සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස රමේෂ් පතිරණ මහතා පත්වුවද ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින සොරකම් ඒ අයුරින්ම සිදුවන බව නීතිඥ වසන්ත යපාබණ්ඩාර මහතා සදහන් කළේය. Sri Lanka Latest News
එහිදී ඒ මහතා මෙසේද කියා සිටියේය.
🛑 අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුතුමාද මේ රටේ නීතියට යටත් විය යුතුයි. ව්‍යවස්ථාදායකය තනි පුද්ගලයෙක් අතික්‍රමණය කරන්න හදනවා නම් මේ පාර්ලිමේන්තුව ඒ පිළිබඳව දැවැන්ත ක්‍රියාවලියකට යායුතුයි.
🛑 සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දී තිබෙන බරපතල අභියෝග පිළිබඳව පහුගිය කාලයේ අපි මේ පාර්ලිමේන්තුව දැනුවත් කළා. ඉන් එහාට ගිහින් මට සිද්ධ වුනා පෞද්ගලික මන්ත්‍රීවරයෙක් විදියට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගිහිල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ බාල ඖෂධ ආනයනය සහ දූෂිත ගණුදෙනු පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න.
🛑 එදා අපි මානව හිමිකම් කවුන්සිලයට ගිහිල්ලා, ලෝක සෞඛ්‍ය සංවිධානයට ගිහිල්ලා කියපු දේවල් අද වෙනකොට යථාර්ථයක් වෙලා නීතිය ක්‍රියාත්මක වන තත්වයට පත්වීම ගැන අපි එක පැත්තකින් සතුටු වෙනවා.
🛑 හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, අපි සෞඛ්‍ය අර්බුදය, බාල ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ දූෂිත ගණුදෙනු ගැන හඬ නගද්දි එදා අපි කාලකන්නි දේශපාලකයින් කියලා ගැලරියට කතා කරලා බැලුවා සෞඛ්‍ය අමාත්‍යංශය බේරගන්න පුළුවන්ද කියලා.
🛑 හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිවයි හදිසි මිලදී ගැනීම් සිදුකරේ. නව සෞඛ්‍ය අමාත්‍යතුමනි, පුද්ගලයින් මාරු කිරීමෙන් පමණක් අපි සෑහිමකට පත්වෙන්නේ නෑ. ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමයි විය යුත්තේ. NMRA හරහා රජයේ බදු මුදල් දරුණු විදියට අවභාවිතා වෙනවා.
🛑 දූෂිතයින්ට එරෙහිව අපි හඬ නගද්දි මේ ආණ්ඩුව කරන්නේ පණිවුඩකරුවා මරාදැමීමයි. CID ය මගෙනුත් පැය 5ක් ප්‍රශ්න කරා.










