• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දරුවො දාස් ගානක් අනතුරේ මෙහෙම ගියොත් රටම ඉවරයි අධ්‍යාපනය ඉවරෙටම ඉවරයි…

July 3, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
දරුවො දාස් ගානක් අනතුරේ මෙහෙම ගියොත් රටම ඉවරයි අධ්‍යාපනය ඉවරෙටම ඉවරයි…
Share on WhatsAppShare on Facebook

යම් රටක පත්තරකාරයෙක්ට රටේ අධ්‍යාපනය ඉවරයි කියලා ලිපියක් පටන් ගන්න වෙනවා කියන්නේ ඊට වඩා අවාසනාවන්ත තත්ත්වයක් තවත් නෑ. ඇත්තටම ලංකාවෙ අධ්‍යාපනය ඉවරයි. අධ්‍යාපනය ඉවරයි කියන එකෙන් අතුරු කතාවක් විදියට ඉදිරිපත් කරන්න තියෙන්නේ දරුවන්ගෙ අනාගතය ඉවරයි කියන එක. දරුවන්ගේ අනාගතය සම්බන්ධව මේ රටේ ඉන්න කිසිම දේශපාලකයෙක් සාකච්ඡා කරන්නෙ නෑ. දරුවන්ගෙ අනාගතයට හෙට මොකක් වෙයිද කියලා කිසිම දේශපාලන වේදිකාවක කතා වෙන්නේ නෑ. කිසිම විපක්ෂ දේශපාලකයෙක්, ආණ්ඩු පක්ෂ දේශපාලකයෙක්, පාර්ලිමේන්තුවේ ඒ වෙනුවෙන් රණ්ඩු වෙන්නේ නෑ. ඒ වෙනුවෙන් සටන් කරන්නේ නෑ. විරෝධතා ව්‍යාපාර පවත්වන්නෙ නෑ. මේ රටේ හැමෝටම අවශ්‍ය වෙලා තියෙන්නේ තෙල්, ගෑස්, විවිධ අත්‍යාවශ්‍ය දේවල් සහ කෑම බීම ටික විතරයි. අපි කිහිප වතාවක්ම ඒ පිළිබඳ ලිපි ලිව්වා. ඒ පිළිබඳ සවිස්තර සටහන් තැබුවා. නමුත් කිසිම කෙනෙක් ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන පාටක් අපට පේන්න නෑ. පහුගිය කාලවකවානුවේ සිද්ධ වෙච්ච දේවලුත් එක්ක ලංකාවෙ ළමයින් පිරිසකට පෙරපාසල් අධ්‍යාපනය 100%ක්ම අහිමි වුණා. සමහර දරුවො අවුරුද්දටම මොන්ටිසෝරි ගිහිල්ලා නෑ. සමහර දරුවන්ට එකේ පන්තියක අධ්‍යාපනයක් නෑ. එකේ පන්තියේ දරුවෙක්ට මොබයිල් ෆෝන් එකකින් ඔන්ලයින් උගන්නනවා කියන්නේ හරියට කැලේ ඉන්න සතෙකුට ගෑරුප්පුවකින් හැම් බේකන් කවනවා වගේ වැඩක්. ඒක අරුත්බර වැඩක් නොවනවා වගේම, අවදානම් වැඩක්. ජීවිතත් එක්ක සෙල්ලම් කරන මේ රට ඇතුළේ කිසිම සැලසුමක් අධ්‍යාපනය වෙනුවෙන් නොහදන්නේ ඇයි කියලා අපි ආයෙත් ප්‍රශ්න කරනවා.

