මේ දිනවල අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට සූදානමින් සිටින බව කියන රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා ආණ්ඩුවේම තවත් රාජ්‍ය අමාත්‍යවරයකු වන සනත් නිශාන්ත මහතා දුරකතන ඇමතුමක් ලබා දී තර්ජනාත්මකව බැන වදින ආකාරයේ හඩ පටයක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා වෙත නිකුත් වී ඇත.
මෙහිදී ලන්සා මහතාට ඇමතුමක් ලබා දී ඇති සනත් නිශාන්ත මහතා ශ්‍රීලනිපයේ නියෝජිතයන්ට මාර්ග සකස් කිරීමට ඉඩ ලබා දෙන්නේ නම් තමන් මාධ්‍ය සාකච්ජාවක් පවත්වා කුඩු වෙන්න ගසන බවට තර්ජනය කර ඇත.
ඒ කී ආකාරයටම අද දින මාධ්‍ය හමුවක් පැවැත්වූ සනත් නිශාන්ත මහතා ලන්සා අමාත්‍යවරයාට ප්‍රහාරයක් එල්ල කිරීමටද පියවර ගත්තේය.
සනත් නිශාන්ත ලන්සා මහතාට තර්ජනය කරමින් ලබා දී තිබූ ඇමතුමේ හඩ පටය මෙසේය.










