කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ පදික මාරුවේදී පුද්ගලයෙකු බිම හෙලා පලා ගිය බවට නිල ඇඳුමින් සිටි බීමත් රථවාහන පොලිස් නිලධාරියෙකුට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර තිබේ. Sri Lanka Latest News
අධික ලෙස මත්පැන් පානය කර තිබියදී අනතුර සිදුවීමෙන් පසු රථවාහන පොලිස් නිලධාරියා තමන්ගේ නිවැරදි බව පිරිසට පෙන්වා දීමට කටයුතු කොට ඇත.
නමුත් පොලිස් නිලධාරියාගේ පැහැදිලි කිරීම ප්‍රතික්ෂේප කර ඇති එම ස්ථානයේ සිටි මත්තුමගල දේවස්ථානයේ පියතුමකු ඔහු කළ වරදේ බරපතළකම පැහැදිලි කිරීමට පියවර ගෙන තිබේ.
තුවාල ලැබූ පුද්ගලයාගේ අතේ සහ පාදයේ අස්ථි බිඳීමකට ලක්ව ඇති අතර, ඔහු කඩිනමින් හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇත.
සිද්ධියෙන් පසු රථවාහන පොලිස් නිලධාරියා තමා හැප්පුණු පුද්ගලයාගේ තුවාල ගැන හෝ නොබලා ත්‍රිරෝද රථයකින් එම ස්ථානයෙන් පලා ගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පියතුමා මහබාගේ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
වීඩියෝව ඩේලිමිරර් වෙබ් අඩවියෙනි.