දරුවන්ගෙ අධ්‍යාපනය අත්‍යාවශ්‍ය සේවාවක් නොවිච්ච රටක දරුවන්ගෙ පාසල නිවාඩු දෙන ක්‍රමවේදය සම්බන්ධව නිවැරැදි මතයක් ඉදිරිපත් කරන්න බැරි රටක කොළඹ අධ්‍යාපන කලාපය ගැන විතරක් හිතලා ඒ දරුවන්ගේ අධ්‍යාපනය ගැන විතරක් නිශ්චිත තීන්දු අරගෙන, අනෙක් අයගේ අධ්‍යාපනය ගැන විදුහල්පතිලට ඕනෙ විදියකට හිතාගන්න කියලා ප්‍රධාන වේදිකාවෙ, ප්‍රවෘත්ති සාකච්ඡාවෙදි අධ්‍යාපනය ගැන එකක් කියලා, කලාප රැස්වීමේදි තව එකක් කියලා දරුවන්ගෙ අධ්‍යාපනය, ගුරුවරුන්ගෙ වැඩසටහන් සියල්ල පිස්සුවක් බවට පත් කරගත්ත මේ වගේ පාලකයන්ට ලබන ආත්මෙවත් මේවා පල දෙනවා කියලයි අපට කියන්න තියෙන්නේ.

