ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරයේ ඊයේ රාත්‍රියේ තැන්පත් කිරීමට ගිය බුදුපිළිමය පොලිසිය මැදිහත් වී ඉවත් කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද.විජේපාල මහතා කළ ප්‍රකාශය අසත්‍යයක් බව දයාසිරි ජයසේකර මහතා පැවසීය.Sri Lanka Latest News
මන්ත්‍රීවරයා මේ අදහස් පළකරද්දී ඊට අවස්ථාව නොදීමට කතානායකවරයා පියවර ගත් අතර ඊට දැඩි විරෝධය පළකරමින් දයාසිරි ජයසේකර මහතා අදහස් පළකිරීමට පියවර ගෙන තිබිණ.










