මෙම වසර ඇතුළත මැතිවරණයක් පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිසම තීරණය කොට ඇත.
ඒ අනුව බොහෝ දුරට මෙම වසර ඇතුළත වසරකින් කල් දැමුණු පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිසම සූදානමින් සිටින බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා ලබන 24 වැනි දින සියලුම පිළිගත් දේශපාලන පක්ෂ නියෝජිතයන් කැදවීමටද මැතිවරණ කොමිසම පියවර ගෙන ඇත.
එහි සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා සදහන් කර ඇත්තේ එහිදී මැතිවරණය පවත්වන ක්‍රමය සම්බන්ධයෙන් එකගතාවකට පැමිණීමට සැලසුම් කර ඇති බවකි.