සාමාන්‍ය පෙළ විභාගය, උසස් පෙළ විභාගය කියන මේ විභාග දෙක මත දරුවන්ගෙ අධ්‍යාපනය තීරණය වන බව දැන දැනත් ඒ දරුවන්ගෙ අනාගතය ගැන නිවැරැදි වැඩපිළිවෙළක් නොහදා, විභාගයක් තියන්නෙ කවදාද කියන එක ගැන සැලසුමක් නොකර, විභාගයකට අවශ්‍ය දේවල් සාකච්ඡා නොකර මේ මිනිස්සු මොකක්ද මේ කරන්නේ? මේ රටේ අධ්‍යාපන ඇමැති කෙනෙක් නැද්ද? ඛනිජ තෙල් ඇමැති අධ්‍යාපනය ගැන තීන්දුවක් අරගෙන ඒ මනුස්සයා තමන්ට පුළුවන් මට්ටමට අධ්‍යාපනය පිළිබඳ යෝජනා ඉදිරිපත් කරද්දී එතැනින් එහාට අධ්‍යාපනය පිළිබඳ වැඩසටහන් ලෑස්ති කරන්න ඕනෙ අධ්‍යාපන ඇමැති. අධ්‍යාපන ඇමැතිලා පිස්සු කෙළිනකොට අධ්‍යාපනය විනාශ වෙලා විකාර වෙලා යනවා කියන එක අහන්න දෙයක් නෙවෙයි. ළමයින්ගෙ පාසල පවත්වන එකට නිවැරැදි වැඩපිළිවෙළක් හදලා මේ පිළිවෙළට මේක කරන්න ඕනෙ, මේ විදියට මේක කරන්න ඕනෙ, මෙන්න මේ අය සහභාගි වෙන්න ඕනෙ කියලා චක්‍රලේඛයක් නිකුත් කරලා නිවැරැදි දෙයක් කරන්න බැරුව, විදුහල්පතිලට ඕනෙ ඕනෙ විදියට ඉස්කෝල තියන්න කිව්වාම විදුහල්පතිලා තමන්ට කැමැති දේවල් කරනවා. එහෙම නම් මේ රටට අධ්‍යාපන අමාත්‍යාංශයක් අවශ්‍ය නෑනෙ. අධ්‍යාපනය පිළිබඳ බලධාරීන් ඕනෙ නෑනෙ. මේ තරම් අවදානම් කාලෙක, මෙච්චර අර්බුද තියෙන කාලෙක තමන්ට පුළුවන් විදියට විභාග කරගෙන යන්න පුළුවන් නම්, තමන්ට පුළුවන් විදියට අධ්‍යාපනය පවත්වාගෙන යන්න පුළුවන් නම්, තමන්ට පුළුවන් විදියට ඉස්කෝල පවත්වාගෙන යන්න පුළුවන් නම්, ඒ විදුහල්පතිලාටම බැරියා මේ රටේ අධ්‍යාපනය ඉස්සරහට කරගෙන යන්න. විභාග ටිකත් ඉස්කෝලෙම තියලා, දරුවන්ගෙ ප්‍රතිඵලත් නිකුත් කරලා සුදුසු අය විශ්වවිiලයටත් යවලා ඕනෙ දෙයක් කරගන්න ඒ මිනිස්සුන්ට ඉඩ දීලා අර මහා විශාල ගොඩනැගිල්ලක අයිස් ගගහා ඉන්න මිනිස්සුන්ට වෙන වෙන රස්සාවල් ටිකක් දීලා, එක්කො රට පටවලා රජයට වියදම් වෙන සල්ලි ටික නාස්ති වෙන එක හරි නතර කරගන්න පුළුවන්. නිකන් බොරු බේගල් ඇදබාලා මේ රටේ මිනිස්සු හැමදාම ගොනාට අන්දන දේශපාලකයන්ට මේක විහිළුවක් වුණාට උන් ඉගෙන ගෙන නැති හින්දා, උන් ඉස්කෝලෙ ගිහිල්ලා නැති හින්දා, උන්ට අධ්‍යාපනය ගැන කිසිම වුවමනාවක් තැකීමක් නැති වුණාට මේ දරුවන්ගෙ අධ්‍යාපනය තමයි උන්ට හෙටක් හදන්නේ. මේ කන්න බොන්න නැති ජාතියක අහිංසක දරුවො. උන් අදත් බඩගින්නෙ කුදහන එවුන්. උන්ගෙ අම්මලා තාත්තලා පෝලිම්වල දුක් විඳනවා. එහෙම දුක් විඳින එවුන්ට හෙටක් හදන්න ඕනෙ. උන්ට අනාගතයක් හදන්න ඕනෙ. උන්ට අනාගතයක් හදන්නෙ නැතුව තම තමන්ට අනාගතේ හදාගෙන ඩොලර් බිලියන ගණන් තමන්ගෙ එකවුන්ට්වල පරිස්සම් කරගෙන සුරංගනා ලෝකවලට යන්න හිතාගෙන ඉන්න කාලකණ්ණි දේශපාලකයන්ට අවීචි මහා නරකාදියට යන්න වෙනවා කියලා අපට කියන්න තියෙන්නේ මේ පේන්න තියෙන දේවල් දැක්කම. කොහොම වෙතත් මේ වෙනකොට 2019 දෙසැම්බර් මාසෙ අවසාන විභාගවලින් පස්සේ කිසිම විභාගයක් කිසිම අධ්‍යාපන වැඩපිළිවෙළක් නිවැරැදිව නිශ්චිතව පවත්වාගෙන යන්න මේ ආණ්ඩුවට බැරිවුණා. ලෝකෙ මීට වඩා භයානක අර්බුද එනවා. ලෝකෙ මීට වඩා දරුණු වසංගත එනවා. ලෝකෙ මීට වඩා දරාගන්න බැරි කාල වකවානු එනවා. ඒ කාලවලට ඒ රටවල් මුහුණ දෙන්න ඕනෙ. ඒක ඇත්ත. මේ ඇවිල්ලා තියෙන දරුණු තත්ත්වයට විසඳුම් තියෙන්නෙත් මිනිස්සු ගාවමයි. මිනිස්සු ආත්මාර්ථකාමීව වැඩ කරනකොට, කිසිම දෙයක් සැලසුම්සහගතව කරගෙන යන්න බෑ.

