි කරුවයි කපපු හැටි! කරුගේ පුතා පළමු වරට හෙළිකරයි! Sri Lanka Latest News

August 23, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ප්‍රබුද්ධයෝ එකතු වෙලා ජෝතිවයි කරුවයි කපපු හැටි! කරුගේ පුතා පළමු වරට හෙළිකරයි!  Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට ගීත සාහිත්‍යයට රසවත් සහ අර්ථවත් ගීත රචනා දහස් ගණනක් දායාද කළ කරුණාරත්න අබේසේකරයන්ගේ පුත් දිලීප අබේසේකර මහතා, ශ්‍රී ලාංකේය ගීත කලාවේ ‘හදවත රත්තරන් ජෝති’ නම් විරුදාවලිය ලත් එච්.ආර්. ජෝතිපාලයන් සම්බන්ධයෙන් පළකළ අදහස් දැක්වීමකි මේ. දිලීප අබේසේකර මහතා මෙම අදහස් දැක්වීම සිදුකළේ කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ මීට වසර කිහිපයකට ඉහතදී පැවැති එච්.ආර්. ජෝතිපාල 28 වැනි ගුණසමරු වැඩසටහනේදීය.Sri Lanka Latest News

මට මේ කතාව කරන්න කියපු නිමිත්ත අපේ කරුණාරත්න අබේසේකර. තාත්තා තමයි මම හිතන විදිහට එච්.ආර්. ජෝතිපාල මහත්මයාට වැඩියෙන්ම ගීත රචනා කරලා තියෙන්නේ.

මේ දෙන්නා හම්බවෙලා තියෙන්නේ ඊට ගොඩක් කාලෙකට ඉස්සෙල්ලා. 1954 විතර කාලේ. දෙන්නා ගැනම කවුරුත් දන්නේ නැති කාලේ, එක්තරා චිත්‍රපටයක ඔඩිෂන් එකකදී. ඔඩිෂන් කියන්නේ ඒකට සුදුසුද නැද්ද කියලා බලන සම්මුඛ පරීක්ෂණයක් වගේ තැනකදී, තාත්තා ගිහිල්ලා තියෙන්නේ සින්දු ලියන්න මේ ඔඩිෂන් එකට, ජෝතිපාල මහත්මයා ගිහිල්ලා තියෙන්නේ සින්දු කියන්න.

මේ දෙන්නා ඒ නිෂ්පාදකයාගේ ගෙදර මිදුලෙදි තමයි හම්බවෙලා තියෙන්නේ. ඉතින්, මීට කලින් දෙන්නා දෙන්නා ගැනම අහලා තියෙන හින්දා, තාත්තා කියලා තියෙනවා මේ, ‘මම අහලා තියෙනවා ඔයා ගැන. ඔයා කැටවලමුල්ලේ නේද? මේ පුංචි බොරැල්ල පැත්තේ එහෙම ඔයා සාජ්ජවල සින්දු කියනවා නේද?’ කියලා. ඊට පස්සේ ජෝතිපාල මහත්මයා කියනවා ‘මාත් ඔයා ගැන අහලා තියෙනවා, ඔයා ගුවන්විදුලියට යනවා එනවනේ’ කියලා. ‘ඒක නෙමෙයි, මොකද වුණේ ඔඩිෂන් එකට?’ ‘ආ, මම ෆේල්’ කිව්වලු. ‘තමුසෙට මොකද වුණේ?’ ‘මාත් ෆේල්’ කිව්වලු.

ඔය ෆේල් කරන මේ සංසිද්ධිය ජෝතිපාල මහත්මයාට එයාගේ ජීවිතය පුරාම අත්විඳින්න සිද්ධ වුණා දිගටම.
ඉස්සෙල්ලාම අපේ විචාරකයෝ කිව්වා ඔහු ගායකයෙක් හැටියට ෆේල්, මොකද ඔහු ගායනා කරන්නේ හින්දි තනු විතරයි කියලා. ඒහා සමානව අපේ තාත්තත් බැනුම් ඇහුවා ජෝතිපාල මහත්මයාට හින්දි තනුවලට ගීත රචනා කළා කියලා. ඊළඟට, ගුවන්විදුලියේදී නිල නොලත් විදිහට ඔහුගේ හොඳම ගීත අපිට අහන්න ලැබුණේ නැහැ ගුවන්විදුලිය හරහා. මමවත් අහපු නැති බොහොම ලස්සන ගීත තියෙනවා. එතැනදීත් ඔහුව ෆේල් කරන්න උත්සාහ කළා.

ඊළඟට, 60 ගණන් 70 ගණන් නිමාවෙලා රූපවාහිනිය එනකොට තිබුණේ ඔහුට හිතවත් කියන්න පුළුවන් ආණ්ඩුවක්. ඒ රජය යටතේ රූපවාහිනිය පටන් ගත්තට, රූපවාහිනියේදීත් නිල නොලත් විදිහට ඔහුව කොන්වීමක් සිද්ධ වුණා, අපි ඔක්කොම දන්නවා. ඊළඟට කෙළින්ම කියන්න පටන් ගත්තා ඔහු පීචං ගායකයෙක් කියලා. ඒත් අර ෆේල් කිරීමේ යාන්ත්‍රණය දිගටම ගියා.

අන්තිමට කොහොම හරි ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය විසින් පවා ඔහුව ෆේල් කරන්න යෙදුණා අවුරුදු 52දී. නමුත්, ඔහු ෆේල් වුණේ නෑ කියන එකට හොඳම සාක්ෂියක් තමයි අද මේ උත්සවයත්. අවුරුදු 28ක් ගෙවිලා, ඔහු ෆේල් නෑ.

