• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජපක්ෂලාගේ ආණ්ඩුවේ හිටියට හැමෝම වැරදි නෑනේ! එහෙම කණ්ඩායමක් තමයි අපිත් එක්ක එකතු වුණේ! සජබෙත් එක්ක එකතු වුණු පොහොට්ටුවේ අය ගැන ජේ.සී. කතා කරයි! VIDEO I Sri Lanka Latest News

April 9, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ජේ.සී.ට, එකට හිටපු ෆීල්ඩ් මාෂල් නරක් වෙයි වෙයි! රනිල්ව හොඳ වෙයි! රනිල්ට කාලයක් දෙන්නත් ඕනෙ කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රටේ ආර්ථිකය ගොඩගන්න වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේග ආර්ථික කමිටුවේ සමාජිකයන් ඕනෑම විවාදයකට සූදානම් බවත් රට ආර්ථික වශයෙන් ගොඩගැනීමට හැකි කණ්ඩායම සිටින්නේ සමගි ජනබලවේගයේ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පැවැසීය.Sri Lanka Latest News

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා මෙසේද පැවැසීය.

‘‘සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව ජාතික ජනබලවේගයේ ආර්ථික කමිටුවට රටේ ආර්ථිකය සහ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට ආරාධනා කළා. ඒ අවස්ථාවේදී ජාතික ජනබලවේගයේ ආර්ථික කමිටුව නියෝජනය කරන සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සමඟ සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විවාදයක පැමිණෙන්න කියලා. ඒ අභියෝගය භාර ගන්නා බවත් ඕනෑම විවාදයකට සුදානම් බවත් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ප්‍රකාශ කරලා තිබෙනවා. රට ආර්ථික වශයෙන් ගොඩගැනීමට හැකි කණ්ඩායම සිටින්නේ සමගි ජනබලවේගයේ පමණයි. රටේ ආර්ථිකය ගොඩගන්නේ කොහොමද කියලා රටටම ප්‍රකාශ කරන්න , ඕනෑම විවාදයකට සහභාගි වෙන්න සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා සමඟ සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව නියෝජනය කරන ආචාර්ය හර්ෂ ද සිල්වා , ඉරාන් වික්‍රමරත්න , කබීර් හෂිම් සූදානම්.

ජාතික ජනබලවේගයේ ආර්ථික වැඩපිළිවෙළ කුමක්ද කියලා රටට ප්‍රකාශ කරන්න. ඒ පිළිබඳව දැන ගන්න රටේ ජනතාව නොයිවසිල්ලෙන් බලාගෙන සිටිනවා. ජාතික ජනබලවේගය ශ්‍රී ලංකාව කිව්බාවක් කරනවාද , උතුරු කොරියාවක් කරනවාද කියලා රටේ ජනතාව ඉදිරියේ කියන්න. අපි ජාතික ජනබලවේගයට කියනවා රටේ ජනතාව රවට්ටන්න උත්සහ කරන්න එපා කියලා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත් ඔහුගේ ආර්ථික වැඩපිළිවෙළ ඉදිරිපත් කළේ නෑ. ආර්ථික වැඩපිළිවෙළ ප්‍රකාශ කරන්න ඔහු කිසිදු මාධ්‍යයට ආවේ නෑ. ඔහුගේ ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන පිරිස් මාධ්‍යයට ආවෙත් නෑ. ජාතික ජනබලවේගයේ ආර්ථික වැඩපිළිවෙළ ජනතාවට සඟවන්නේ නැතිව ඉදිරිපත් කරන්න කියලා අපි කියනවා. ගෝඨාභය පාට් ටූ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ නෑ.