තෙල් ගහන්න පෝලිමට එනකොට ඒ තෙල් පෝලිම තමන්ගෙ ආයතනයෙ එවුන්ට තෙල් ටික ගහලා දීලා, තෙල් ලීටර් 6,000කින් තෙල් ලීටර් 3,000ක්ම තමන්ගෙ සමුපකාරයෙ වැඩ කරන එවුන්ට ගහලා දෙන තැනට රට පත්වුණාම මේ රට ගොඩදාන්න බෑ. ඒක ඇහින් දැකපු සාක්ෂිකාරයෙක් විදියටයි මම මේ ලියන්නේ. බඩල්ගම සමුපකාරයෙ ෂෙඩ් එකට තෙල් ආවට පස්සේ ඒ තෙල්වලින් ලීටර් 3,000කට ආසන්න ප්‍රමාණයක් සමුපකාරයෙ වැඩකරන අයට ‘ස්ටාෆ්’ කියලා ගහලා දුන්නාම ඉතිරි ලීටර් 3,000 විතරයි සාමාන්‍ය මිනිස්සුන්ට බෙදිලා යන්නේ. ඉස්කෝලෙ ගුරුවරයා වෙනුවෙන්, ඉස්කෝලෙ ළමයා වෙනුවෙන් මේ විදියෙ වැඩපිළිවෙළක් හදන්න පුළුවන්ද? ළමයින්ට ඉස්කෝලෙ එන්න බැරි නම්, ගුරුවරුන්ට ඉස්කෝලෙ එන්න බැරි නම්, නිශ්චිත වැඩපිළිවෙළක් නිර්මාණය කරන්න ඕනෙ. පාසල් නිවාඩු දෙන්නෙ සතියද, දෙකද කියන එක නෙවෙයි ප්‍රශ්නෙ. ඉස්කෝල වහන එක නෙවෙයි ප්‍රශ්නෙ. ඉස්කෝල අරින එකයි ප්‍රශ්නෙ. ඉස්කෝල වහන්න වෙන වෙලාවට ඉස්කෝල වැහුවට ප්‍රශ්නයක් නෑ. ඉස්කෝල වහන්නෙ නැතුව වෙන කරන්න දෙයක් නැත්නම්, ඒකට කනගාටු වෙන එකවත් අඩුම තරමෙන් මේ ඇමැතිලා කරන්න ඕනෙ. කනගාටුවෙන් වුණත් ඉස්කෝල වහලා දාලා සති දෙකක් හරි, සති තුනක් හරි ඒ ගැන නිවැරැදි වැඩපිළිවෙළක් යෝජනා කරන්න. හොරොව්පොතානෙ ළමයට ඉස්කෝලෙ යන්නයි, ගම්පහ බණ්ඩාරනායකේ ළමයට ඉස්කෝලෙ නොයන්නයි, කොළඹ නගරයෙ ළමයට නිවැරැදි වැඩපිළිවෙළක් හදන්නයි, අනුරාධපුරේ ගමේ ළමයට නිවැරැදි වැඩපිළිවෙළක් ගැන හිතාගන්නවත් බැරි කරන්නයි… ඒකට කියන්නේ අධ්‍යාපනය නෙවෙයි. ඒකට කියන්නේ පංගුපේරුව. තමන්ට අවශ්‍ය එකාව ගොඩ දාලා අනවශ්‍ය එකාට කෙළවෙන්න අරින මේ රටේ දේශපාලකයො අධ්‍යාපනය බහුබූත කරලා ඉවරයි. දරුවො ඉගෙනගෙන නෑ. සාමාන්‍ය පෙළට ඉස්කෝලෙ ගිහිල්ලා නෑ. උසස් පෙළ කරලා නෑ. පන්ති ටික පවත්වාගෙන යන්න බෑ.