මේ කාලේ, අර දේවල් අරහෙම සිද්ධ වෙද්දී, ඔහුගේ අලුත් ගීත එනකම් මිනිස්සු බලාගෙන හිටියා. ඒ නිසා ගුවන්විදුලියට සරල ගීත කරන්න සිද්ධ වුණා ඔහුගේ සරල ගී වැඩසටහන්. සංගීත සංදර්ශනවලට ඔහු එනකන් මිනිස්සු ගෙදර නොගිහින් බලාගෙන හිටියා. ෆිල්ම් දිව්වා ඔහුගේ සින්දු හින්දා. කැසට් කර්මාන්තය, තැටි කර්මාන්තය රඳාපවත්වගෙන හිටපු එක්තරා විශාල නැංගුරමක් වගේ කෙනෙක් තමයි එච්.ආර්. ජෝතිපාල මහත්මයා.

ඉතින්, ඔහු ෆේල් කියන එක අපි කවුරුත් පිළිගන්නේ නෑ, ඒක අපිට දැනෙන්නේ නෑ. මම එක චූටි උදාහරණයක් ඔහුගේ කලාව කියන්නම්.
මේ කාලය තුළදී, ඔහුව ෆේල් කරන්න හදපු, ඒ වගේම ඔහුව පිළිගත්තු මේ සංසිද්ධි දෙකම වෙන කාලය තුළදී, ඔහු අහම්බෙන් වගේ ගීතයක් ගායනා කරනවා 1974 විතර. ඔබ දන්නවා ඒ ගීතය මොකක්ද කියලා. චිත්‍රපටයකට ගායනා කරන්නේ, ‘සංගීතා’ චිත්‍රපටයට.

ඔහු අත්නොහැරපු අර කල්‍යාණ මිත්‍රයෝ දෛවෝපගතව මේ ගීතයට සම්බන්ධයි. සරත් දසනායක මහත්මයා තමයි සංගීත අධ්‍යක්ෂණය කරන්නේ. ලියන්නේ අපේ තාත්තා. තිමති වීරරත්න චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. ඔහුගේ අතිජාත මිත්‍ර විජය කුමාරතුංග මහත්මයා තමයි මේකේ දර්ශනයට පෙනී සිටින්නේ. ගීතය ඔබ දන්නවා.
මේ ගීතය මම උපුටා ගන්නේ ඔහුගේ සමස්ත ගීතාවලිය ඇතුළේ, මේ ගීතය, මම අහන හැම වතාවකම හිතනවා ඔහු ගායනා කරන්නේ ඔහුගේ ජීවිතය ගැන කියලා. ඔහු මේ සියල්ල දැන ඉඳලා ගායනා කරන ගතියක්, ඔබ ඊළඟ වතාවේ ඒ ගීතය අහනකොට ඒ හැඟීම අහලා බලන්න.

ගීතය තමයි,
‘සල් සපුනා නිල් මානෙල් කුමුදු සමන් මල් අතරේ, කිඩාරම් මලේ පවා සුවඳ දිගහැරේ….’
දැන් අර මුලින් කියන මල් ටික අපි හැමෝම පිළිගන්න මල්. කිඩාරම් මල සමහර විට අපි අහලත් නැතුව ඇති මේ ගීතයෙන් ඇරෙන්න. නමුත් කිඩාරම් මලටත් ආවේණික සුවඳක් තියෙනවා. අපිට ඒක මගහරින්න බෑ.

ඊළඟට ඔහු කියනවා,
‘පළිඟු රුවන් මිණිමුතු මෙන් පහන් දිලෙනවා,
එබඳු පහන් අඳුරු විමන් පහන් කරනවා…
වැලිතලේ සැඟවිලා රුවන් හැදෙනවා (මැණික් හැදෙන්නේ වැලි යට, පොළොව යට)
එය හැඟී නෙත මගේ කඳුළු සලනවා…
‘වීණාවේ බිලිඳු තතින් මිහිරි සර වැයේ…’

ඒක ඉතාම ලස්සන පදයක්. ‘වීණාවේ බිලිඳු තතින්’ කියන්නේ, මේ තත් භාණ්ඩවල තියෙනවා සංගීතය කරන අය දන්නවා ඇති, තත් භාණ්ඩවල අන්තිම, හීනි තතක් තියෙනවා. ඒකෙන් පවා ඉතාම ලස්සන ස්වර වැයෙනවා.
‘සුපෙම් හැඟුම් උපද්දවයි දුගී උව ළයේ
කළු වලාවල පවා රිදී ඉරි තියේ
කිමද මේ නියදහම් අමතකව ගියේ?…’

කවුරු හරි කෙනෙක් හිතනවා නම්, කවුරු හරි කෙනෙක් කීවා නම් එච්.ආර්. ජෝතිපාල කිව්වේ බොහොම සරල, ගැඹුරක් නැති සින්දු කියලා, මේ ඒ අයට දෙන්න පුළුවන් එක හොඳ උත්තරයක්. ඔහු අත්නොහැරපු, ඔහු කවදාවත් ෆේල් නොකරපු අපි වගේ අයට, මේ ඔහුගෙන් ගන්න පුළුවන් ලොකුම උදාහරණය, ලොකුම ආදර්ශය.
‘කළු වලාවල පවා රිදී ඉරි තියේ…’

Janaka Malmuthurama

SendShareShare
Previous Post

හැමෝම No No…! ප්‍රේමදාස Yes Yes…! Sri Lanka Latest News

Next Post

චීනයයි ඉන්දියාවයි එකතු වුණොත් ලංකාවට මොනවා වෙයිද? Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.