සමගි ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්තියේ හංගන්න දේවල් නෑ. සමගි ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරි මැතිවරණයේදී සියලු දෙනාට දැන ගැනීමට සඳහා ඉදිරිපත් කරන්න සුදානම්. එය පත්‍රිකාවක් ලෙස සකස් කර සෑම නිවසකටම ලබාදීමේ වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා. සමගි ජනබලවේගයේ ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සමගි ජනබලවේග ආර්ථික කමිටුවේ සිටින විශේෂඥයෝ ඕනෑම තැනකට ඇවිත් කතාකරන්න සුදානම්.
රට භාර ගැනීමට සිටින කණ්ඩායමේ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ දැනගන්න ජනතාවට අයිතියක් තිබෙනවා. රට ගොඩගැනීමේ ආර්ථික වැඩපිළීවෙළ පිළිබඳව ජනතාවට ඉදිරිපත් කරන්න ජාතික ජනබලවේගය කටයුතු කළ යුතුයි. මොකද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටේ ආර්ථිකය ගොඩගන්නේ කොහොමද කියලා කිසිදු අවස්ථාවක කතා කළේ නෑ. ඒ සම්බන්ධයෙන් අභියෝග කළාම එය මගහැරියා. ඒ විදිහටම තමයි ජාතික ජනබලවේගය අද කටයුතු කරන්නේ. ජානාධිපතිවරණයට වෙනම ආර්ථික ප්‍රතිපත්තියක් , මහ මැතිවරණයට වෙනම ආර්ථික ප්‍රතිපත්තියක් , පළාත් පාලන මැතිවරණයට වෙනම ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන බව ජාතික ජනබලවේගය ප්‍රකාශ කරලා තිබුණා. එවැනි ආර්ථික ප්‍රතිපත්ති තිබෙන කණ්ඩායමක් කොහොමද රට ගොඩගන්නේ. රටේ ජනතාව රවට්ටන්න මෙවැනි පිරිසකට ඉඩ දෙන්න බෑ.

පාර්ලිමේන්තුව තුළ සිටින රටට ආදාරය කරන , හොරු නොවන රට පිළිගත්ත කණ්ඩායම් සමගි ජන සන්ධානයට එකතු කරගන්න අපි කැමැතියි. පාර්ලිමේන්තුවට පිටතින් සිටින බුද්ධිමතුන් , ව්‍යාපාරිකයන් , විශාල පිරිසක් බලාගෙන සිටිනවා ජනබලවේගය සමඟ එකතුවෙන්න. අපි ඒ සියලු දෙනාට ආරාධනා කරනවා. රට ගොඩගැනීමට සිටින හොදම කණ්ඩායම සිටින්නේ සජිත් ප්‍රේමදාස විපක්ෂනායකතුමා සමඟයි. පසුගිය රජයේ හිටපු සියලු කණ්ඩායම් රට ආර්ථික වශයෙන් බංකොලොත් කරන්න කටයුතු කළේ නෑ. වර්තමාන පාලනය වැරදියි කියලා එළියට පැමිණි කණ්ඩායමක් තමයි සමගි සන්ධානය සමඟ එකතුවුණේ. ඒ වගේම කියන්න ඕන ගෝඨාභය රාජපක්ෂ බලයට ගේනන කටයුත් කළ වියත්මග කණ්ඩායමේ සියලුම දෙනා සමගි ජන සන්ධානයට එකතු කර ගන්න අපේ කිසිදු අදහසක් නෑ. රට ගොඩගත යුතුයි කියලා හිතන සියලු දෙන එකතු වෙන්නේ සමගි ජනබලවේගය සමඟයි.‘‘

SendShareShare
Previous Post

මමත් අපේ ආර්ථික කමිටුවත් ඕනෑම වෙලාවක විවාදයට සූදානම්! චරිත ඝාතන නැතිව මඩ නැතිව රට ගොඩනගන වැඩපිළිවෙළ ගැන අපි ප්‍රසිද්ධියේ විවාද කරමු! මුලතිව්වල සිට හඳුන්නෙත්තිගේ අභියෝගය බාරගත් සජිත් පුත්තලමේ සිට අද යළිත් අනුරට විවාදයට එන ලෙසට අභියෝග කරයි! බලමු දැන්වත් අනුර අභියෝගය බාරගනියිද කියලා! VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල් කියන්නේ ජාතික වස්තුවක්! ඔක්කොම එකතුවෙලා රැකගමු! සංස්කෘතික අමාත්‍යංශය නෙමෙයි කියන්නේ! රංගේ බණ්ඩාර කියන්නේ! I Sri Lanka Latest News

MORE NEWS

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ!  PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

Load More
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

ලංකාවේ දේශපාලනය කියන්නේ ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලකදී වුණත් ‘හොඳම විද්‍යා ප්‍රබන්ධ සහ හාස්‍යෝත්පාදක’ ගණයෙන් සම්මාන දිනාගත හැකි සුපිරිම නාට්‍යයකි. මේ...

Read more
අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ!  PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ!  PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.