ඩබ්ලිව් මෙන්ඩිස්, වයඹ ඩිස්ටලරීස්, රන්දෙනිගල ඩිස්ටලරීස්, හිග-රාන ඩිස්ටලරීස් ඇතුළු අරක්කු නිෂ්පාදන සමාගම් ගෙවිය යුතුව ඇති හිග බදු මුදල් අය කර ගැනීමට අදාල බළධාරීන් නියෝග කරන ලෙස ඉල්ලා, සිවිල් ක්‍රියාකාරිකයන් 17දෙනෙකු එකතු වී, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. (Sri Lanka Latest News)
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස, සුරාබදු කොමසාරිස්, මුදල් අමාත්‍යංශ ලේකම්, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා, විගණකාධිපති සහ බදු ගෙවීම පැහැර හැර ඇති සියළු අරක්කු නිෂ්පාදන සමාගම් නම් කර තිබේ.
හිග බදු මුදල් ගෙවන තුරු අදාල අරක්කු නිෂ්පාදන සමාගම් වෙත ලබා දී තිබෙන බලපත්‍ර අහෝසි කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ වැඩිදුරටත් ඉල්ලා සිටිති.
2022 වසරේ දී රජය අපේක්ෂා කරන ලද බදු ආදායම රුපියල් බිලියන 101 කින් පහත වැටී ඇති බව පවසන පෙත්සම් කරුවෝ ඉන් බිලියන 26 ක් ම සුරාබදු හරහා ලැබිය යුතුව තිබෙන බදු බව පවසති.
ලංකාවේ ආර්ථික පරිහානියට මෙම බදු අය කර ගැනීම පැහැර හැරීමද හේතුවක් යැයි යෝජනා කරන පෙත්සම් කරුවෝ, රට බංකොලොත් වූවාට පසුව හෝ එකී බදු අයකර ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධව සිය දැඩි විරෝධය පළ කර සිටිති.
headlinenews










