විදුලි ගාස්තු ඉහළ යාමක් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ පෙළ ආරංචි මාර්ග සදහන් කරයි.
විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන්රී වූ යෝජනාව දැනටමත් ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කොට ඇති බවද දැනගන්නට ඇත.
“අවසන් වරට 2014 දී ගාස්තු සංශෝධනය කරන ලද අතර, පසුව එය අඩු කළා. විදුලිය නිෂ්පාදනය සඳහා වැය වන මුදල ඉතා ඉහළ බැවින් පාරිභෝගිකයින්ට මෙම වසරේ ගාස්තු වැඩිවීමක් අපේක්ෂා කිරීමට සිදුවේවි. පසුගියදා පවා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබුණේ රු. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) ණය ගෙවීම සඳහා ලංවිමට බිලියන 93ක් අවශ්‍ය බවයි. අන්තිමට ඒ මුදලත් ලැබෙන්නේ මහජනතාවගෙන්. පරිභෝජනය කරන අවස්ථාවේ පිරිවැය පියවා ගැනීමට පාරිභෝගිකයන් ද දායක වන්නේ නම් එය වඩාත් සුදුසුයි.” යැයි ලංවිම ප්‍රකාශකයෙක් කීය.