• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බයවෙන්න එපා! ලයිට් කපන්නේ නෑ! Sri Lanka Latest News

August 9, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
බයවෙන්න එපා! ලයිට් කපන්නේ නෑ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජය කිසිඳු අවස්ථාවක විදුලි කප්පාදුවකට සූදානම් නැති බවත්, ඒ පිළිබඳ ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නැති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

විදුලි උත්පාදනයට ජලය නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන කණ්ඩායම් අසත්‍ය මත සමාජගත කරමින් ජනතාව නොමඟ යැවීමේ උත්සාහයක නිරත වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඊට හසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

දිවයින පුර සියලු ප්‍රදේශවලට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට මෙන්ම සමනළ වැව ජලාශයෙන් ලබා දිය හැකි උපරිම ජල ප්‍රමාණය විදුලිය උත්පාදනය වෙනුවෙන් ලබාදීමට, කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ වගේම අද (08) අළුයම 3.00 සිට සමනළ වැව ජලාශයේ උපරිම ජළ ධාරිතාවයෙන් ජලය කියුබික් මීටර් මිලියන 3.5ක් නිකුත් කිරීමටත්, එම ජල ධාරිතාව භාවිත කරමින් විදුලි උත්පාදනය කිරීමටත් විදුලිබල මණ්ඩලය මේ වන විටත් කටයුතු කරමින් සිටින බව ද කිව යුතුයි.

මෙම මස 11 වනදා සිට 15 වනදා දක්වා කියුබික් මීටර් මිලියන 2.5ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයකට ජලය නිකුත් කරමින් විදුලිය උත්පාදනය කිරීමට දැනට සැලසුම් කර තිබෙනවා. නමුත් දැනට තිබෙන තත්ත්වය අනුව මෙම මස 16 වැනිදා වන විට පවතින ජල ධාරිතාව සැලකිල්ලට ගෙන සමනළ වැව ජලාශයේ විදුලි උත්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුවෙනවා.

මේ අතරතුර පොල්පිටිය සහ හම්බන්තොට සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියේ කටයුතු අවසන් කිරීමටත්, විශේෂයෙන්ම අවශ්‍යතාව අනුව විදුලිය මිලදී ගැනීම සඳහාත් කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.

සමනල වැව ජලාශය පාලනය වන්නේ විදුලිබල මණ්ඩලය යටතේයි. අනිකුත් සෑම ජලාශයකම විදුලිබල උත්පාදනයට අවශ්‍ය ජලය නිකුත් කිරීමේ වගකීම දරනු ලබන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ජල කළමනාකරණ කමිටුව මගින් බව කිවයුතුයි.

සමනල වැව ජලාශයේ ජල ධාරිතාව නිසි කළමනාකරණයකින් යුතුව විදුලිය උත්පාදන කටයුතු සඳහා යොදා ගන්නවා. විදුලි බල මණ්ඩලය සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන වැඩසටහන අනුව විදුලි උත්පාදනය කරනවා නම් සැප්තැම්බර් මස 15 වැනිදා දක්වා කිසිදු ගැටලුවකින් තොරව විදුලිය ලබාදීමට හැකියාව තිබෙනවා.

සමනළ වැව ජලාශයෙන් අතිරේක ජලය නිකුත් කිරීම නිසා දකුණු පළාතේ මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්කවලත්, ගාල්ල දිස්ත්‍රික්කයේ අර්ධ වශයෙන් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ අර්ධ වශයෙනුත් යම් කාල සීමාවකට යටත්ව විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවදානමක් මේ වන විට මතුව තිබෙනවා. ඒ නිසා අත්‍යවශ්‍ය විදුලිය මිලදී ගැනීමක් සිදු කිරීමට රජයට මේ අවස්ථාවේ සිදුව තිබෙනවා. සමනළ වැව ජලාශයේ ජල ධාරිතාව ප්‍රමාණවත් නොවන නිසා එම ප්‍රදේශවලට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට නම් මෙම මස 16 වැනිදා වන විට විදුලිය මිලදී ගැනීමට කටයුතු කළ යුතුව තිබෙනවා.