මේ සෙල්ලම කොයි මොහොතක හරි ඉවර වෙන්නේ රටේ අධ්‍යාපනය විනාශ වෙලා. මිල්ලර් මරාගෙන මැරුණු පළමුවැනි කොටියා. මිල්ලර්ට වැඩිපුර රිදෙන්නෙ නෙල්ලිඅඩි ඉස්කෝලෙ අහිමි වුණාට පස්සේ. මිල්ලර් මරාගෙන මැරෙන බෝම්බකාරයෙක් වෙලා පනින්නේ නෙල්ලිඅඩි ඉස්කෝලෙට ආපු හමුදා ට්‍රක් එකකට. තමිලිනී යුද්ධෙට යන්න හිටපු ගෑනියෙක් නෙවෙයි. තමිලිනී අධ්‍යාපනය වෙනුවෙන් බලාගෙන හිටපු ගෑනියෙක්. තමිලිනීම කියනවා මට වැඩිපුර රිදුණේ මගෙ විභාගෙ නොපවත්වනකොට. මට වැඩිපුර රිදුණේ මගෙ ඉස්කෝලෙ වහලා දානකොට. මට වැඩිපුර රිදුණේ මගෙ ඉස්කෝලෙ හමුදා කඳවුරක් වෙනකොට කියලා. තමිලිනී කොටි කණ්ඩායමේ නායිකාවක් වෙනවා. මරාගෙන මැරෙන මිනිස්සු බිහිවෙනවා.

අධ්‍යාපනය කියන්නේ මිනිස්සුන්ට අත්‍යාවශ්‍ය දෙයක්. කන්නෙ බොන්නෙ නැතුව මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන්. මිනිස්සුන්ට අධ්‍යාපනය දෙන්න. අධ්‍යාපනය දෙන්න වැඩපිළිවෙළක් හදන්න. වැඩපිළිවෙළ හදන්න ඇමැතිට බැරි නම්, වැඩපිළිවෙළ වෙනුවෙන් ඔය අධ්‍යාපන අමාත්‍යාංශයෙ ඉන්න එවුන්ට සැලසුමක් නැත්නම් ඒ අධ්‍යාපනය වෙනුවෙන් වෙන මිනිස්සු පත්කරන්න. බලධාරීන් නොවන, දේශපාලකයන් නොවන, මාධ්‍යවේදීන් ඇතුළු මිනිස්සු ටිකක් පත්කරන්න. අපි හදන්නම් අධ්‍යාපනය. අපි සැලසුමක් හදන්නම්. ඒ සැලසුම අපි ක්‍රියාත්මක කරමු. මේ රට හෙට භාරගන්න ඉන්න දරුවන්ගෙ ජීවිත අඳුරු කරන්න එපා. කාලකණ්ණි කරන්න එපා. මේ විදියටම අපේ වැඩිහිටියො අද අපේ ජීවිත කාලකණ්ණි කරලා ඉවරයි. මේ රටේ සත පහකට වැඩක් නැති ගස් බල්ලො ටිකක් පාර්ලිමේන්තු යවලා, බූරුවො ටිකක් රජ කරවලා, මේ අම්බරුවන් විසින් පාලනය කරන දේශයේ තවදුරටත් මීහරක් පරම්පරාවක් බිහිකරන්න එපා. අපි කන්න බොන්න නැති, නිවට ජාතියක්. එහෙම ජාතියක අධ්‍යාපනයත් එක්ක සෙල්ලම් කරන්න එපා. මේ සෙල්ලම ඉවර වෙන්නේ කවදා හරි දවසක රට විනාශ වෙලා කියලයි අපි අන්තිමට කියන්නේ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

නිල ඇඳුම දාගෙන තෙල් පෝලිම්වල ඉන්න මිනිස්සුන්ට චණ්ඩි පාට් දාන පොලිස් හමුදා නිලධාරීන්‌ට එරෙහිව සමගි නීති බලවේගය උසාවි යයි! (VIDEO)

Next Post

යුපුන් තත්පර 10ට අඩුවෙන් මීටර් 100 දුවමින් Sub 10 සාමාජිකයෙක් වෙයි! ආසියාවේම 10 දෙනයි! දකුණු ආසියාවෙන් පළමුවැනියා! ‘ලංකාවේ බලධාරීන්ගෙන් උදව් ඉල්ලල යවපු ලියුම් ඊ මේල් එකේ සෙන්ඩ් බොක්ස් එක පිරිලා. උදව් කරන්නම් කියලා ආව ඊමේල් එකක් නම් හොයාගන්නවත් නෑ!’ දිනලා කියපු දුක හිතෙන කතාව මෙන්න! (VIDEO)

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.