පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට පොලිස්පති ධූරයේ තවදුරටත් කටයුතු කිරීම සදහා ලබා දී තිබු මාස 3ක සේවා දිගුව මෙම මස 09 දිනෙන් අවසන් වීමට නියමිත බව පොලිස් මුලස්ථානය පවසයි.Sri Lanka Latest News
පොලිස්පතිවරයා වෙත මේ දක්වා සේවා දිගු දෙකක් ලබා දී තිබුණි.
ශ්‍රි ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා වශයෙන් 2020 නොවැම්බර් මස පත් වු පොලිස්පති සී ඩී වික්‍රමරත්න මාර්තු මස 25 වැනි දින විශ්‍රාම යාමට නියමිතව සිටියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඒ මහතා වෙත මුල්වරට මාස 3ක සේවා දිගුවක් ලබා දී තිබුණි.
පළමු සේවා දිගුව අවසන්වීමෙන් පසුව දෙවන සේවා දිගුව ඉකුත් ජුනි මස 09 දින සිට බලපැවැත්වෙන පරිදි මාස තුනක කාලයක් සදහා ලබා දී තිබුණි.
එම සේවා දිගුවද මෙම මස 09 දිනෙන් අවසන් වීමට නියමිතව ඇත.