එක අර්බුදයක් තුළ තවත් අර්බුද කිහිපයක් නිර්මාණය කිරීම වෙනුවට, පළමු අර්බුදයට විසඳුමක් වශයෙන් ජලය නිකුත් කිරීමට සහ දෙවැනි, තෙවැනි, හතරවැනි අර්බුද ඇති නොවීමට අඛණ්ඩ විදුලිබල සැපයුමක් තහවුරු කිරීමටත් රජය තීරණය කර තිබෙනවා.

එනිසා පවතින ජල ධාරිතාව සැලකිල්ලට ගෙන සියලුම බලාගාර පද්ධති තුළින් විදුලිය සැපයීමට දැනටමත් කටයුතු කරමින් සිටිනවා. රජය කිසිදු අවස්ථාවක විදුලි කප්පාදුවකට අවශ්‍ය තීන්දු තීරණ ගෙන නැහැ. ජනතාව මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු ද නැහැ. විදුලි කප්පාදුවක් සිදුවන විට රටට සංචාරකයන් පැමිණෙන්නේ නැහැ. රටේ කර්මාන්තවලට බලපෑමක් සිදු වෙනවා.

ඇතැම් දේශපාලන කණ්ඩායම් මෙම අර්බුදය තුළින් යම් දේශපාලන වාසියක් ලබා ගැනීමට උත්සාහ දරමින් සිටිනවා. සමනල වැව ජලාශයේ ජලය නිකුත් කිරීම සම්බන්ධයෙනුත් ඇතැම් දේශපාලන කණ්ඩායම් හා සංවිධාන විවිධ මත සමාජගත කළා. එම කණ්ඩායම ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ වෛරයක් ඇති කිරීමේ උත්සාහයක නිරත වෙනවා. ඔවුන්ගේ එම උත්සාහය රජය ගත් තීන්දු තීරණ හේතුවෙන් ව්‍යර්ථ කිරීමට හැකි වූ බව කිව යුතුයි.

අඛණ්ඩ විදුලි බලයක් නොතිබීමේ අත්දැකීම අපි සියලු දෙනාම මීට වසරකට පෙර අත්වින්දා.
ජනතාව ඉන්ධන පොළිම්වල දුක් වින්දා. කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වුණා. එසේම රෝහල්වල මෙන්ම ජනතාවගේ දෛනික කටයුතුත් අඩාල වුණා.

ඈත අතීතයේ කුප්පි ලාම්පුවලින් සිය අවශ්‍යතා සපුරා ගත්තත්, මෑත කාලයේ කුප්පි ලාම්පුවලින් සියලු අවශ්‍යතා සපුරා ගන්න බැහැ. ඒ නිසා තමයි සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර, අඛණ්ඩ විදුලි සැපයුමක් වෙනුවෙන් වූ සැලසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ. අඛණ්ඩ විදුලි සැපයුම ලබාදීමට සමගාමීව කෘෂිකර්මාන්තයට අවශ්‍ය යම් ජල ප්‍රමාණයක් ලබාදීමටත් රජය තීරණය කර තිබෙනවා.

රටේ පවතින නියඟ තත්ත්වය සියලුදෙනා අවබෝධ කරගත යුතුයි. මෙම වසරේ බලාපොරොත්තු වූ වර්ෂාව ලැබුණේ නැහැ. ඉදිරි කාලයේත් ඒවැනි දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට සිදු විය හැකියි. ඉදිරි වසර දෙකක කාලය වෙනුවෙන් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සදහා අවශ්‍ය විදුලිය ඕනෑම අවස්ථාවකදී මිලදී ගැනීමටත්, ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ලබා ගැනීමටත් අප බලාපොරොත්තු වෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-08-08

SendShareShare
Previous Post

19 හැවිරිදි තරුණිය අරන් පැනලා ගිය 54 හැවිරිදි පෙම්වතාට ඥාතීන් පහරදී ඝාතනය කරලා! Sri Lanka Latest News

Next Post

ණය…! ණය…! ණය…! ආණ්ඩුවේ ණය සීමාව තවත් බිලියන 9000කින් වැඩි කරගනී! Sri Lanka Latest News

MORE NEWS

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

Load More
දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

වැසිකිළියකට මුල්ගල තැබීම ගැන කියපු අගමැතිනි. ''ප්‍රදේශයේ මන්ත්‍රීවරයකුට අවට පාසලක උත්සවයකට යන එක අපි තහනම් කරලා නෑ'' Sri Lanka Latest...

Read more
බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.